HNB සමූහය 2020දී රුපියල් බිලියන 13.7ක බදුපසු ලාභයක් වාර්තා කරයි

HNB සමූහය 2020 වසරේ පැවති පෙර නොවූ විරූ තත්වයන් හා අභියෝග මධ්‍යයේ රුපියල් බිලියන 13.7ක බදුපසු ලාභයක් හා හැටන් නැෂනල් බැංකුව රුපියල් බිලියන 11.5ක බදුපසු ලාභයක් වාර්තා කරමින් ක්ෂේත‍්‍රයේ තිරසාර ව්‍යාපාර කාර්යසාධනයක් කෙරෙහි වන සිය විශිෂ්ටත්වය පෙන්නුම් කර ඇතැයි පවසයි.

මෙම කාර්යසාධනය පිළිබඳ අදහස් දක්වන HNB හි සභාපති දිනේශ් වීරක්කොඩි මහතා ‘‘කොවිඞ්-19 වසංගතය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සෑම ක්ෂේත‍්‍රයකම අවිනිශ්චිතතාව හා අවදානම එක හා සමානව ඉහළ නංවමින් සමාජ හා ආර්ථිකමය පසුබිම නොසිතූ විරූ ලෙස පරිවර්තනයකට ලක් කිරීම නිසා 2020 වසර යනු අන් වසරවල මෙන් නොව මෑතකාලයේ දක්නට නොලැබුණු ආකාරයේ වසරක්. අපගේ ප‍්‍රජාව සුරක්ෂිතව තබා ගැනීමට හා ඔවුන්ව සවිබල ගැන්වීමේ වගකීම සමඟින් නව තාක්ෂණය හා නව සාමාන්‍ය තත්වයට ඉක්මනින් හැඩගැසීමට අපට ඇති හැකියාව අප සනාථ කර තිබෙනවා.’’ යනුවෙන් සඳහන් කර සිටියි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා ‘‘කොවිඩ්-19 වසංගතය ආරම්භ වීමට පෙර පවා එනම් 2019 වසරේ පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර මාලාව හේතුවෙන් අපගේ ආර්ථිකය දැඩි බලපෑමකට ලක් වුනා. කොවිඞ්-19 වසංගතයේ ආරම්භයත් සමඟ පුද්ගල, ආයතනික හා ජාතික මට්ටමින් මුදල් ගලා ඒම නිසි පරිදි සිදු නොවීම නිසා අපගේ ආර්ථික අර්බුද උග‍්‍ර වූ අතර එමගින් වෙනස් පරිවර්තනයකට මගපාදමින් අභියෝගාත්මක හැකියාවන්ගෙන් යුතු නව යුගයකට අපව යොමු කරනු ලැබුවා.” යනුවෙන් පවසා සිටියි.  

එසේම, “HNB න්‍යාය පත‍්‍රය අප නැවත සකස් කර ඇති අතර එය අඛණ්ඩව ඉදිරියට ක‍්‍රියාත්මක කරනවා. එමෙන්ම මෙම නව වේගය හා කඩිසර බව අපගේ වැඩකටයුතුවලට ඇතුලත් කරමින් හා අපගේ මෙහෙයුම් කටයුතුවලදී එවැනි හොඳ ක‍්‍රමෝපායන් පවත්වා ගෙන යාමට සහතික වෙමින් ඒවාට ප‍්‍රතිචාර දැක්වීමට හොඳම ක‍්‍රම හඳුනා ගැනීමට කටයුතු කරනවා. අන්කවරදාටත් වඩා අපගේ ප‍්‍රජාවන්ගේ ජීවනෝපායන් යථා තත්වයට පත් කිරීමට හා සහාය දැක්වීම සඳහා මෙරට ප‍්‍රමුඛතම බැංකුවක් ලෙස අපට වැදගත් කාර්යභාරයක් පැවරී තිබෙනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා ‘‘කොවිඞ්-19 වසංගතයෙන් පසු අපගේ සියලූම පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා සුරක්ෂිත කිරීම සඳහා අවිනිශ්චිතතාවන් හා අවදානම් ඵලදායී ලෙස මගහැරීම සහතික කිරීමට අපගේ මූලික අවධානය නැවත ඒ වෙත යොමු කරනු ලැබුවා. ඒ අනුව සෞඛ්‍ය හා ආරක්ෂාව, ව්‍යාපාරයේ තිරසාරභාවය සහ අවශ්‍යතා ඇති ගනුදෙනුකාරභවතුන්ට සහාය වීම ආදිය ඒ අතරින් ප‍්‍රධාන තැනක් ගනු ලැබුවා.’’ යනුවෙන් පවසයි.

