EFL ග්ලෝබල් සමාගම SEVILLE මිලදී ගත්තේ ඩො. මිලියන 2.2කටලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන එක්සත් ජනපදයේ පිහිටි EFL Global LLC – USA සමාගම මගින් එරට Seville සමාගම මිලදී ගෙන ඇත්තේ ඩොලර් මිලියන 2.2 කට බව අනාවරණය කරයි.

මෙම අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව දැනුවත් කරමින් එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මේ කරුණු අනාවරණය කර සිටියි. පසුගිය මාර්තු 01 වැනිදා මෙම අත්පත් කරගැනීම සිදුව තිබේ.

මෙහිදී EFL Global මගින් Seville Container Frieght Station Inc., Seville Freight Systems Inc. සහ Seville Transfer Ltd යන සමාගම්හි 100% හිමිකාරීත්වයක් අත්පත් කරගැනීම සිදුව තිබේ.

“2021 මාර්තු 01 වැනිදා වු මෙම මිලදී ගැනීමේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 2.2 කට මෙම ගනුදෙනුව සිදු කෙරුණා.” එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී මෙහිදී වැඩිදුරටත් පවසයි.

සමාගම සඳහන් කරන ආකාරයට මෙම Seville සමාගම එක්සත් ජනපදයේ ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි පිහිටා ඇති වඩාත් උපායමාර්ගික වැදගත්කමක් සහිත බදු සහ ගාස්තුවලින් නිදහස් බහාලුම් මෙහෙයුම් පරිශ්‍රයක් (Bonded Container Freight Station) මෙන්ම බදු සහ ගාස්තුවලින් නිදහස් ට්‍රක් රථ ප්‍රවාහන සමාගමක් (Bonded Trucking company) ලෙසද පිළිගැනීමට ලක්ව තිබේ.

Visits: 753