HNB ‘අවුරුදු ජයයි’ සමඟින් කාඩ්පත් හිමියන්ට විශේෂ වට්ටම් හා දීමනා රැසක්

හැටන් නැෂනල් බැංකුව ළඟ එන සිංහල හා හින්දු අලූත් අවුරුදු සමයේ ගනුදෙනු කරන සිය කාඩ්පත් හිමියන් සඳහා ‘HNB අවුරුදු ජයයි’ යන බැංකුවේ නවතම කාඩ්පත් දීමනා වැඩසටහන හඳුන්වා දී ඇතැයි පවසයි.

තම ගනුදෙනුකාරභවතුන්ගේ සිතැඟි වටහා ගනිමින් හොඳම දේ ලබා දීමට සැමවිටම කටයුතු කරන HNB මෙවරත් ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් සඳහා අවුරුදු වට්ටම් හා දීමනා ලබා දීම සඳහා දිවයිනේ වඩාත් ජනප‍්‍රිය දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳ නාම විශාල සංඛ්‍යාවක් සමඟ අත්වැල් බැඳගෙන ඇත. සෞභාග්‍ය යන තේමාව අනුව යමින් විලාසිතා, හෝටල්, අවන්හල්, සුපිරි වෙළෙඳ සැල්, online වෙබ්අඩවි, සෞඛ්‍ය, අධ්‍යාපන, ස්වර්ණාභරණ සහ වාහන නඩත්තු කටයුතු යන අංශවලට අයත් වෙළෙඳසැල් ගණනාවක් මෙම කාඩ්පත් වට්ටම්වලට ඇතුලත් වේ.

අවුරුදු සමය වෙනුවෙන් හඳුන්වා දෙන ලද බැංකුවේ නවතම කාඩ්පත් දීමනා පිළිබඳ අදහස් දක්වන HNB කාඩ්පත් අංශ ප‍්‍රධානී ගෞතමී නිරංජන් මහත්මිය ‘‘අන් වසරවලට වඩා අභියෝගාත්මක වසරක් පසුකරමින් අප නැවතත් යථා තත්වයට පත් වෙමින් සිටිනවා. පාරිභෝගික බැංකුකරණයේ ජාතියේ ප‍්‍රමුඛයා ලෙස මෙම නිවාඩු සමයේදී අපගේ ගනුදෙනුකාරභවතුන්ට ඔවුන්ගේ සිතැඟි පරිදි අවුරුදු සැමරීමට අසමසම වටිනාකමක් කාඩ්පත් තුළින් ලබා දීමට අප කැපවී සිටිනවා.’’ යනුවෙන් පැවසුවාය.

සිය බුද්ධිමත් ගනුදෙනුකාරභවතුන්ගේ ඉල්ලීම්වලට ප‍්‍රතිචාරයක් ලෙස මෙවර උත්සව සමයේදී ඔවුන්ට සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් දිවයින පුරා පිහිටි ප‍්‍රමුඛතම විලසිතා වෙළෙඳ නාම සඳහා 25%ක් දක්වා වූ වට්ටම් සමඟ ඉහළ පෙළේ හෝටල්වල නවාතැන් පහසුකම් සඳහා 70%ක් දක්වා සුවිශේෂී වට්ටම් ලබා දීමට HNB කටයුතු කර ඇත.

මීට අමතරව පාරිභෝගිකයින්ගේ නුතන ප‍්‍රවණතා අනුව යමින් HNB කාඩ්පත් හිමියන්ට Abans හා buyabans.com වෙතින් මිලදී ගනු ලබන iPhones, iPads හා Apple watches ඇතුළු Apple නිෂ්පාදන සඳහා මාස 48ක් දක්වා පොළී රහිතව පහසුවෙන් නැවත ගෙවීමේ වාරික සැලසුමක් සමඟ විශේෂ වට්ටම් මෙම දීමනා තුළින් ලබා දෙනු ඇත. තවද මෙම උත්සව සමයේදී කාඩ්පත් හිමියන්ට ඔවුන්ගේ ආදරණීයයන් සමඟින් විවිධාකාරයේ අවන්හල් රැසකින් ප‍්‍රනීත ආහාරපාන භුක්ති විඳීමට 30%ක් දක්වා වට්ටම් හිමිකර ගත හැකිය.

ඉහත සඳහන් කළ වට්ටම්වලට අමතරව ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත්හිමියන්ට උත්සව සතිය පුරාවට ඔවුන්ගේ එදිනෙදා සාප්පු සවාරි කටයුතු කරගෙන යාමට මෙරට ප‍්‍රමුඛ පෙළේ Keells, Arpico, Softlogic Glomark සහ Cargills වැනි සුපිරි වෙළෙඳසැල් වෙතින් 25%ක් දක්වා අදහාගත නොහැකි ආකාරයේ දීමනා ලබා දීමට HNB කටයුතු කර ඇත.

 ‘‘මේ සියල්ලටම වඩා සිංහල හා හින්දු අලූත් අවුරුද්ද යනු සොබාදහමට, සාම්ප‍්‍රදායන්ට හා එකිනෙකාට කෘතඥතාව පළ කිරීමේ එක් අවස්ථාවක්. එයට අප ගරු කරන අතරම අපගේ මෙම ‘අවුරුදු ජයයි’ දීමනා වැඩසටහනින් ලබා දෙන විශේෂ වට්ටම් හා පොළි රහිත වාරික සැලසුම් සමඟ අපගේ ගනුදෙනුකාරභවතුන්ව අගය කිරීමට ද අප කැමතියි.’’ යනුවෙන් ගෞතමී මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

කාඩ්පත් හිමියන්ගේ පහසුව සහ තෘප්තිය තවත් වැඩිකරමින් HNB විසින් ලබා දෙන මෙම ආකර්ෂණීය වට්ටම් වලට අමතරව 2021 අපේ‍්‍රල් 30 වනදා දක්වා ඕනෑම ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනුවක් සඳහා මාස 12 ක් දක්වා පොළී රහිත වාරික සැලසුම් ද බැංකුව ලබා දෙයි.

වර්තමානයේදී වීසා ගෝල්ඞ් (Visa Gold), ප්ලැටිනම් (Platinum), සිග්නේචර් (Signature), හා ඉන්ෆිනිටි (Infinite) වලට අමතරව මාස්ටර්කාඩ් ගෝල්ඞ් (MasterCard Gold), ප්ලැටිනම් (Platinum) සහ වර්ල්ඞ් (World) ආදි කාඩ්පත් රැසක් HNB, ගනුදෙනුකාරභවතුන් සඳහා නිකුත් කර තිබේ. ඒ සෑම කාඩ්පත් හිමියෙකුටම බැංකුවේ අනෙකුත් ආකර්ෂණීය විශේෂාංග රැසක් භුක්ති විඳීමේ පහසුකම් සැලසෙන අතර ඔවුන්ට කිසිඳු ආරම්භක ගාස්තුවක් අය නොකරයි.

Visits: 35