99x අඛණ්ඩව දෙවනවරටත් කාන්තාවන් සඳහා හොඳම සේවා ස්ථානයක් ලෙස ශ්‍රේණිගත වෙයි

තාක්ෂණ සමාගමක් වන 99x ශ්‍රී ලංකාවේ කාන්තාවන් සඳහා වැඩ කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස ලැයිස්තු ගතවීම තුලින් සේවා ස්ථානයේ පවතවා ගෙන යන විවිධත්වය හා සමානාත්මතාවය පිළිබඳ හොඳම ක්‍රමෝපායන් පිළිගැනීමට ලක් විය.

විවිධත්වය හා සැමට සමානව සලකන සේවා ස්ථානයක් ගොඩනැගීම 99x අවධානය යොමු කරන ප්‍රධාන අංගයක් වන අතර ශ්‍රී ලංකාවේ Great Place To Work  ආයතනයේ මූලිකත්වයෙන් මෙම ලැයිස්තුවේ ශ්‍රේණිගත වීම, මේ සඳහා ඇති කැපවීම යළිත් වරක් තහවුරු කරයි.

“Great Place To Work ආයතනය විසින් නැවත වරක් අපව ඇගයීමට ලක් කිරීම අප දරන උත්සාහයට කදිම සාක්ෂියක්. කෙසේ වෙතත්, සමාගමක් වශයෙන් පමණක් නොව, කර්මාන්තයක් සහ රටක් ලෙස අප සියලු දෙනාම ක්ෂේත්‍රයන්හි අත්‍යවශ්‍ය වෙනසක් ඇති කිරීම සඳහාත්, සැබවින්ම විවිධ භේද නැති ශ්‍රම බලකායක් ප්‍රවර්ධනය කිරීම සඳහාත් අඛණ්ඩව එක්ව කටයුතු කිරීම වැදගත් ” යැයි 99x හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනි ෂෙහානි සෙනෙවිරත්න මහත්මිය පැවසුවාය.

COVID-19 වසංගත පසුබිම තුළ ඇගේ මෙම ප්‍රකාශය සත්‍යයක් බව පෙනේ. ස්ත‍්‍රි පුරුෂ සමාජභාවී සමානාත්මතාව සහ කාන්තා සවි බලගැන්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අංශය (UN Women)  විශේෂයෙන් දක්වන පරිදි බොහෝ කාන්තාවන් ගෝලීය වශයෙන් තමන්ගේම ස්ත්‍රීත්වය නමැති  ‘සෙවනැලි වසංගතයකින් ‘ පෙළෙන බව වාර්තා වෙද්දී  කිසිදු භේදයක් නැතිව සැමට සමාන ලෙස සලකන තත්ත්වයක් ඇති කිරීමට තව බොහෝ දේ කළ යුතු බව ඇය මෙහිදී මතක් කර දී ඇත. මෙම ක්ෂේත්‍රය තුළ විශාල දියුණුවක් තිබුණ ද අවාසනාවකට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තවමත් බොහෝ ආයතනික සහ සමාජ න්‍යායපත්‍රයන්හි ඇතුළත් නොවේ. ශ්‍රී ලංකාවේ කාන්තාවන් සඳහා හොඳම සේවා ස්ථාන වැනි දර්ශක එහි වැදගත්කම නිරන්තරයෙන් සිහිගන්වන අතර කර්මාන්තයේ ළඟාකර ගත යුතු ප්‍රමිතීන් සකස් කර ගැනීමට ද  එම දර්ශක උපකාරී වේ.

විවෘත සංවිධානාත්මක ව්‍යුහයක් තුළ සැමට සමාන අවස්ථා නිර්මාණය කිරීමෙන්, 99x සමානාත්මතාවය සියලු ආයතනික මට්ටම්වල ක්‍රියාත්මක කරන අතර එහි ප්‍රතිලාභ විවිධාකාරයෙන් ලබා ගනී. නිර්මාණශීලී හා ක්‍රියාශීලී ශ්‍රම බලකායක්, අඩු කාර්ය මණ්ඩල පිරිවැටුම (attrition rates) සහ මූලික ත්‍රිත්ව තිරසාර සාධක (Triple bottom line ) වලට ධනාත්මක ලෙස බලපෑම මේ අතරින් කිහිපයකි.  

