“ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරි කාලය (Next Normal) වෙනුවෙන් සූදානම් විය යුත්තේ කෙසේද?”

COVID-19 හමුවේ ලෝකය ක‍්‍රමයෙන් ඊළඟ සාමාන්‍යකරණය (Next Normal) වෙත එනම් වසංගතයෙන් පසු ඇති වන තත්වය වෙත ගමන් කරන විට දුරස්ථ හා ඩිජිටල් තාක්ෂණික අවකාශයන්හි අපගේ ගමන අඛණ්ඩව සිදු කළ යුතුව ඇතැයි සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගමේ විධායක අධ්‍යක්ෂක චූලා හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙයි. 

අද වන විට COVID-19 වසංගතය හේතුවෙන් විවිධ කර්මාන්ත හා පාරිසරික තත්වයන් තුළ මිනිසුන් එකිනෙකා සමඟ කටයුතු කරන ආකාරය බෙහෙවින් වෙනස් වී ඇත. COVID-19 නිසා උද්ගත වූ අභියෝග ජය ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් රට පුරා සමාජ දුරස්ථභාවයේ සිට ස්වයං නිරෝධායනය දක්වා බොහෝ සෞඛ්‍ය නීති රීති ක‍්‍රියාත්මක කොට ඇති අතර ඒ හේතුව නිසාම එදිනෙදා භෞතික ගනුදෙනු විශාල ප‍්‍රමාණයක්ද ඩිජිටල්කරණයට ලක්ව ඇත. මෙම දැවැන්ත වෙනස රක්ෂණ සේවාවන් ඇතුලූ බොහෝ කර්මාන්ත වෙත  සිදු කරනුයේ අඛණ්ඩ බලපෑමකි.

සමාජ දුරස්ථභාවය රැක ගැනීමේ නීති රීති තවදුරටත් ක‍්‍රියාත්මක වීම හේතුවෙන් රක්ෂණ බෙදාහැරීමේ ආකෘතිය වෙත කෙටි කාලීන හා දිගු කාලීන බලපෑම් එල්ල වනු ඇති බව විශේෂඥයන් පෙන්වා දෙයි.

ඒ අනුව COVID-19 හමුවේ ලෝකය ක‍්‍රමයෙන් ඊළඟ සාමාන්‍යකරණය (Next Normal) වෙත එනම් වසංගතයෙන් පසු ඇති වන තත්වය වෙත ගමන් කරන විට දුරස්ථ හා ඩිජිටල් තාක්ෂණික අවකාශයන්හි අපගේ ගමන අඛණ්ඩව සිදු කළ යුතුව ඇත. 

එවන් තත්වයක් තුළ බොහෝ රක්ෂණ සමාගම් මේ වන විටත් සිය පාර්භෝගික සේවා ක‍්‍රමයන් ඩිජිටල්කරණයට ලක් කරමින් මෙන්ම සේවකයන් දුරස්ථ ක‍්‍රියාවලියක් තුළ කටයුතු කිරීමට සලස්වමින් වසංගතයෙන් ඇති වන හදිසි බලපෑම් අවම කිරීම සඳහා කටයුතු කරමින් සිටීම ඉතා සාධනීය තත්වයකි. තමන්ගේ බෙදාහැරීම් ආකෘතිය ඩිජිටල්කරණය වූ සමාජයක් තුළ යළි ප‍්‍රතිනිර්මාණය කිරීම රක්ෂණ සමාගම් මුහුණ දෙන ඊළඟ අභියෝගය බව මෙහිදී පෙන්වා දිය හැකිය.

සොෆ්ට්ලොජික් ලයිෆ් ඇතුළු බොහෝ දේශීය රක්ෂණ සමාගම් විසින් COVID-19 හේතුවෙන් සිදුවන වෙනස්කම්වලට අනුව කටයුතු කිරීමට හා ඒවාට ප‍්‍රතිචාර දැක්වීමට අවශ්‍ය මූලික පියවර ගෙන තිබුණ ද එම කර්මාන්තයේ දියුණුව ප‍්‍රධාන කාරණා 2ක් හේතුවෙන් අඩපණ විය. ඉන් පළමුවැන්න නම් සංචරණය සීමා කිරීම හේතුවෙන් සිදුවූ නව ව්‍යාපාර හා වාරික එකතු කිරීම් පහත වැටීමයි.

