මහජන බැංකු පොළොන්නරුව නගර ශාඛාව පොළොන්නරුව සිටි සෙන්ටර් වෙත

මහජන බැංකුවේ පොළොන්නරුව නගර ශාඛාව පොළොන්නරුව සිටි සෙන්ටර්හි (PCC) විවෘත කිරීම පසුගියදා මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරී තිබේ.

පොළොන්නරුව ප‍්‍රදේශයේ ජනතාවට ඩිජිටල් බැංකුකරණයේ අසීමිත ප‍්‍රතිලාභ ලබාදීමේ අරමුණින් නව මුහුණුවරකින් විවෘත කෙරුණු ශාඛාවෙන් සුවිශේෂි මූල්‍ය සේවාවන් රැසක් පිරිනැමෙන බව බැංකුව පවසයි. එමෙන්ම මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකය තුළින් මුදල් ආපසු ගැනීමේ, මුදල් තැන්පත් කිරිමේ හා බිල්පත් ගෙවීමේ පහසුකම් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විඳිය හැකිය.

මෙම අවස්ථාවට පොළොන්නරුව මහ නගර සභාවේ සභාපති චානක සිදත් රණසිංහ, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) මහින්ද පේ‍්‍රමනාත්, වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (බැංකු සහය සේවා) ලලිත් විතාන, සහකාර සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) ටී.එම්.ඩබ්ලිව් චන්ද්‍රකුමාර, අලෙවි ප‍්‍රධානි නාලක විජේවර්ධන යන මහත්වරුන්, පොළොන්නරුව ප‍්‍රාදේශිය කළමනාකාරිනි ඉදුමිණි රත්නායක මහත්මිය, සහකාර ප‍්‍රාදේශිය කළමනාකාර එච්.ජී.එන් ආරෝහණ, පොළොන්නරුව නගර ශාඛා කළමනාකාර ප‍්‍රභාත් රණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුඵ බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් විශාල පිරිසක් සහභාගී වී තිබේ.

Visits: 55