සොෆ්ට්ලොජික් ලයිෆ් කොටසකට රුපියල් 2.50ක ලාභාංශ ගෙවනවාලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රක්ෂණ සමාගමක් වන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැත් වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම මගින් නිකුත් කර ඇති සෑම කොටසක් සඳහාම රුපියල් 2.50 ක් බැගින් මෙලෙස ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කර සිටියි.

2019/2020 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන මෙම ලාභාංශ පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද සටහන්ව ඇත.

මෙහිදී ලාභාංශ ගෙවීම සිදු කරන දිනයක් මෙතෙක් ප්‍රකාශ කර නොමැති අතර, ලාභාංශ ගෙවීම සඳහා කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නොමැති බවත් සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම සඳහන් කර සිටියි.

කෙසේ වෙතත් සමාගමේ මෙම ලාභාංශ ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂමේ අනුමැතිය හිමිවිය යුතු බව සමාගම වැඩිදුරටත් දන්වා සිටියි.

කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු වුණු ඊයේ දිනය නිමාවේදී සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 31.90ක් විය. එය පෙර දිනයේදී එහි කොටසක වටිනාකම වූ රුපියල් 30ට සාපේක්ෂව රුපියල් 1.90ක එනම් 6.33%ක ඉහළ යාමකි.

Visits: 518