පෙබ. 24 දා කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් වෙතින් රු.බි. 2ක ණයකර නිකුතුවක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 2ක ණයකර නිකුතුවක් සඳහා සැලසුම් කර ඇතැයි පවසයි. මේ සඳහා එම සමාගම කොළඹ කොටස් හුවමාරුවෙන් සිදු කර තිබූ ඉල්ලීමට පසුගියදා අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මෙම ණයකර මිලදී ගැනීම සඳහා ඉල්ලුම් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබන පෙබරවාරි 24 වැනිදා ආරම්භ වන බවත් සමාගම පවසයි.

මෙහිදී මූලික නිකුතුව ලෙස වසර පහක කාලයක් (2021-2026) සඳහා ලෙස ණයකර කොටස් මිලියන දහයක් (10,000,000ක්) නිකුත් කිරීම සැලසුම වී තිබේ. එහිදී එක් ණයකර කොටසක වටිනාකම රුපියල් 100කි.

එසේම ඒ සඳහා ඉදිරිපත් වන අධි ඉල්ලුම අනුව තවත් ණයකර කොටස් මිලියන 10ක් (10,000,000ක්) නිකුත් කිරීමටද සැලසුම් කෙරී ඇත. එයද රුපියල් 100ක වටිනාකමින් යුක්ත වන අතර මේ සමස්ත නිකුතුව හරහා රැස් කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 2කි.

මෙහිදී එම ණයකර නිකුතුවේ කළමනාකරුවන් ලෙස කැපිටල් එලායන්ස් පාර්ට්නර්ස් ලිමිටඩ් සමාගම කටයුතු කරයි.

Visits: 227