“වසර ගණනාවක් පුරා, මම ජ්‍යෙෂ්ඨ QA ( තත්ත්ව තක්සේරුකරණ)  නායිකාවක ලෙස මගේ වෘත්තීය ජීවිතය තුළ වර්ධනය වී ඇති අතර, 99x පුහුණුව තුළින් මගේ දැනුම පුළුල් කර ගැනීම, විදෙස් රටවල අත්දැකීම්, MBA සම්පූර්ණ කිරීමට සහ තාක්ෂණික කණ්ඩායම් හැසිරවීමට මා සවිබල ගැන්වීම ආදිය මගින් සාර්ථක වීමට මට අවස්ථාව ලබා දුන්නා,” යැයි 99x හි ජ්‍යෙෂ්ඨ QA (තත්ත්ව තක්සේරුකරණ)  නායිකාවක වන මිහිරි ලේකම්ගේ 99x හි තම අත්දැකීම් විස්තර කරමින් පැවසීය. “ කාන්තාවක් සහ මවක් වෙමින් වෘත්තිය ජීවිතයක් ගතකිරීම සැමවිටම පහසු නොවූවත්, මෙය සැමවිටම සමතුලිත වූයේ ශ්‍රී ලංකාවේ සහ ඔස්ලෝහි මගේ ආදරණීය කණ්ඩායම් සාමාජිකයින් විසින් සහ කළමනාකාරිත්වය විසින් ලබා දුන් ඉමහත් සහයෝගය නිසාය. 99x සමාගම මගේ වෘත්තිය ජීවිතය හැඩගස්වා ඇතිවා පමණක් නොව, මගේ පෞද්ගලික අඛණ්ඩතාව, විශ්වසනීයත්වය, සදාචාරය සහ ධනාත්මකභාවය වැඩිදියුණු කිරීමෙන් මගේ පෞරුෂය ඉහළ මට්ටමකට ගෙන ඒමට මට උපකාර කළා. මේ තාක්ෂණික පවුලේ සාමාජිකයෙකු වීම ගැන ඇත්තෙන්ම මම ආඩම්බර වෙනවා.” යැයි ඇය තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව ප‍්‍රධාන මූලස්ථානය කරගත් 99X Technology සමාගම යනු ස්කැන්ඩිනේවියානු වෙළෙඳපොළ සඳහා මනාව සැලසුම් කරන ලද නව්‍ය ඩිජිටල් නිෂ්පාදන සම-නිර්මාණය කරන නිෂ්පාදන ඉංජිනේරු සමාගමකි. ලොව ප‍්‍රමුඛතම Independent Software Vendors (ISVs) සමඟ 2004 වසරේ සිට සංවර්ධනය කරන ලද ගෝලීය ඩිජිටල් නිෂ්පාදන 150කට අධික සංඛ්‍යාවක් හරහා එම සමාගමේ විශේෂඥතාවය සනාථ වී ඇත. ඉහළ දක්ෂතා සපිරි, නිර්මාණාත්මක චින්තනයෙන් යුතු හා කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කරන තාක්ෂණික සහ නිෂ්පාදන විශේෂඥයින් 300කට අධික සංඛ්‍යාවක් 99X Technology හි සේවය කරයි. 2020 වසර සඳහා ආසියාවේ හොඳම සේවා ස්ථානයක් ලෙස ද සමාගම නම් කෙරිනු අතර අඛණ්ඩව වසර අටක් තිස්සේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථානයක් ලෙස නම් කර තිබේ.

99x හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරිණී ෂෙහානි සෙනෙවිරත්න (මැද) සහ 99x හි ප්‍රධාන මහජන නිලධාරී දමිත ජයසිංහ (දකුණේ), කාන්තාවන්ට සේවය කිරීම සඳහා හොඳම සේවා ස්ථානය සඳහා වන සම්මානය The Great Place to Work® ආයතනයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන විධායක නිලධාරිණී  ශානිකා රත්නායක මහත්මියගෙන් ලබාගනිමින්.

Visits: 55