සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට සෙලින්කෝ හෙල්ත්කෙයාර් වෙතින් 50% ක් දක්වා වට්ටම්

සෙලින්කෝ ලයිෆ් සමාගමේ ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස් ලිමිටඞ් (CHSL) සමාගමට අයත් කොළඹ පිහිටි අති නවීන පිළිකා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන දෙක තුළින් විකිරණ ප‍්‍රතිකාර ලබාගැනීමේදී 50% ක් දක්වා වට්ටමක් ලබාදෙන බව සමාගම නිවේදනය කර ඇත.

මේ අනුව, වසර තුනකට වඩා වැඩි කාලයක් සිය ජීවිත රක්ෂණ ඔප්පු සක‍්‍රීයව පවත්වාගෙන යන සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන් 50% ක වට්ටම ලබාගැනීමට සුදුසුකම් ලබන බවත් අනිකුත් රක්ෂණ ඔප්පුහිමියන් 25% ක වට්ටමක් ලබාගැනීමට සුදුසුකම් ලබන බවත් සමාගම සඳහන් කරයි.  

Varian Clinac® iX ලීනියර් ඇක්සලරේටර් යන්ත‍්‍රය මගින් හෝ AccurayTomoHD™ ටොමෝතෙරපි විකිරණ ප‍්‍රතිකාර ලබාගැනීමේදී මෙම වට්ටම් ලබාගනිමින් රුපියල් 400,000 ක් දක්වා මුදලක් ඉතිරිකර ගැනීමේ අවස්ථාව තම රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන බව සෙලින්කෝ ලයිෆ් පවසයි. පිළිකා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන කොළඹ 02, පාර්ක් වීදියේ පිහිටා තිබේ.

මීට අමතරව, සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස් ලිමිටඞ් වෙතින් මෙම වට්ටම් ලබාගැනීමට සෙලින්කෝ ලයිෆ් සමාගමේ ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයින්ද සුදුසුකම් ලබන බව සමාගම සඳහන් කරයි. මේ අනුව, ආසන්නතම පවුලේ සාමාජිකයින් ලෙස සලකන්නේ විවාහක රක්ෂණ ඔප්පුහිමියෙකුගේ බිරිඳ, සැමියා සහ දරුවන් හෝ අවිවාහක රක්ෂණ ඔප්පුහිමියෙකුගේ දෙමව්පියන් වේ. 

‘මෙම වට්ටම් මගින් අමතර පිරිවැයකින් තොරව අපගේ ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට සැලකිය යුතු අමතර ප‍්‍රතිලාභයක් ලබාදෙනවා. මේ තුළින් විදහා දක්වන්නේ රක්ෂණ ඔප්පුහිමියන්ගේ සුවපහසු දිවිපෙවෙත පවත්වාගෙන යාමට සමාගම දක්වන කැපවීමයි,’  යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස් ලිමිටඞ් සමාගමේ අධ්‍යක්ෂ සහ සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, තුෂාර රණසිංහ මහතා පැවසීය. ‘අපගේ රක්ෂණ ඔප්පුහිමියන්ගේ අනාගතය සුරක්ෂිත කරන තවත් ආකාරයක් මෙමගින් ප‍්‍රදර්ශනය කර තිබෙනවා. සමාගම පිළිකා ප‍්‍රතිකාර ලබාදෙන අතිනවීන තාක්ෂණික උපකරණ ලබාගැනීම සඳහා විශාල වශයෙන් ආයෝජනය කර තිබෙනවා. සාමාන්‍ය මහජනතාවට ලබාදෙන ප‍්‍රතිකාර විකල්ප ඉහළ දමන අතරම මෙම ආයෝජනයේ ප‍්‍රතිලාභ අපගේ පාරිභෝගිකයින්ට ලබාදීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා.’

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සෙලින්කෝ ලයිෆ් සමාගම පූර්ණ අනුබද්ධ සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස් ලිමිටඞ් විසින් මෙරට වඩාත්ම පළපුරුදු සහ දැරිය හැකි මිලකට පිළිකා ප‍්‍රතිකාර ලබාදෙන පුද්ගලික ප‍්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන යයි. පසුගිය දශකය තුළදී මෙම මධ්‍යස්ථාන මගින් රෝගීන් 7000 කට වැඩි සංඛ්‍යාවකට සාර්ථක ලෙස විකිරණ ප‍්‍රතිකාර ලබාදී තිබේ.

Visits: 46