ඩයලොග් ආසිආටා වෙතින් කොටසකට ශත 74ක ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

පසුගියදා රැස් වූ එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබේ. මෙහිදී එක් කොටසක් වෙත ශත 74ක් බැගින් ලාභාංශ ගෙවීමට සමාගම පියවර ගන්නා බව පවසයි.

2020 මූල්‍ය වර්ෂය වෙනුවෙන් සිදුකරන මෙම ලාභාංශ ගෙවීම අවසන් ලාභාංශ ගෙවීම ලෙසද සමාගම සඳහන් කර සිටියි. මෙහිදී එම ලාභාංශ ගෙවීම සඳහා කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව තිබෙන බවත් ඩයලොග් ආසිආටා පීඑල්සී මෙහිදී වැඩිදුරටත් පවසා සිටියි.

ඒ අනුව ලාභාංශ ගෙවන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත.

ඊයේ (පෙබරවාරි 19) නිකුත් කෙරුණු ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ 2020 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වුණු කාර්තුමය මූල්‍ය වාර්තාවට අනුව 2020 වසර සඳහා සමූහයේ ලාභය රුපියල් බිලියන 12ක් (12,002,686ක්) ලෙස වාර්තා වී තිබේ. එසේම ඩයලොග් ආසියාටා පීඑල්සී සමූහයේ ලාභය රුපියල් බිලියන 11ක් (11,739,556ක්) ලෙස සටහන්ව ඇත. එය 2019 වසරේදී සමාගම වාර්තා කළ රුපියල් මිලියන 11,567,683,000 ට සාපේක්ෂව රුපියල් මිලියන 171ක (171,873,000) ක ඉහළ යාමකි.

ඊයේ දිනයේදී ඩයලොග් ආසිආටා පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 12.40ක් ලෙස සටහන්ව තිබුණි.

Visits: 318