බංග්ලාදේශ, බ්‍රසීල, කොරියානු හා ජපාන තානාපතිවරු විදේශ ඇමති හමු වෙයි

බංග්ලාදේශය, බ්‍රසීලය, කොරියාව හා ජපානය නියෝජනය කරමින් කොළඹ රැඳී සිටින තානාපතිවරුන් වෙන් වෙන්ව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා (මාර්තු 03 දා) හමු වූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යංශයේ දී මෙම හමුවීම් සිදු වූ අතර බංග්ලාදේශය, බ්‍රසීලය, කොරියාව, හා ජපානය සමඟ ශ්‍රී ලංකාව පවත්වා ගෙන යන ආර්ථික, සමාජ, දේශපාලන, හා අනෝන්‍ය සහයෝගීතාවන් වර්ධනය කර ගැනීමත් කොවිඩ්-19 වසංගතයට මුහුණ දී සිටින ශ්‍රි ලංකාව ඉන් මුදවා ගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගැනීමට මෙම රටවලින් ලබා ගත හැකි සහයෝගයන් පිළිබඳවත් මෙම හමුවේ දී දෙපාර්ශ්වයම වැඩි අවධානයක් යොමු කළ බව පැවසෙයි.

Visits: 24