ට්‍රේඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් CSE වෙතින් ඉවත් කිරීම නිවේදනය කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි (CSE) හි විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් යටතේ ලැයිස්තු ගත වී තිබූ ඩ්‍රේට් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම එම නිල ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කරන බව කොළඹ කොටස් හුවමාරුව නිවේදනය කර සිටියි.

1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 53 වැනි වගන්තිය ප්‍රකාරව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින්, 2001 වර්ෂයේ දෙසැම්බර් 18 දිනැති අංක 1215/2 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් නිකුත් කර ඇති රීතීන් හි අංක 4 (2) දරණ රීතියට අනුකූලව මෙම ඉවත් කිරීම සිදු කර තිබේ.

මෙහිදී එම නිල ලැයිස්තගත කිරීමේ ලේඛනයෙන් ට්‍රෙඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම ඉවත් කිරීම සඳහා හේතු වූ කරුණු පිළිබඳවද කොළඹ කොටස් හුවමාරුව සඳහන් කර සිටියි.

මෙහිදී කොළඹ කොටස් හුවමාරුව විසින් ගන්නා ලද ඉහත කී තීරණය හේතුවෙන් පීඩාවට පත්වන අයෙකුට, මෙම දැන්වීම පළවී දින 14ක් ඇතුළත, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවත් කොළඹ කොටස් හුවමාරුව පවසයි.

Visits: 471