NLB සුපිරි ත්‍යාගලාභීන් 09 කට අගමැතිතුමා අතින් චෙක්පත් ප්‍රදානය කරයි

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් බිහි කළ සුපිරි ත්‍යාගලාභීන් සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (පෙබරවාරි 15) දින අරලියගහ මන්දිරයේ චෙක්පත් ප්‍රදානය කෙරුණු බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

මාස 03ක් වැනි කෙටි කාලයක් තුළ ජාතික ලොතරැයි මණ්ඩල විසින්  බිහි කළ සුපිරි ත්‍යාගලාභීන් 09 දෙනෙකු සඳහා මෙලෙස රුපියල් කෝටි 52ක් ඉක්ම වූ මුදල් චෙක්පත් අගමැතිවරයාගේ සුරතින් අදාළ ත්‍යාගලාභීන් වෙත පිරිනැමීම සිදු වී තිබේ.

ජාතික ලොතරැයි  මණ්ඩලයේ මෙගා පවර්, ගොවිසෙත, මහජන සම්පත, සුපිරි වාසනා,  ධන නිධානය යන ලොතරැයිවලින් මෙම ත්‍යාගලාභීන් බිහිවී ඇත.

මෙම අවස්ථාව සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතීඥ ලලිත් පියුම් පෙරේරා, ප්‍රධාන කළමනාකාර ජී.එම්.වයි.කේ.ශිරෝමි ජීවමාලා, අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජනය කරමින් අධ්‍යක්ෂ ඩී.ඩී.ජයසිරි ඇතුලු මහත්ම මහත්මීන් හා ත්‍යාගලාභීන් එක්ව සිට ඇත.

Visits: 43