රු. බිලියන 10ක් වටිනා LOLC ණයකර නිකුතුවට CSE අනුමැතිය

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්ගුත සමාගමක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී මගින් එහිදී නිකුත් කිරීමට අවසර ඉල්ලා තිබූ රුපියල් බිලියන 10ක් වටිනා ණයකර නිකුතුවට අනුමැතිය ලබාදීමට එහි බලධාරීන් පියවර ගෙන ඇතැයි පවසයි.

ඒ අනුව ලබන පෙබරවාරි 18 වැනිදා මෙම ණයකර කොටස් නිකුත් කෙරෙන බව අද දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මුලදී රුපියල් බිලියන 6.5ක වටිනාකමක් ලෙස ණයකර කොටස් මිලියන 65ක නිකුතුවක් සඳහා සමාගම තීරණය කර තිබුණද එය ණයකර කොටස් මිලියන 100ක් දක්වා ඉහළ දැමීමට තීරණය කිරීමත් සමගින්ම එහි වටිනාකම රුපියල් බිලියන 10ක් (10,000,000,000ක්) බවට පත්විය.

ඒ අනුව ලැයිස්තුගත, වර්ගකෙරුණු, නොසුරැකුණු, යළි නිදහස් කරවාගත හැකි ණයකර ලෙස සිදු කෙරෙන මෙම ණයකර නිකුතුවේ ණයකරයක වටිනාකම රුපියල් 100ක් යටතේ මෙම නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 10 කි.

මෙම ණයකර කොටස් නිකුතුවේ කළමනාකරුවන් ලෙස NDB බැංකුව කටයුතු කරයි. මෙම ණයකර කොටස් නිකුතුවත් සමගින්ම LOLC කොටස් වටිනාකම් තවදුරටත් ඉහළ යනු ඇතැයි වෙළෙඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Visits: 516