එක්ස්පෝ ලංකා හි EFL ඇමෙරිකාවේ Seville CFS මිලදී ගෙන

ශ්‍රී ලංකාව මූලස්ථානය කරගත් ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන සේවා සමාගමක් වන එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සමාගමෙහි ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශය වන EFL (Expolanka Freight (Pvt) Ltd) සමාගම, ඇමෙරිකා එක්සත් ජනපදය තුළ භාණ්ඩ ප්‍රවාහනයේ නිරත සමාගම් වන Seville CFS, Seville Trans‍fer & Seville Transport යන සමාගම් අත්පත් කරගෙන ඇතැයි පවසයි.

ඒ අනුව මෙම අත්පත් කර ගැනීම එක්සත් ජනපදය තුළ Expolanka Freight (Pvt) Ltd හි මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීම සඳහා ගත් පියවරක් බවද සමාගම සඳහන් කර සිටියි.

මෙම අත්පත් කර ගැනීම එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර, ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ සිය සමාගම පවත්වාගෙන යන ගුදම්, ගබඩා සහ ප්‍රවාහන හැකියාවන් වෙත තවත් අමතර එකතු කිරීමක් වන බවත් EFL සමාගම පවසා සිටියි.

ඒ අනුව සිය අලුත්ම ගබඩා පරිශ්‍රය සහ ප්‍රවාහන ඇණිය සමගින් කටයුතු කිරීමට සතුටින් සූදානමින් සිටින බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 1028