දෙවැන්න නම් නව පාරිභෝගික සබඳතා ගොඩනගා ගැනීමේදී රක්ෂණ නියෝජිතයන් මුහුණ දෙනු ලබන විවිධ අභියෝගයි. තත්වය එසේ වුවද ඩිජිටල් හා පුද්ගල බද්ධ උපායමාර්ගික සන්නිවේදනයන් විසින් එම තත්වය බොහෝ දුරට ජය ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ. එහෙයින් සැබෑ අභියෝගය බවට පත් වූයේ අවම පුද්ගල ක‍්‍රියාකාරකම් ඩිජිටල් අවකාශයක් තුළ එකම සම්බන්ධතා ගොඩනැගීමේ ආකෘතියක් පවත්වා ගැනීමයි.

මෙම අභියෝගයන්ට මුහුණදීම වෙනුවෙන් දේශීය රක්ෂණ සමාගම් විසින් ඔවුන්ගේ බෙදාහැරීම් ආකෘතිය අංශ 3ක් ඔස්සේ යළි ගොඩ නැගීමට අදිටන් කළ යුතුය. ඒ පාරිභෝගිකයා, විකුණුම් ආකෘතිය සහ ක‍්‍රියාවලිය යන අංශ 3යි. මෙම සාධක 3 කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් COVID-19 හමුවේ නිර්මාණය වී ඇති අභියෝග සඳහා සූදානම් වීමට දේශීය රක්ෂණ සමාගම්වලට උපකාරී වනු ඇත.

සේවාදායකයන්ගේ වෙනස්වන අවශ්‍යතා සපුරාලීම

කාලයත් සමඟ පාරිභෝගික අවශ්‍යතාවන් වෙනස් වී ඇති ආකාරය තේරුම් ගැනීම අසීරු කාර්යයකි. වසංගතයත් සම`ග රක්ෂණයේ අවශ්‍යතාවය සහ ඒ පිළිබ`දව ජනතාව අතර වන අවබෝධය ඉහළ ගොස් ඇති අතර ඒ බව මනාව අවබෝධ කර ගැනීම තුලින් රක්ෂණ සමාගම්හි දැනට ක‍්‍රියාත්මක වැඩපිළිවෙළ, අත්දැකීම් හා සේවාවන් නැවත යථා තත්වයට පත් කළ හැකි වනු ඇත.

එහිදී කොවිඞ්-19 වසංගතයත් සමඟ මතු වූ තත්වය තුළ ජීවිත රක්ෂණය ජීවිතයේ අවශ්‍යතාවක් බවට අවබෝධ කර දෙමින් රැකවරණය පදනම් කරගත් දිගු කාලීන රක්ෂණ සැලසුම් වෙත ගනුදෙනුකරුවන් යොමු කිරීම වඩාත් යෝග්‍ය වේ.

එය ගනුදෙනුකරුවන් හට සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් ආයෝජනය කිරීමට සහාය වනු ඇති අතරම ඒ තුළින් සේවා දායකයන්ට, විකුණුම් කණ්ඩායම්වලට හා ආයතනවලට ඉහළ ප‍්‍රතිලාභ ද හිමි කර දෙනු ඇත. තවද තම ව්‍යාපාරවල ස්ථාවරභාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සමාගම්වලට තරගකාරී වෙළෙඳපොලක්ද මේ හරහා නිර්මාණය වේ. මෙම රක්ෂණ සැලසුම් වෙනුවෙන් දිගු කාලීන කැපකිරීමක් අවශ්‍ය වන අතර සේවා දායකයන් සමඟ ඒ පිළිබඳ සවිස්තරාත්මකව සාකච්ඡා කිරීම අත්‍යාවශ්‍ය කාරණයකි. ඒ ආකාරයේ මනා පැහැදිලි කිරීමකින් හෝ අවබෝධයකින් තොරව කිසිඳු පුද්ගලයෙක් වසර 20/30ක් වැනි දීර්ඝ කාලයක් ගෙවීම් සඳහා කැපවීමක් නොකරනු ඇත. කෙසේ වුවද ඒ සඳහා විධිමත් ආකාරයෙන් ලියකියවිලි පවත්වාගෙන යන අතරම ඩිජිටල්කරණ වැඩපිළිවෙල නියමාකාරයෙන් පවත්වාගෙන යාම ඉතා වැදගත් වේ.