‘‘රට පුරා අඟුළු දැමීමේ තත්වයන් තිබියදීත් අපගේ 4800කට වැඩි සාමාජිකයින්ගෙන් යුතු කැපවූ කණ්ඩායම එකට එක් වී අත්‍යාවශ්‍ය මූල්‍ය සහන හා බැංකු අවශ්‍යතා සපුරාලීමට කටයුතු කළා. පළමු අදියර යටතේ අපගේ ණය කළඹෙන් ආසන්න වශයෙන් 40%ක් පමණ ආවරණය වන පරිදි ගනුදෙනුකාර භවතුන්ට අප ණය පමා සහන ලබා දීමට හැකි වුණා. කොවිඞ්-19 වසංගතයේ දෙවන රැල්ලේදී අගුළු දැමීම් ප‍්‍රදේශ කිහිපයකට සීමා වීම හා බොහෝ කර්මාන්ත සිය මෙහෙයුම් නැවත ආරම්භ කිරීමත් සමඟින් දෙවන අදියර යටතේ ණය කළඹෙන් ලබා දෙන ලද ණය පමා සහන ආසන්න වශයෙන් 15%ක් දක්වා අඩු කළ අතර එය ආර්ථිකයට සුභවාදී සලකුණක් ලෙස පෙන්වා දිය හැකියි.

එමෙන්ම අප ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘සෞභාග්‍යා කොවිඞ්-19 පුනරුද ණය සහන’ ණය යෝජනා ක‍්‍රමය යටතේ කොවිඞ්-19 වසංගතයෙන් දැඩි බලපෑමකට ලක් වූ අංශ වෙත වාර්ෂික සහන පොළී අනුපාතයකට රුපියල් බිලියන 24කට වැඩි කාරක ප‍්‍රාග්ධන ණය පහසුකම් ලබා දුන් අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ආධාර හා සහාය ලබා දීම සඳහා HNB හට අයත් රුපියල් බිලියන 5ක කොවිඞ් සහන අභ්‍යන්තර අරමුදලක් ද පිහිටවනු ලැබුවා. තවද කොවිඞ්-19 වසංගතයෙන් දැඩි බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන් 200 දෙනෙකු අතර රුපියල් මිලියන 20ක ප‍්‍රදානයක් ද බෙදා දීමට කටයුතු කළා.

මෙම මූල්‍ය සහනවලට අමතරව අපගේ ශාඛා ජාලය සහ SOLO, MOMO, IPG සහ Appigo වැනි ඩිජිටල් සේවා හා ගෙවීමේ විසඳුම් හරහා අපගේ ගනුදෙනුකාරභවතුන්ට කිසිඳු බාධාවකින් තොරව ගනුදෙනු කිරීමේ පහසුකම් ද අප සලසා දෙනු ලැබුවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

2020 වර්ෂය තුළ ආර්ථික වර්ධනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ලිහිල් මුදල් ප‍්‍රතිපත්ති ස්ථාවරයක් අනුගමනය කිරීම හේතුවෙන් පදනම් ලක්ෂ 400කින් AWPLR අගය තියුණු ලෙස පහත වැටුණි. කෙසේවෙතත් පවතින අවිනිශ්චිත වාතාවරණය හේතුවෙන් ණය සඳහා වූ ඉල්ලූම අපේක්ෂිත පරිදි ඉහළ නොයෑමේ ප‍්‍රතිඵලයක් ලෙස බැංකුවේ පොළී ආදායම 2019 ට සාපේක්ෂව 10%කින් අඩු වී රුපියල් බිලියන 103.9ක් බවට පත් විය.

2020 වර්ෂය තුළ ජංගම ගිණුම් සහ ඉතුරුම් ගිණුම් (CASA) තැන්පතුවල ආසන්න වශයෙන් රුපියල් බිලියන 99ක කැපී පෙනෙන වර්ධනය අඩූ පොළී අනුපාත සමඟ එක්වීමෙන් පොළී පිරිවැය මත වූ පීඩනය යම් ප‍්‍ර‍්‍රමාණයකට ලිහිල් විය.

විශේෂයෙන්ම කොවිඞ්-19 පළමු රැල්ලේදී ආනයන සීමා කිරීම්, අපනයන වෙළෙඳපොලේ ඉල්ලූම පහත වැටීම හා කාඞ්පත් වියදම් අඩු වීම නිසා 2019 වර්ෂයට සාපේක්ෂව බැංකුවේ ශුද්ධ පොළී ආදායම 9%කින් අඩු වී රුපියල් බිලියන 44.7ක් ක් විය. තවද ආර්ථික ක‍්‍රියාකාරකම් මන්දගාමී වීම මෙන්ම 2020 සැප්තැම්බර් දක්වා ඇතැම් ගාස්තු අය නොකිරීමට CBSL විසින් පනවා තිබූ නියෝග ද මෙම අංශයේ ආදායම අඩුවීමට බලපාන ලදී.

මේ අතර, 2019 වර්ෂයේ ශුද්ධ වෙළෙඳ ඉපැයීම් හා සන්සන්ඳනය කිරීමේදී 2020 වර්ෂය තුළ විනිමය අනුපාත චලනයන් සමඟ හුවමාරු වියදම් හා ප‍්‍රමාණය අඩු වීම රුපියල් බිලියන 2.2ක වර්ධනයක් පෙන්නුම් කරයි. 2020 අවසන් කාර්තුව තුළ රජයේ සුරැකුම්පත් විකිණීම හරහා රුපියල් බිලියන 1.1ක ප‍්‍රාග්ධන ඉපැයීමක් වාර්තා කිරීමට ද බැංකුව සමත් විය.

Visits: 242