DP Education Digital Classroom ගාල්ල ඇලෝසියස් විදුහලේදී දියත්වෙයි

සුප්‍රසිද්ධ ව්‍යපාරික ධම්මික පෙරේරා සහ ඔහුගේ බිරිද ප්‍රිසිලා පෙරේරා විසින් මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක් කරමින් පාසල් දරුවන් අතරේ අධ්‍යාපනික විශිෂ්ටතාව උදෙසා සහය වීම වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණය පදනම් කරගත් අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් මෙරට දූ දරුවනට දායාද කර තිබේ.

මෙම වැඩසටහන් මාලාවේ තවත් සුවිශේෂී වැඩසටහනක් DP Education Digital Classroom නමින් ඉකුත් පෙබරවාරි 16 වැනිදා ගාල්ල ඇලෝසියස් විදුහලේදී දියත් කරන ලදී.

DP Education Digital Classroom යනු, තෝරාගත් පාසල් වෙනුවෙන් නවීන තාක්ෂණික අන්තර්ක්‍රියාකාරී ස්මාර්ට් රූපවාහිනී ක්‍රමවේදයක් යොදාගනිමින් පන්ති කාමර පහසුකම තවදුරටත් පුළුල් කරනු ලබන නවතම හඳුන්වාදීමකි. එහිදී  DP Education හී අන්තර්ගතයන් සපයමින්, සීමාරහිතව අධ්‍යාපනික අන්තර්ගතයන් වෙනුවෙන් පිවිසීමට ඉඩ විවර වේ. මේ ඔස්සේ සිසුන්ට ඕනෑම මොහොතක ඔවුන්ගේ ගණිත, විද්‍යා සහ ඉංග්‍රීසි කුසලතාවන් ඔප්නංවාගැනීමට අවස්ථාව පිරිනමයි.

DP Education Digital Classroom වැඩසටහනේ අදාළ නිල සමාරම්භය අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර DP Education නිර්මාතෘ ධම්මික පෙරේරා මහතාද  ඒ අවස්ථාවට එක්විය.

ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලේ විදුහල්පති නයනප්‍රිය පෙරේරා, DP Education වැඩසටහනේ ගණිත ගුරුවරුන් වන දුශ්‍යන්ත් මහබදුගේ සහ ජෝයි මැකලම් යන මහත්වරු සමග ඇලෝසියස් විදුහලේ සිසු දරුවන්, ගුරුවරුන් සහ දෙමාපියන් කිහිපදෙනෙකුද සෞඛ්‍ය මාර්ගෝපදේශනයන්ට අනුගත වෙමින් මේ අවස්ථාව හා එක්විය.

DP Kids , DP Education   සහ DP Digital University හරහා නොමිලේ අධ්‍යාපනය පිරිනමමින් පෙරපාසල්, පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අලුත් පරම්පරාව සවිබලගැන්වීම උදෙසා අධ්‍යාපනික නිම්වලලු පුළුල් කළ හදුන්වාදීම් මාලාවක නවතම අංගය ලෙසින් මෙම DP Education Digital Classroom  දියත් කෙරුණි.

මෙම වැඩසටහනේ දෙවැන්න හෙවත් දෙවැනි DP Education Digital Classroom ඒකකය මිලාගිරිය ශාන්ත පාවුළු විදුහලේදී පෙබරවාරි 19දා ස්ථාපනය කෙරුණි.

www.dpeducation.lk මගින් DP Education වෙබ් අඩවිය ද, www.dpkids.lk මගින් DP Kids  වෙබ් අඩවියද www.dpuni.org  මගින් DP Digital University වෙබ් අඩවිය වෙතද ප්‍රවේශවීමට ඔබට හැකිවන අතර අවශ්‍ය නම් info@dpfoundation.org.lk මගින් විමසීම් කළ හැක.

Visits: 111