එසේම දිගු කාලීන මූල්‍ය සම්බන්ධතා ඇති කර ගැනීමේදී ඩිජිටල් සහ පුද්ගල අන්තර්ක‍්‍රියා සමතුලිතව පවත්වාගෙන යාමද අනිවාර්යයයෙන්ම සිදු කළ යුත්තකි. ඊට අමතරව ගනුදෙනුකරුවන්ගේ අත්‍යාවශ්‍ය අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් සරල මෙන්ම කෙටි කාලීන රක්ෂණ විසඳුම් හා සේවා ප‍්‍රවර්ධනය කිරීම උදෙසා ඩිජිටල් අවකාශය පමණක් භාවිත කළ හැකි නම් එය ඉතා වැදගත්ය.

එය තවමත් ඉතා තරගකාරී හා අස්ථාවර මෙන්ම තරගකාරී ඕනෑම සමාගමකට උකහා ගත හැකි ව්‍යාපාරික සන්දර්භයක් වන බැවින් ඔබගේ සියලූ සේවාවන් ඩිජිටල් අවකාශය වෙත ගෙන යාම එතරම් සුභ දායක නැත. එහිදී ඩිජිටල් වෙළෙඳපොල පදනම් කරගනිමින් ඉදිරිපත් කරනු ලබන කෙටි කාලීන නිෂ්පාදන හා සේවාවන් ඉතා සරල විය යුතු අතර පූර්ණ විසඳුමෙහි කොටසක් පමණක් ඉදිරිපත් කළ යුතුය. එසේම ඒවා වෙළෙඳපොල වෙනස්වීම්වලට ප‍්‍රතිචාර දැක්වීමට හැකි හෝ ඒවා සමඟ කටයුතු කළ හැකි ආකාරයෙන් සකස් විය යුතුය.

මීළඟ සාමාන්‍යකරණය වෙනුවෙන් ඔබේ විකුණුම් බලකාය බලගැන්වීම

ඔබගේ විකුණුම් බලකාය ඉදිරි කාලය ^Next normal& වෙත මුහුණ දීමට සූදානම් වීමේදී සැලකිය යුතු ප‍්‍රධාන කරුණක් වන්නේ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වෙමින් කාර්යක්ෂම සේවාවක් සැලසීම වෙනුවෙන් එම විකුණුම් කණ්ඩායමට සහාය විය හැකි ආකාරයේ බහුවිධ අනතර්ජාල මෙවලම් භාවිත කිරීම සඳහා රක්ෂණ සමාගම් කටයුතු කිරීමයි.

ඊට නිවැරදි පාරිභෝගිකයා තෝරා ගනිමින් එම පාරිභෝගිකයාට අවශ්‍ය සේවාව සලසා දීම සඳහා සේවකයන් හට එක් එක් පාරිභෝගික ස්වභාවය පිළිබඳ අවබෝධයක් ලබා දෙන ආකාරයේ වැඩපිළිවෙල ඇතුලත් වේ. ඩිජිටල්කරණ ක‍්‍රියාවලිය එදිනෙදා ජීවිතයේදී වැඩි වැඩියෙන් භාවිතයට ගැනීමත් නිසා වඩා ඵලදායී අලෙවියක් වාර්තා කිරීම සඳහා එහි තත්වය උසස් කිරීම හා සේවාව පවත්වාගෙන යාම ඉතා පහසු වනු ඇත. මේ සඳහා අවශ්‍ය පුහුණුව, තොරතුරුවල අඛණ්ඩ ගලායාම, උසස් තත්වයේ විකුණුම් ක‍්‍රියාවලිය හා සන්නිවේදනය නව ව්‍යාපාර නිර්මාණය කර ගැනීම සඳහා විකුනුම් බලකායට ශක්තිය සපයනු ඇත.

අභ්‍යන්තර අලෙවි බලකාය සහ ඩිජිටල් වේදිකාවක් මත පුද්ගල සබඳතා ගොඩනගන උපදේශකයන් යන දෙඅංශයෙන් සුසැදි ඵලදායී බෙදාහැරීම් ක‍්‍රමයක් ආයතනයකට තිබීම තුළින් රක්ෂණ සමාගම් වල හැකියාවන්ගෙන් පිරිපුන් ක්ෂේත‍්‍ර විකුණුම් නිළධාරීන් වෙත දුරස්ථව සිට කටයුතු කිරීමට අවශ්‍ය හැකියාව ලබා දීමට හැකි වන බව මෑතකදී නිකුත් කළ PwC වාර්තාවකින්ද අවධාරණය කොට තිබේ.

