නෝර්ෆන්ඩ් අරමුදල ජාතික සංවර්ධන බැංකුවේ 9.99% දක්වා ආයෝජනය කිරීමට සැරසෙයි

නෝර්වේජියානු සංවර්ධන මූල්‍ය ආයතනය වන නෝර්ෆන්ඩ් (Norfund) විසින් ජාතික සංවර්ධන බැංකුවේ (NDB) කොටස් වලින් 9.99% ක ආයෝජනය කිරීමට තීරණය කර ඇතැයි පවසයි.

මෙම ගිවිසුම යටතේ නෝර්ෆන්ඞ් විසින් NDB විසින් ප‍්‍රකාශයට පත් කර ඇති දායකත්වයෙන් තොර අයිතිවාසිකම් සඳහා රුපියල් බිලියන 8 ක හිමිකම් නිකුතුවකට දායකත්වය ලබා දෙනු ඇත. මෙය අදාල කොටස් හිමියන්, සහ නියාමනයන්ට යටත්ව අවශ්‍ය නම් පුද්ගලික ස්ථානගත කිරීමකින් ද යුතුව සිදු කිරීමට නියමිතය. මෙය නෝර්ෆන්ඩ් විසින් ශ‍්‍රී ලංකාව තුළ කරනු ලබන ප‍්‍රථම කොටස් ආයෝජනයයි.

ජාත්‍යාන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන මෙරට ණය ශ්‍රේණිගත කිරීම (credit ratings) පහත හෙලා ඇති අවස්ථාවක මෙම ආයෝජනය ලැබීම විශේෂත්වයකි. එනම්, ඉන් පෙනී යන්නේ අභියෝගාත්මක වාතාවරණයක් තුළ භෘඊ සතු ඔරොත්තු දීමේ හැකියාව සහ ජාත්‍යන්තර ප‍්‍රමිති අනුකූලතාවය නොර්ෆන්ඞ් විසින් අනුමත කරන බවයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් NDB හි සභාපති ඒෂන ද සිල්වා, “නෝර්ෆන්ඞ් විසින් එන්ඞීබී හි ආයෝජනය කරන්න ගත් තීරණයෙන් පෙනී යන්නේ NDB සහ ශ‍්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි ඔවුන් තුළ ඇති විශ්වාසයයි” යනුවෙන් පැවසීය.

NDB බැංකුවේ සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී දිමන්ත සෙනෙවිරත්න මහතා අදහස් දක්වමින් පැවසුවේ, “නෝර්ෆන්ඩ් වැනි සංවර්ධන මූල්‍ය ආයතනයක් සමඟ හවුල් වීමට අවස්ථාව ලැබීම ගැන අපි අතිශයින් සතුටු වෙනවා. ඔවුන් අපේ ආර්ථික පුනර්ජීවනය සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට සහාය වීමට කටයුතු කරනවා. තාක්ෂණික ආධාර, දිගු කාලීන අරමුදල් සැපයීම, වර්තමාන අභියෝග ජය ගැනීමට බැංකුවට සහ රටට උපකාර කිරීම වැනි දෑ නොර්ෆන්ඞ් වෙතින් අපිට ලැබෙනවා. ඩිජිටල් තාක්ෂණයන් ප‍්‍රවර්ධනය කිරීම මගින් මූල්‍ය ක්ෂේත‍්‍රයට සෑම කෙනෙක්ටම පිවිසීමට හැකි අවස්ථාවන් වැඩිදියුණු කිරීමට භෘඊ කටයුතු කරමින් සිටින නිසා, නෝර්ෆන්ඞ් වෙතින් ලැබෙන අත්දැකීම් සහ තාක්ෂණික සහායත් එයට පිටිවහලක් බවට පත් වෙනවා. මෑත කාලීනව බැංකුවට ගෝලීය සම්මාන රැුසක් ලැබුණා. දැන් මේ ආයෝජනයත් සමග භෘඊ හි ශක්තිමත් තිරසාර වර්ධන ආකෘතිය සහ ගෝලීය ප‍්‍රමිතීන්ට අනුව අපි කටයුතු කරන බව තවදුරටත් සහතික වෙනවා.” යනුවෙනි.

නෝර්ෆන්ඞ් විසින් කරන ලද කොටස් ආයෝජනය NDB බැංකුව සඳහා වන පළමු විදේශ කොටස් ගිවිසුමයි. මෙමගින් බැංකුවේ විදේශ කොටස් හිමිකාරී ප‍්‍රතිශතය 21% දක්වා ඉහළ නැංවේ. පුද්ගලික ස්ථානගත කිරීම හිමිකම් නිකුතුව සඳහා 10% ක වාරිකයකට එක් කොටසක් රු. 82.50 බැගින් මිල කර තිබේ.

යෝජිත අයිතිවාසිකම් නිකුතුව සමඟ මෙම කොටස් මුදල් වියදම් කිරීම තුළින් භෘඊ බැංකුවේ පළමු ස්ථර ප‍්‍රාග්ධනය අඩු කිරීමට උපකාරී වන අතර, තම වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගෙන යමින් කොවිඞ්-19 නිසා බැඳවැටුණු ආර්ථිකය යළි පණ ගැන්වීමට සහාය වීමට හැකි වනු ඇත.

NDB බැංකුව 2020 අවසන් වූ වර්ෂය සඳහා වූ මූල්‍ය ප‍්‍රතිඵල මෑතකදී ප‍්‍රකාශයට පත් කළේය. එයට අනුව, තැන්පතු වල 21% ක ශක්තිමත් වර්ධනයක් සහ ණය හා අත්තිකාරම්වල 8% ක වර්ධනයක් පෙන්නුම් කළ අතර බදු ගෙවීමෙන් පසු ලාභය 8% ක් විය. බැංකු ක්ෂේත‍්‍රය තුළ, ආදායම් අනුපාත සඳහා හොඳම පිරිවැය දක්වන භෘඊ බැංකුව, තම ගනුදෙනුකරුවන් සහ පාර්ශවකරුවන් සඳහා තිරසාර ප‍්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් සිය තාක්ෂණික ආයෝජන පිළිබඳව නිරන්තර අවධානය යොමු කරයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් නොර්ෆන්ඞ් හි ආසියානු කලාපීය අධ්‍යක්ෂ ෆේ චෙට්නා මහත්මිය, “ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට, රැුකියා උත්පාදනයට සහ දුප්පත්කම අවම කිරීම සඳහා සැමට මූල්‍ය ලෝකයට දොරටු විවර කිරීම ඉතා වැදගත්. කුඩා හා මධ්‍යම ප‍්‍රමාණයේ ව්‍යාපාර ඉලක්ක කරගෙන කටයුතු කරන භෘඊ හි සමග එක් වීමට ලැබී ගැන ඊට සමාන ප‍්‍රතිපත්ති මාලාවක් දරන නොර්ෆන්ඞ් හි අපි සතුටු වෙනවා. අප හා සමානවම ඉහළ පාරිසරික, සමාජීය සහ පාලන ප‍්‍රමිතීන් සහිත ශක්තිමත් කළමනාකරණ කණ්ඩායමක් සහ දක්ෂ මණ්ඩලයක් සහිත භෘඊ බැංකුවේ කාර්යභාර්යය අපි අගය කරනවා.” යනුවෙන් පැවසීය.

Visits: 422