වගකීම් සහගත පුරවැසිභාවය ප්‍රවර්ධනයට කොමර්ෂල් බැංකුව, Mother Sri Lanka හා එක්වෙයි

වගකිව යුතු පුරවැසියෙකු වීමේ සංකල්පය පාසැල් දරුවන් අතර ප‍්‍රචලිත කරන එකම වැඩසටහන ක‍්‍රියාත්මක කරන ලාභ නොලබන ආයතනයක් වන Mother Sri Lanka (MSL) ආයතනය විසින් සිදුකරන ‘Project RUN’ වැඩසටහන සඳහා අරමුදල් සැපයීම සඳහා කොමර්ෂල් බැංකුව, එම ආයතනය සමග ඒකාබද්ධතාවයක් ඇතිකර ගෙන තිබේ.

ජීවිත නගා සිටුවමින් රටපුරා ප‍්‍රජාව සවිබල ගැන්විය හැකි වැඩසටහන් නිර්මාණය කිරිම දිරිගැන්වීම සඳහා දිවයින පුරා පාසැල් සිසුන් අතර පවත්වන තරඟයට අවශ්‍ය අරමුදල් මේ යටතේ කොමර්ෂල් බැංකුව විසින් සපයනු ඇත. මෙම තරඟය යටතේ සමස්ත ලංකා ජයග‍්‍රාහකයින් තිදෙනෙකුගේ සහ පළාත් ජයග‍්‍රාහකයින් නව දෙනෙකුගේ හොඳම ව්‍යාපෘති තෝරාගන්නා බව බැංකුව සඳහන් කරයි.

2022 අපේ‍්‍රල් මාසයේදී පවත්වන ප‍්‍රධාන සම්මාන ප‍්‍රදානෝත්සවයේදී මෙම ජයග‍්‍රාහකයින් නිවේදනය කරනු ඇත. ‘Project RUN’ වැඩසටහන සඳහා දිවයිනේ පාසැල් 1500 ක සිසුදරුවන් 75,000 ක් පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන අතර RUN යන්නෙන් අර්ථ ගන්වා තිබෙන්නේ වගකීම් සහගත පුරවැසිභාවය (Responsible citizenship), එකමුතුකම (Unity) සහ ජාතික අභිමානය (National Pride) යන ගුණාංගයි.

වගකීම් සහගත පුරවැසි භාවය සහ පුරවැසි ක‍්‍රියාකාරකම් ප‍්‍රවර්ධනය කිරීම සඳහා Mother Sri Lanka විසින් ආරම්භ කළ RUN විසින් මේ දක්වා ව්‍යාපෘති 1,400 ක් ක‍්‍රියාත්මක කර තිබෙන අතර මෙය අධ්‍යාපන අමාත්‍යංශයේ සුපරික්ෂාව යටතේ වසර 08 ක් පුරා ක‍්‍රියාත්මක වන වැඩසටහනකි. කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරය විසින් මෙම වැඩසටහනේ සිව්වන අදියර සඳහා සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී තිබේ.

ප‍්‍රජාව වෙනුවෙන් කොමර්ෂල් බැංකුව ලබාදෙන මෙම නවතම සහයෝගය පිළිබඳව බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කොමර්ෂල් බැංකුව විසින් පාසැල් දරුවන් සවිබල ගැන්වීම අළුත් දෙයක් නෙවෙයි. මෙරට පාසැල් සිසුන්ගේ තොරතුරු තාක්ෂණික සාක්ෂරතාවය සහ විද්‍යා, තාක්ෂණික, ඉංග‍්‍රීසි සහ ගණිත (STEM) අධ්‍යාපන කටයුතු නැංවීම සඳහා කොමර්ෂල් බැංකුව ජාතික මට්ටමින් සහයෝගය ලබාදෙනවා. මෙම වැඩසටහන මගින් තරුණ දරුවන් සමාජයට වඩාත් වැඩදායී පුරවැසියන් බවට පත්කිරීමට ඒකාබද්ධ වීමට ලැබීම අප වරප‍්‍රසාදයක් ලෙස සලකනවා. මේ තුළින් මෙම දරුවන් තමන්ගේ කුසලතාවය මෙන්ම ජාතික වගකීමෙන් ප‍්‍රජාවට දායකත්වය දැක්වීමට යොමු කරනවා.’ 

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් ඵදඑයැර ීරස ඛ්බන් සභාපතිනිය වන ආචාර්ය ජානකී කුරුප්පු මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය. ‘වගකීම් සහගත පුරවැසිභාවය යන සංකල්පය සංවර්ධනය කිරීමට මෙරට පුරවැසියන් ලෙස තව බොහෝ දුරක් ගමන් කළ යුතුයැයි අපිට පිළිගන්නට වෙනවා. අපේ රටේ තිබෙන නිදහස් සෞඛ්‍යය සහ නිදහස් අධ්‍යාපනය අවභාවිතා කරන අවස්ථා අපිට බොහෝ අවස්ථාවල මුණ ගැසෙනවා. තවත් විදිහට කියනවා නම් පොදු වැසිකිලියක්, රජයේ කාර්යාලයක් හෝ පොදු ප‍්‍රවාහන පහසුකමක් පවා හරිහැටි භාවිතා නොකරන අවස්ථා අපට සමාජයෙන් වාර්තා වෙනවා. Mother Sri Lanka ලෙස අපි සිතන්නේ රටක් ද්‍රව්‍යාත්මකව දියුණු වෙද්දී එයට සමගාමීව අපට ලැබුණු සම්පත් අගයමින් ඒ පිළිබඳව ජනතාව තුළ තිබෙන වගකීම් සහගත හැඟීම වර්ධනය කිරීම දැඩි අවශ්‍යතාවයක් බවයි. Mother Sri Lanka RUN වැඩසටහන යටතේ 06 ශ්‍රේණියේ සිට 12 වන ශ්‍රේණිය දක්වා පාසැල් දරුවන්ගේ මෙම ආකල්ප වෙනස් කිරීම ආරම්භ කළේ මේ නිසයි.

ශ‍්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත‍්‍ර වූ මූල්‍ය ආයතනය වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 887 ක් පවත්වාගෙන යයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

Visits: 16