මහජන බැංකුවට අඛණ්ඩව පහළොස්වන වරටත් ජනාදර සම්මානය

ශ‍්‍රී‍්‍ර ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සහ ලොව ප‍්‍රකට සමීක්ෂණ ආයතනයක් වන නිල්සන් ආයතනය එක්ව සංවිධානය කළ ‘ස්ලිම් නිල්සන් ජනතා සම්මාන 2021’ උළෙලේදී ‘වසරේ වඩාත්ම ජනාදරයට ලක්වූ බැංකු සේවා සපයන්නා’ සම්මානය නොකඩවා පහළොස් වන වරටත් මහජන බැංකුවට හිමි වූ බව පවසයි.

කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පසුගියදා පැවති මෙම සම්මාන උළෙලට මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා ඇතුඵ ආයතනික හා විධායක කළමනාකාරිත්වයද සහභාගී විය.

අඛණ්ඩව 15 වන වරටත් මෙම සම්මානය ලබා ගැනීම තුළින් මිලියන දහ හතරකට අධික ගනුදෙනුකාර පිරිසකගේ මූල්‍ය අවශ්‍යතාවයන් සපුරාලීම උදෙසා මහජන බැංකුව සිය 741 ක් පමණ වන ශාඛා ජාලය තුළින් සිදුකරන සේවාව නැවත වරක් ඇගයීමට ලක්ව තිබේ.

Visits: 34