ඊට නිදසුනක් ලෙස සොෆ්ට්ලොජික් ලයිෆ්හි අලෙවි උපදේශයන් මේ වන විටත් සම්පූර්ණ ඩිජිටල්කරණය වූ අලෙවි වේදිකාවක් තුළ කටයුතු කරන අතර රක්ෂණ සැලසුම්වලින් 90%කට වඩා වැඩි පසු විකුණුම් කටයුතු ප‍්‍රමාණයක් ස්වංක‍්‍රීය ප‍්‍රාරක්ෂණ වේදිකාවක් හරහා කළමනාකරණය කිරීම දැක්විය හැකිය. එම වර්ධනයත් සමඟ සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම පසුගිය වසරේ වාර්තා වූ සමස්ත විකුණුම් ආදායමෙන් 90කට වඩා හිමි කර ගැනීමට සමත් වී ඇති අතර ඉහළම සේවා ප‍්‍රමිතීන් සමඟින් හිමිකම් ගෙවීම් ඇතුලූ සියලූ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට සමත් වීම විශේෂත්වයකි.

ඩිජිටල් මෙවලම්හි ආයෝජනය හා අවදානම අවම කිරීමට ශක්තිය සපයන්නන්

ඩිජිටල් මෙවලම් යන්න සමස්ත ව්‍යාපාරය බලගන්වන්නක් ලෙස හැඳින්වීමට මම කැමතිය. ඒ මගින් වර්තමානයේ ක‍්‍රියාත්මක වසංගත තත්වය වැනි අර්බුධකාරී අවස්ථාවකදී සමාගමක ඔරොත්තු දීමේ හැකියාව සහතික කරමින් ප‍්‍රතිලාභ රාශියක් රක්ෂණකරුවන් වෙත හිමි කරදෙනු ඇත. ඒවා අලෙවි අංශයේ ඵලදායීතාව ඉහළ නැංවීමට උපකාර වන අතරම ගනුදෙනුකරුවන්ගේ සහ රක්ෂණ උපදේශකයන්ගේ වර්තමාන හා අනාගත ඉලක්කයන් වෙත එසැණින් ප‍්‍රතිචාර දැක්වීමට ඒ ඒ සමාගම වෙත සහාය වනු ඇත. මේ වන විටත් පාරිභෝගිකයන් සහ අලෙවි බලකාය දිරි ගැන්වීම වෙනුවෙන් මේ ආකාරයේ ඩිජිටල් අවකාශයන් භාවිතයේ ඇති වැදගත්කම පිළිබඳව බොහෝ රක්ෂණ සමාගම් අවබෝධ කරගෙන තිබීම සතුටට කරුණකි.

කෙසේ වුවද ඩිජිටල් තාක්ෂණයන් සඳහා ආයෝජනය කිරීමේදී රක්ෂණකරුවන් විසින් ඔවුන්ගේ ඉලක්කගත ව්‍යාපාර වෙනුවෙන් පාරිභෝගික හා රක්ෂණ නියෝජිත අවශ්‍යතාවන් සඳහා උද්ගත වන පරතරයන් පිළිබඳ තක්සේරු කිරීම වැදගත්ය. එම ඉඩකඩ ජය ගැනීම සඳහා ඔවුන්ගේ හැකියාවන් තවත් වැඩි කරන මෙන්ම හා දුර්වලතාවයන් අවම කිරීමට ගැලපෙන ආකාරයේ සැලසුමක් නිර්මාණය කිරීමටද මෙය මහෝපකාරී වනු ඇත.

අලෙවි ක‍්‍රියාවලියේ ආකෘතිය පරිවර්තනයේදී තවත් සුවිශේෂී සාධකයන් වන්නේ දත්ත යි. එම ආයතනික පද්ධතිවල විශාල දත්ත ප‍්‍රමාණයක් ගබඩා කර තිබීම හේතුවෙන් රක්ෂණ සමාගම් විසින් මෙම දත්ත සාධනීයව ලබා ගැනීමේ ක‍්‍රමවේදයන් පිළිබඳ සොයා බැලීමට කටයුතු කළ යුතුය. එසේම මෙම බෙදාහැරීමේ ක‍්‍රියාවලියේ ඔරොත්තු දීමේ ඒවායෙහි හැකියාව මෙන්ම උපදේශකයන් සහ ගනුදෙනුකරුවන් විසින් සිදුකරන ඉල්ලීම් සඳහා සුවිශේෂී අවබෝධයක් ලබා ගැනීමට මෙම දත්ත උපකාරී වේ.

