එයාර්ටෙල් සිය පාරිභෝගික සේවා මධ්‍යස්ථාන රට පුරා ව්‍යාප්ත කරයි

එයාර්ටෙල් ලංකා සමාගම දැනට දිවයින පුරා විසිර ඇති සිය පාරිභෝගික සේවා මධ්‍යස්ථාන තවදුරටත් පුළුල් කරන බව නිවේදනය කර සිටියි. මෙම පුළුල් කිරීම නුදුරේදීම මුළු දිවයිනම 4G තාක්ෂණයෙන් ආවරණය කිරීමේ එයාර්ටෙල් හි ප‍්‍රයත්නයට සමගාමීව සිදු වනු  ඇතැයිද සමාගම පවසයි.

මෙම පුළුල් කිරීමත් සමඟින් එයාර්ටෙල් සතුව දැනට දිවයින පුරා සේවා මධ්‍යස්ථාන 5000ක් සහ ලංකා බෙල් අලෙවිසැල් 70ක් පවතී. ඒ අනුව නව සම්බන්ධතාවක් ලබා ගැනීම, රීලෝඞ් කිරීම්/බිල්පත් ගෙවීමේ පහසුකම්, සිම්පත් යාවත්කාලීන කිරීම් සහ තවත් බොහෝ සේවා මෙම  ඕනෑම ස්ථානයකින් පාරිභෝගිකයින්ට ලබා ගත හැකිය.

මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී, අශීෂ් චන්ද්‍රා මහතා ‘‘අප අපගේ ජංගම දුරකතන ජාලය නිරන්තරයෙන් වැඩිදියුණු කිරීම්වලට ලක් කරන අතරම එම වැඩිදියුණු කිරීම් සමඟින් අසමසම පාරිභෝගික අත්දැකීම් ද ලබා දීමට කටයුතු කරනවා. මෙම ශක්තිමත් ප‍්‍රවේශය තුළින් අපට අවශ්‍ය වන්නේ නුදුරේදීම අප හඳුන්වා දීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර මට්ටමේ 4G ජාල අත්දැකීමට තවත් එක් පියවරකින් ළං වීමටයි. මෙම පුළුල් කිරීම් සඳහා දිවයින පුරා අප සිදු කළ ආයෝජනය දැනට සිටින හා අනාගත පාරිභෝගිකයින් සඳහා අපගේ ස්ථිර කැපවීම පිළිබිඹු කරනවා යැයි අප විශ්වාස කරනවා, ඒවගේම අනෙක් තරඟකරුවන්ට වඩා හොඳින් පාරිභෝගික අත්දැකීම්වලට ප‍්‍රමුඛත්වය ලබා දීමට අප කටයුතු කරනවා.’’ යනුවෙන් පැවසුවේය.

පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීම සඳහා වන සමාගම දරන ප‍්‍රයත්නයේ එක් කොටසක් ලෙස එයාර්ටෙල් මෑතකදී Google’s Business Messages සේවාව සමඟ සාර්ථකව ඒකාබද්ධ වූ ශ්‍රී ලංකාවේ පළමු ජංගම දුරකතන සන්නිවේදකයා බවට පත් විය. මෙම සේවාව හා එක්වීමත් සමඟින් එයාර්ටෙල් සහාය හෝ තොරතුරක් සොයන  ඕනෑම කෙනෙකුට Google Maps සහ Google Search වෙත පහසුවෙන් පිවිසීමට හැකියාව ලැබේ. තවද එයාර්ටෙල් පරිශීලකයින්ට මැසෙන්ජර්, වයිබර්, ටෙලිග‍්‍රෑම්, ට්විටර්, වට්ස්ඇප් හා එයාර්ටෙල් වෙබ් අඩවිය යන සියලූම ප‍්‍රධාන ඩිජිටල් වේදිකා හරහා එයාර්ටෙල් හි කැපවූ පාරිභෝගික සේවා නිලධාරීන් සමඟ පහසුවෙන් සම්බන්ධ වීමට ද හැකිය.

එයාර්ටෙල් හි පාරිභෝගික සේවා මධ්‍යස්ථාන කැපී පෙනෙන ලෙස පුළුල් කිරීම සහ එහි ‘My Airtel App’ යෙදවුම මගින් එයාර්ටෙල් පරිශීලකයින්ට අවශ්‍ය  ඕනෑම සහායක් ඩිජිටල් ලෙස හෝ අලෙවිසැලකට පැමිණ ලබා ගැනීමට හැකි බව සහතික කරයි. වැඩි විස්තර සඳහා හෝ ළඟම ඇති අලෙවිසැල වෙත යෑමට ‘My Airtel’ App වෙත පිවිසෙන්න නැතිනම් www.airtel.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Visits: 124