මහජන බැංකුව සිය ඉතිහාසයේ ඉහළම ශේෂපත්‍ර වර්ධනය වාර්තා කරයි

මහජන බැංකුව 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වන මූල්‍ය වාර්තාවන් ප‍්‍රකාශයට පත් කරමින් ඒකාබද්ධ ශුද්ධ ණය වර්ධනය රු. බිලියන 315.7 ක් ලෙස වාර්තා කරයි.

මෙය 2019 වසරට සාපේක්ෂව 21.6% වර්ධනයක් නිරූපණය කරන අතර, එම අගය මෙම කාලය තුළ සමස්ත බැංකු ක්ෂේත‍්‍රය විසින් ප‍්‍ර‍්‍රදානය කරන ලද ශුද්ධ ණයවලින් තුනෙන් එකක් පමණ වේ.

ණයවලින් තුනෙන් දෙකකට ආසන්න ප‍්‍රමාණයක් රජයට සහ රාජ්‍ය ව්‍යවසායයන්ට හිමි විය. 2019 අවසන් වන විට එහි ඒකාබද්ධ වත්කම් රුපියල් බිලියන 2,049.8 සිට 17.1% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 2,400.6 ක් කරා ළඟා වූ අතර එහි මුළු තැන්පතු 21.8% කින් වර්ධනය වී රු. බිලියන 1,588.9 සිට රු. බිලියන 1,935.2 දක්වා ළඟා විය.

මෙම අගයයන් සියල්ල මහජන බැංකුව විසින් මෙතෙක් වාර්තා කළ ඉහළම අගයයන් වේ. තැන්පතු වර්ධනයෙන් 53.8% ක් ජංගම හා ඉතිරිකිරීමේ ගිණුම් වලින් වාර්තා වී ඇත. මෙමඟින් පෙන්නුම් කරන්නේ ආයතනික සන්නාම ශක්තිය සහ බැංකුව කෙරෙහි තැන්පත්කරුවන්ගේ ඇති විශ්වාසයයි.

කොවිඞ් 19 ආපදා තත්වය තුළ පසුබෑමට ලක්වූ තම ගනුදෙනුකරුවන් 460,000 කට සහ ව්‍යාපාර 21,000 කට වැඩි ප‍්‍රමාණයක් සඳහා මහජන බැංකු සමූහය සහන ලබා දී ඇත. මෙය ලංකාවේ මූල්‍ය සේවා සමූහයක් විසින් සිදු කළ දැවැන්තම සහන ලබා දීමයි.

කුඩා ව්‍යාපාරවලට අමතරව සහන ප‍්‍රතිලාභීන් අතරට ත‍්‍රිරෝද රථ හිමියන් 10,500 ක් සහ මගී ප‍්‍රවාහන සේවා සපයන්නන් 7,500 ක් ද ඇතුළත් ය. මීට අමතරව, සමූහයේ ඉහළ සහන පොලී අනුපාත යටතේ විවිධ ණය යෝජනා ක‍්‍රම හඳුන්වා දීම ද සිදු විය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟාසිටුවීම සඳහා රුපියල් බිලියන 27.0 කට ප‍්‍ර‍්‍රදානය කර ඇති අතර, ඊට සෞභාග්‍යා ණය යෝජනා ක‍්‍රම ඔස්සේ යොමු කළ රු. බිලියන 13.7 ක් ද කෘෂිකාර්මික අංශය වෙනුවෙන් යෙදවූ රුපියල් බිලියන 10.0 ක් ද ඇතුළත් වේ.

මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සහ
ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා

කාන්තා ව්‍යවසායකත්වය ප‍්‍රවර්ධනය කිරීම ඇතුළුව විශ්ව විද්‍යාල සිසුන්, ගුරුවරුන්, නළු නිළියන්, සංගීතඥයින් සහ වෙනත් වෘත්තිකයින්ට සහාය වීම සඳහා රු.මිලියන 780.0 ක ණය පහසුකම් පුළුල් කරන ලදි. ඒවායින් බොහොමයක් 2020 වසරේ අග භාගයේදී ලබාදීම සිදු කෙරිණි.

2020 වසරේ අවසන් මාස කිහිපය තුළදී නිවාස හා ඉදිකිරීම් අංශයේ අභිවෘද්ධිය උදෙසා මහජන බැංකුව විසින් නිවාස ණය පහසුකම් 9,000 කට අධික ණය ප‍්‍රමාණයක් ප‍්‍ර‍්‍රදානය කිරිම වෙනුවෙන් රු.බිලියන 105.0 කට වඩා වැඩි ප‍්‍රමාණයක් වැය කර තිබේ.