පුද්ගලයන් මත පදනම් කරගත් ග‍්‍රාහකකරණය තවදුරටත් සාර්ථක විකල්පයන් නොවිය හැකි වන්නේ දත්ත පදනම් කරගත් ග‍්‍රාහකකරණය පසුගිය කාලය පුරා සමාගම් සඳහා ඉමහත් සහායක් ලබා දීම ඊට හේතුවන නිසයි. රක්ෂණකරුවන් හට දැනට තමන් සතුව පවතින රක්ෂණ සැළසුම් ගොන්න තුළින් දිගුකාලීන වටිනාකම් පදනම් කරගත් පාරිභෝගිකයින් හඳුනා ගැනීම සඳහා උසස් හා ක‍්‍රමවත් විශ්ලේෂණ ක‍්‍රමයන් සකස් කරගත හැකි වන අතර රක්ෂණ හිමිකම් දිගටම පවත්වාගෙන යාමේ හැකියාව අඩු අවදානමක් සහිත පාරිභෝගිකයන් වෙනුවෙන් වෙනමම ආකෘති සකස් කරගැනීමේ අසීමිත හැකියාවද උදා වේ.

අවසාන වශයෙන්

අලෙවි ව්‍යාපාරයේ බෙදාහැරීම් ආකෘතිය වෙනස් කිරීමට යම් කාලයක් ගතවේ. බෙදාහැරීම් ආකෘතියක් වෙනස් කිරීම තුළින් බලාපොරොත්තු වන්නේ නව තාක්ෂණය උපයෝගී කර ගැනීම පමණක් නොවේ. රක්ෂණ හිමිකම් සහ රක්ෂණ සැළසුම් හා සේවා ඇතුලූ ආයතනික ක‍්‍රියාදාමයේ අනෙකුත් අංග සඳහා ද සහාය වීම පිණිස වෙනත් තාක්ෂණික උපක‍්‍රම ඇතුළත් කිරීමද එහි තවත් අරමුණක් ලෙස දැක්විය හැකිය.

කෙසේ වුවද විවිධ බෙදාහැරීම් ආකෘති පිළිබඳ නිරත අත්හදා බැලීමට කටයුතු කිරීම දිගු කාලීන වශයෙන් ගත් කල ඉතා අයහපත් කරුණක් විය හැකි බව මතක තබා ගත යුතුය. වේගයෙන් වර්ධනය වෙමින් පවතින වෙළෙඳපොල හා පාරිසරික තත්වයන්ට ගැළපෙන ආකාරයෙන් දැනට පවතින බෙදාහැරීම් ආකෘතීන් වැඩි දියුණු කිරීම අවශ්‍ය වන අතරම ඒ සමඟ ඉදිරි කාලය (next normal) තුළ කටයුතු කරනු ලබන බෙදාහැරීම් ක්ෂේත‍්‍රයේ දැවැන්තයින් විසින් දිගු කාලීන අවශ්‍යතාවන් වෙනුවෙන් අද සිටම සිය කටයුතු ආරම්භ කිරීම සිදු කරනු ඇත.

(චූලා හෙට්ටිආරච්චි මහතා සොෆ්ට්ලොජික් ලයිෆ්හි විධායක අධ්‍යක්ෂවරයෙකි. වසර 40කට වඩා වැඩි වෘත්තීමය අත්දැකීම්වලින් පරිපූර්ණ සුදුසුකම්ලත් විකුණුම් හා රක්ෂණ වෘත්තිකයකු වන ඒ මහතා ඉන් 27 වසරක කාලයක් ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ කටයුතු කරමින් සිටියි. 2001 වසරේදී සොෆ්ට්ලොජික් ලයිෆ්හි විකුණුම් ප‍්‍රධානී ලෙස එක් වූ හෙට්ටිආරච්චි මහතා සමාගමෙහි අඛණ්ඩ දියුණුව හා සංවර්ධනය වෙනුවෙන් සුවිසල් කාර්යභාරයක් ඉටු කරමින් සිටියි)

Visits: 62