සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන් 103 දෙනෙකු රුපියල් මිලියන 05 ක රත්තරන් දිනයි

මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම 2021 වසරේදී ‘ෆැමිලි සවාරි’ ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ පැවැත්වීමට නියමිත දිනුම් ඇදීම් 06 අතුරින් 02 වන දිනුම් ඇදීම පසුගියදා පැවැත්වුණු අතර එහිදී සමාගමේ වාසනාවන්ත රක්ෂණ ඔප්පුහිමියන් කණ්ඩායමක් රුපියල් මිලියන 05 ක් වටිනා රත්තරන් දිනා ගත්තේය.

රත්තරන් ජයග‍්‍රහණය කළ මෙම දෙවන කණ්ඩායමට රක්ෂණ ඔප්පුහිමියන් 103 දෙනෙකු ඇතුළත් වූ අතර ඔවුන් මොණරාගල, කැකිරාව, මනිපායි, නාත්තන්ඩිය, අනුරාධපුරය, අම්පාර සහ හොරණ ප‍්‍රදේශවල පදිංචිකරුවන් වේ. සෙලින්කෝ ලයිෆ් සමාගම ලබාදෙන ප‍්‍රතිලාභ දිවයිනේ විවිධ ප‍්‍රදේශවල විවිධ ආර්ථික මට්ටම්වල රක්ෂණ ඔප්පුහිමියන්ට ලැබෙන බව මෙයින් සනාථ වේ.

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ ලබාදුන් පළමු රුපියල් මිලියන 05 ක රත්තරන් තොගය 2020 දෙසැම්බර් මාසයේදී පැවැත්වුණු පළමු දිනුම් ඇදීමේදී සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන් 103 දෙනෙකු විසින් දිනාගන්නා ලදී. මේ අනුව, මෙවර ‘ෆැමිලි සවාරි’ ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ තවත් දිනුම් ඇදීම් 04 ක් පැවැත්වීමට නියමිත අතර සම්පූර්ණ වැඩසටහන මගින් රුපියල් මිලියන 30 ක රත්තරන් රක්ෂණ ඔප්පුහිමියන් 618 දෙනෙකු වෙත බෙදාදීමට සමාගම සැලසුම් කර ඇත. ‘ෆැමිලි සවාරි’ වැඩසටහන මගින් වෙනදා ලබාදුන් විදේශීය සහ දේශීය සංචාර කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා පනවා තිබෙන ගමන් සහ සෞඛ්‍ය සීමාවන් නිසා අත්හිටවූ අතර එයට විකල්පයක් ලෙස සමාගම මෙම නව වැඩසටහන හඳුන්වාදී තිබේ.

මෙම සෑම දිනුම් ඇදීමකදීම එක් අයෙකුට රුපියල් මිලියනයක් වටිනා රත්තරන්ද, දෙදෙනෙකුට රුපියල් 250,000 ක් වටිනා රත්තරන් බැගින් ද, පස් දෙනෙකුට රුපියල් 100,000 ක් වටිනා රත්තරන් බැගින් ද, විසිපස් දෙනෙකුට රුපියල් 50,000 ක් වටිනාරත්තරන් බැගින් ද, හැත්තෑ දෙනෙකුට රුපියල් 25,000 ක් වටිනා රත්තරන් බැගින් ද සමාගම විසින් පිරිනමයි.

මාස දෙකකට වරක් පැවැත්වෙන මෙම දිනුම් ඇදීම් සඳහා සුදුසුකම් ලැබීමට සෙලින්කෝ ලයිෆ් පාරිභෝගිකයින් සිය ජීවිත රක්ෂණ ඔප්පු හෝ විශ‍්‍රාම සැලසුම් 2020 සැප්තැම්බර් සහ 2021 අගෝස්තු කාල සීමාව තුළදී ක‍්‍රියාකාරීව පත්වාගත යුතු බව සමාගම සඳහන් කරයි. 

සේයාරුවේ දැක්වෙන්නේ සෙලින්කෝ ලයිෆ් සභාපති ආර්. රෙන්ගනාදන් මහතා (ඉහළ වමේ) සහ කළමනාකාර අධ්‍යක්ෂ තුෂාර රණසිංහ මහතා (ඉහළ දකුණේ) දිනුම් ඇදීම පවත්වන ආකාරයත් අනිකුත් අධ්‍යක්ෂවරුන් සමඟ ජයග‍්‍රාහකයින්ගේ ලයිස්තුව අනුමත කරන ආකාරයයි.

Visits: 26