ලංකාවේ පළමු Popeyes අවන්හල අශෝක් පතිරගේ අතින් විවෘත වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළුව ලොව රටවල් රැසක් පුරා ව්‍යාප්තව පවතින දැවැන්තම කුකුළුමස් ආශ්‍රිත ක්ෂණික ආහාර අලෙවි අවන්හල් ජාලයක් වන Popeyes හි මෙරට පළමු අවන්හල පසුගියදා සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සභාපති අශෝක් පතිරගේ මහතා අතින් ගල්කිස්සේදී විවෘත වී තිබේ.

ගල්කිස්සේ පිහිටි සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් සුපිරි වෙළෙඳ සැල, සොෆ්ට්ලොජික් මැක්ස් විදුලි උපකරණ අලෙවි සැල සහ ඔඩෙල් නිමි ඇදුම් අලෙවි සැල පිහිටි ගොඩනැගිල්ලේම මෙම Popeyes Louisiana Kitchen අවන්හල පිහිටා ඇත.

Popeyes සන්නාමයේ මෙරට වරලත් හිමිකරුවා ලෙස සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි සොෆ්ට්ලොජික් රීටේල් සමාගම යටතේ මෙම අවන්හල විවෘත කර තිබේ. 1972 වසරේදි එක්සත් ජනපදයේදී ආරම්භ කෙරුණු මෙම Popeyes අවන්හල් ජාලය අද වන විට ඇමෙරිකාව ඇතුළුව ලොව පුරා අවන්හල් 2,700ක් පමණ දක්වා ව්‍යාප්තව ඇතැයිද පවසයි.

Visits: 716