උතුරු පළාත තුළ එයාර්ටෙල් ජාලය වැඩිදියුණු කිරීමේ කටයුතු අවසන් වෙයි

ශ්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම උතුරු පළාත පුරාවට 900MHz සුපිරි සංඛ්‍යාත පරාසය හඳුන්වා දීමේ මෙහෙයුම් කටයුතු සාර්ථකව නිම කළ බව නිවේදනය කර ඇති අතර එමඟින් පරිශීලකයින්ගේ අත්දැකීම් ඉතා විශාල ලෙස වැඩිදියුණු කිරීමට සමාගම අරමුණ බවත් පවසා සිටියි.

නව 900MHz සුපිරි සංඛ්‍යාත පරාසය විසුරුවා හැරීම තුළින් පරිශීලකයින්ට වැඩිදියුණු කළ ජාල අත්දැකීමක් ලැබෙනු ඇති අතර සහ එමගින් භූගෝලීය වශයෙන් විශාල ප්‍රදේශයක් වන උතුරු පළාතේ සිටින ජනතාවට පුළුල් ආවරණයක් සැපයීමට හැකියාව ලැබීම විශේෂිතය. එම පළාත තුළ දියත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින එයාර්ටෙල් 4G සේවා සඳහා මෙම වැඩිදියුණු කිරීම මනා පසුබිමක් සකස් කරයි.

මේ පිළිබඳව අදහස් දක්වන එයාර්ටෙල් ලංකා, ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ, අශීෂ් චන්ද්‍රා මහතා “මෙම නව සංඛ්‍යාත පරාසය විසුරුවා හැරීම අපගේ උපායමාර්ගික වර්ධනයට ඉතා වැදගත්. එමෙන්ම මෙම පරාසයට ඉහළ සංඥා විකාශනයක් තිබීම නිසා පරිශීලකයින්ට සුපිරි ගෘහස්ත අත්දැකීමක් ලබා දෙන අතර අපගේ ඉහළ සංඛ්‍යාත පරාසය භාවිතය මෙමගින් අඩු වන බැවින් ප්‍රදේශය පුරා සිටින වැඩි පිරිසකගේ ඉල්ලුම සපුරාලීමට අපට හැකි වනවා.” යනුවෙන් පැවසුවේය.

මෙම සංවර්ධනයන් මෑතකාලයේ එයාර්ටෙල් සමාගම විසින් ගනු ලැබූ එඩිතර උපායමාර්ගයක කොටසක් වන අතර එමගින් පරිශීලක අත්දැකීම විශාල ලෙස ඉහළ නැංවීමට සමාගම අපේක්ෂා කරයි.

2009 ජනවාරි 12 වැනි දින ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ භාරතී එයාර්ටෙල් ලංකා, ග්‍රාහකයින් මිලියනයක් ඉතාමත්ම ඉක්මනින් සම්පූර්ණ කළ ජංගම සන්නිවේදන සේවා සමාගමයි. වර්ෂ තුනක් වැනි කාලසීමාවක් තුළ සිය ශ්‍රේණිගතවීම ඉහළ නංවාගත් එයාර්ටෙල් සමාගම රට පුරාම සිය ආවරණය පුළුල් කරගනිමින් ශ්‍රී ලංකාවේ වේගවත්ම ජංගම සන්නිවේදන සේවා ජාලය බවට පත්විය.

වර්තමානයේදී එයාර්ටෙල් සමාගම උසස් තත්ත්වයේ සහ සාධාරණ මිල ගණන් යටතේ හඬ සහ දත්ත සේවාවන් ලබා දෙන අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ලියාපදිංචි වෙමින් මෙරට වඩාත් වේගවත් හා පුළුල් ආවරණයක් හිමි ජංගම විදුලි සංදේශ සේවා සමාගමක් බවට පත්ව තිබේ. වැඩි විස්තර සඳහා www.airtel.lk වෙත පිවිසෙන්න.

Visits: 42