ආසිරි රෝහල් ශත 60 සහ ශත 80 බැගින් ලාභාංශ ගෙවනවාලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රෝහල් දෙකක් වන ආසිරි සර්ජිකල් හොස්පිටල් පීඑල්සී (AMSL.N0000) සහ ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී (ASIR.N0000) යන සමාගම් සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

පසුගියදා පැවැත් වුණු එම සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල හමුවලදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අතරින් ආසිරි සර්ජිකල් හොස්පිටල් පීඑල්සී සමාගම දැනට නිකුත් කර ඇති කොටසක් සඳහා ශත 60 බැගින් ලාභාංශ ගෙවීමට තීරණය කර ඇත. 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂයේ දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස මෙය හැඳින්වෙයි.

මෙහිදී ආසිරි සර්ජිකල් හොස්පිටල් පීඑල්සීහි ලාභාංශ ගෙවන දිනය ලෙස 2021 අප්‍රේල් 16 වැනිදා නම් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස 2021 මාර්තු 26 සඳහන් කර ඇත. එසේම මෙම ලාභාංශ ගෙවීම සඳහා එහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සඳහන් වෙයි.

එසේම ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මෙහිදී දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම ශත 80 බැගින් ලාභාංශ ගෙවීමට තීරණය කර තිබේ. මෙහිදී 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා වන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස මෙය ප්‍රකාශයට පත් කෙරී ඇත.

මෙම ලාභාංශ ගෙවීම සිදුකරන දිනය ලෙස අප්‍රේල් 16 වැනිදා නම් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස 2021 මාර්තු 26 වැනිදා සඳහන් කෙරී ඇත.

ආසිරි සර්ජිකල් හොස්පිටල් පීඑල්සී සහ ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහ ව්‍යාපාරයේ පූර්ණ පරිපාලිත සමාගම් දෙකකි.

අද කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී ආසිරි සර්ජිකල් හොස්පිටල් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 14.00 ක් ලෙස සටහන් විය. එය පෙර දිනයේදී සටහන්ව තිබූ කොටසක වටිනාකම හා සාපේක්ෂව අගය වෙනස් නොවී තිබේ.

එසේම අද කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 23.30ක් ලෙස සටහන්ව ඇති අතර එය පෙර දිනයේ එහි කොටසක වටිනාකම වූ රුපියල් 23.60 ට සාපේක්ෂව ශත 30ක එනම් -1.27%ක වටිනාකම් පහත වැටීමකි.

Visits: 163