පියුරිටාස් සහ ස්පිනර් පාපැදි සමාජය පළමු වරට ‘කිඹුලා රේස්’ බයිසිකල් තරඟය සංවිධානය කරයි

Haycarb පී එල් සී හි පූර්ණ උප සමාගමක් සහ හේලීස් සමාගම් සමූහයේ සාමාජිකයෙකු වන පියුරිටාස් සමාගම, කිඹුලාවල පාපැදි ධාවන තරගයේ සමාරම්භක ‘කිඹුලා තරඟය’ සඳහා නිල පුද්ගලික ආරක්ෂක සහකරු ලෙස ස්පිනර් සමඟ එක් වූ බව පවසයි.

මෑතකදී පවත්වනු ලැබූ මෙම උද්වේගකර තරඟය සංවිධානය කරනු ලැබුවේ බොහෝ ආකරෂණීය පාපැදි ඉසව් සංවිධානය කරන එමෙන්ම Ironman 70.3 Colombo තුන් ප්‍රයාම තරඟයේ හවුල්කාරීත්වය දැරූ ස්පිනර් සමාජය විසිනි. මෙහිදී තරඟකරුවන් සියයකට වැඩි සංඛ්‍යාවක් කිලෝමීටර 9.5 දිග ධාවන පථයේ වට පහක් යමින් තම හැකියාවන් උරගා බලන ලදී.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා ඉසව්ව ආරම්භ කලේය. වාර්ෂිකව පවත්වනු ලබන මෙම තරගය කොවිඩ් – 19 සැලකිල්ලට ගනිමින් දැඩි සෞඛ්‍ය සහ ආරක්ෂක මාර්ගෝපදේශ යටතේ පැවැත් වූ අතර එය Oxypura සහ Haycarb ෆේස්බුක් පිටුවල සජීවීව විකාශය විය.

“කොවිඩ්-19 අපට යම් දෙයක් උගන්වා ඇත්නම් ඒ සෞඛ්‍ය සම්පන්න වීමෙහි ඇති වැදගත්කමයි. බයිසිකල් පැදීම මෙම වසංගත කාලයේ ඔබට කල හැකි ආරක්ෂිතම ව්‍යායාම ක්‍රමවලින් එකක් ලෙස පෙන්වා දිය හැකියි. අනෙක් අතට ව්‍යායාම කිරීම මගින් ඔබගේ සමස්ත සෞඛ්‍යය සහ යහපැවැත්ම වර්ධනය වනවා. එනිසා අභියෝග මධ්‍යයේ පවා මේ ආකාරයේ ඉසව්වක් සංවිධානය කිරීමේදී  ” නව සාමාන්‍ය ” තුළ බයිසිකල් පැදීම සහ ක‍්‍රීඩා සංස්කෘතියක් නැවත ගොඩනැගීම ඉතා වැදගත් බව අපට හැඟී ගියා.”යනුවෙන් Haycarb පී එල් සී හි කළමනාකාර අධ්‍යක්ෂ රාජිත කාරියවසන් මහතා පැවසුවේය. 

මෙහිදී පළමු, දෙවන සහ තෙවන ස්ථාන ලබාගත් ජයග්‍රාහකයින්ට මුදල් ත්‍යාග පිරිනමන ලදී. තරඟය කිඹුලාවල ස්පිනර් සයික්ලින් සෙන්ටර් අසලින් ආරම්භ කොට ජපන් මිත්‍රත්ව පාර, ඇතුල් කෝට්ටේ, බංගලා හන්දිය, බැද්දගාන පාර සහ තලවතුගොඩ ඔස්සේ ක්‍රියාත්මක විය.

පාපැදිකරුවන් මෙම තරඟය අතරතුර Oxypura මුහුණු ආවරණ භාවිතා කරන ලදී. මෙම මුහුණු ආවරණයට අංශුමය ද්‍රව්‍ය පෙරනයක් සහ සක්‍රිය කාබන් පෙරනයක් ද ඇතුළුව ආරක්‍ෂිත ස්ථර හතරක් අඩංගු වේ. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් වන මෙය ජාත්‍යන්තර ව පිළිගත් රසායනාගාර වන ඇමෙරිකා එක්සත් ජනපදයේ නෙල්සන් රසායනාගාර සහ හොංකොං හි Bureau Veritas වල පරික්ෂා කර ඇති අතර, වෛරස් පෙරීමේ කාර්යක්ෂමතාව 98% කට වඩා වැඩි බවද බැක්ටීරියා පෙරීමේ කාර්යක්ෂමතාව 99% කට වඩා වැඩි බවද සනාථ වී ඇත. මෙම මුහුණු ආවරණය සෝදා නැවත භාවිතා කල හැකි නිර්දේශිත වාර ගණන 14 කි.

පියුරිටාස් සමාගම මෑතකදී SPORTEC (ස්පොර්ටෙක්) මුහුණු ආවරණය තම නිෂ්පාදන පෙළ අතරට එකතු කරන ලදී. මෙම මුහුණු ආවරණය විශේෂයෙන් සැලසුම් කොට නිෂ්පාදනය කොට ඇත්තේ විශේෂයෙන්ම ව්‍යායාම කරන සහ ක්‍රියාශීලී ජීවන රටාවක් ගතකරන කරන අය සඳහාය. මෙය පළදින්නාට ‘Oxypura Care ‘ මුහුණු ආවරණයෙන් ලැබෙන තරමේම ආරක්ෂාවක් ලැබෙන අතර පහසු ලෙස ප්‍රශ්වාස කිරීමට සහ භාවිතා කිරීමේ සුවපහසුව සැලසීම සඳහා එක පැත්තකට පමණක් විවෘත වන කපාටයක් සහිතව සැලසුම් කර නවීන දිවිපෙවෙතට ගැලපෙන රටා වලින් නිෂ්පාදනය කර ඇත. 

Visits: 33