ComBank Q+ භාවිතා කරන්නන්ට House of Fashion හිදී විශාල මුදල් වට්ටම්

මෙරට දැවැන්ත සාප්පු සංකීර්ණයක සිදු කළ පළමු QR කේතය පදනම් කරගත් ප‍්‍රවර්ධන වැඩසටහන  ලෙස කොමර්ෂල් බැංකුව විසින් House of Fashion විලාසිතාගාරයේදී පසුගියදා සිදුකළ අතර, දින දෙකක් තුළ ComBank Q+ ගෙවීමේ ඇප් පහසුකම භාවිතා කළ පාරිභෝගිකයින් විසින් රුපියල් මිලියන 05 කට ආසන්න මුදලක් වියදම් කළ අතර ඔවුනට 25% ක් මෙහිදී නැවතත් ලබාදෙන ලද බව පවසයි.

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ තමන් මිලදීගන්නා භාණ්ඩ වලට විලාසිතාගාරයේ කවුන්ටර්වල ප‍්‍රදර්ශනය කර තිබෙන QR කේතයන් ComBank Q+ ඇප් පහසුකම භාවිතා කර ස්කෑන් කිරීම මගින් ගෙවීමට පාරිභෝගිකයින්ට ආරාධනා කළ අතර දිනකට රුපියල් 2000 ක් දක්වා මුදල් ආපසු ලබාගැනීමේ අවස්ථාව මෙහිදී එක් එක් පාරිභෝගිකයින්ට බැංකුව විසින් ලබා දෙන ලදී.

මීට අමතරව, බැංකුව සඳහන් කරන්නේ දින දෙකක මෙම ප‍්‍රවර්ධන කාලය තුළදී ComBank Q+ ගෙවීමේ ඇප් පහසුකම 2000 කට වඩා වැඩි ප‍්‍රමාණයක් ඩවුන්ලෝඞ් කරගෙන තිබෙන බවයි. කාඞ්පත් හිමියන්ට සහ වෙළෙඳුන්ට කරදරයකින් තොරව මුදල් ගෙවීමටත් මුදල් ලබාගැනීමටත් ComBank Q+ ගෙවීමේ ඇප් සේවාව හොඳ විකල්පයක් බව බැංකුව සඳහන් කරයි.

විශේෂයෙන්ම කොවිඞ්-19 වසංගත තත්ත්වයකට රට මුහුණ දෙන අවස්ථාවේදී ආරක්ෂාකාරීව සහ මුදල් ස්පර්ශ කිරීමකින් තොරව ගනුදෙනු කිරීමට මෙමගින් අවස්ථාව සලසන බවද බැංකුව පවසයි.   ComBank Q+ LANKAQR පද්ධතිය භාවිතා කරමින් හඳුන්වාදුන් පළමු QR පදනම් කරගත් ගෙවීමේ ඇප් සේවාව වන අතර මෙම පද්ධතිය සමග එක්වූ පළමු ඇඟලූම් අලෙවි කරන ආයතනය වන්නේ House of Fashion ආයතනයයි.

Visits: 56