කෙසේ වෙතත්, මේ සියලූ දෑ අවසානයේදී ඒකාබද්ධ ශුද්ධ පොලී ආදායම රු. බිලියන 74.4 ක් දක්වා 5.3% කින් පහත වැටී ඇති අතර එයින් පිළිබිඹු කරන්නේ රු.බිලියන 5.0 කට වැඩි ඒකාබද්ධ පොලී සහන ලබාදීමයි.

ගාස්තු නිදහස් කිරීම්, සහන සහ වෙළඳ මූල්‍ය ක‍්‍රියාකාරකම්වල පහත වැටීම පිළිබිඹු කරමින් ඒකාබද්ධ ශුද්ධ ගාස්තු ආදායම රු. බිලියන 7.3 ක් වූ අතර එය 2019 දී රු. බිලියන 8.2 ට වඩා 10.2% ක අඩුවීමකි. ඒකාබද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 90.8 ක් කරා ළඟා වූ අතර එය 2019 දී වාර්තා කළ රුපියල් බිලියන 96.5 ට සාපේක්ෂව 5.8% ක අඩුවීමකි.

2020 වසර අවසන් වන විට සමූහයේ අදියර 3 යටතේ වාර්තා කරන ණය ප‍්‍ර‍්‍රමාණය, එහි මුළු ණය ප‍්‍රමාණයෙන් 9.5% ක් නියෝජනය කරමින් ඒකාබද්ධ හානිකරණ අලාභයන් 50.4% කින් රු. බිලියන 17.6 ක් දක්වා ඉහළ ගොස් තිබේ. රජය සතු ව්‍යවසායයන් හැරුණු විට 2020 වසර අවසන් වන විට එහි දළ අක‍්‍රීය ණය අනුපාතිකය 6.2% ක් විය.

සමස්ත ඒකාබද්ධ මෙහෙයුම් වියදම් රු.බිලියන 43.9 ක් වන අතර එය 2019 දී වාර්තා වූ රු.බිලියන 47.6 හා සසඳන විට රු.බිලියන 3.7 ක් හෝ 7.7% ක අඩුවීමකි. මෙයින් පිළිබිඹු වන්නේ සමූහය විසින් සකසුරුම්ව සිය වියදම් අඩු කිරීමයි.

2020 වර්ෂය තුළ රජයට ලබා දී ඇති ඒකාබද්ධ බදු සහ ලාභාංශ ප‍්‍රමාණය රුපියල් බිලියන 16.8 ක් (2019: රු.බිලියන 25.1). ඒකාබද්ධ බදු පසු ලාභය රුපියල් බිලියන 16.1 ක් වන අතර එය 2019 ට වඩා 0.5% ක අඩුවීමකි. බැංකුවේ ස්වාධීන පදනම මත එය රු. බිලියන 14.2 ක් වූ අතර එය 2019 වර්ෂයේ රු.බිලියන 12.9 ට සාපේක්ෂව 9.7% ක වර්ධනයකි.

2020 අග වන විට බැංකුවේ ඒකාබද්ධ ස්ථර ෂ සහ සමස්ත ප‍්‍රාග්ධන අනුපාතිකයන් පිළිවෙලින් 10.7% සහ 15.6% ක් විය. (2019 : 11.6% සහ 14.9%). බැංකු ස්වාධීන පදනම මත එය පිළිවෙලින් – 9.5% සහ 15.5%ක් වේ. (2019: 10.7% සහ 14.7%) මහජන බැංකුව දිවයිනේ ප‍්‍රමුඛතම බලපත‍්‍රලාභි වාණිජ බැංකුවක් වන අතර දිවයින පුරා විහිදුනු ශාඛා හා සේවා මධ්‍යස්ථාන 741 කින් සහ 8000 කට අධික කාර්ය මණ්ඩලයකින් සමන්විතය.

මහජන බැංකුව සිය පුරා හැට වසරක ඉතිහාසය තුළ මිලියන 14 කට අධික ගනුදෙනුකරුවන් පිරිසකට සේවා සපයමින් මිලියන 19 කට අධික ගනුදෙනුකාර සම්බන්ධතාවයන් සහිතව දිවයිනේ විශාලතම මූල්‍ය සේවා සපයන්නා බවට පත්ව ඇත. 1961 අංක 29 දරණ පනතින් මහජන බැංකුව ස්ථාපිත කළ අතර, දිගු කලක් මුළුල්ලේ ෆිච් රේටින්ග් ශ්‍රේණිගත කිරීමේදි (AA-(lka/stable) යන ශ්‍රේණිගත කිරීම තහවුරු කරගැනීමට සමත්ව ඇත.

Visits: 88