කොළඹ කොටස් වෙළෙඳ පොළේදී කළු සල්ලි සුදු වෙනවාද? – ධනනාත් ප්‍රනාන්දු

මෙරට ආර්ථිකය සහ සමාජීය කරුණු සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මාධ්‍ය හරහා සිදු කෙරෙන කතිකාවත් තුළදී සිය අදහස් දක්වන තරුණ පරම්පරාවේ විශ්ලේෂකයෙකු ලෙස ධනනාත් ප්‍රනාන්දු මහතා හඳුන්වාදිය හැකිය.

මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛ පෙළේ බුද්ධි මණ්ඩපයක් වන ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙසද කටයුතු කරන ඔහු ඊයේ සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ (https://www.facebook.com/dhananath.fernando) සටහනක් තබමින් මෙරට කොටස් වෙළෙඳ පොළෙහි වර්තමාන තත්ත්වය පිළිබඳව සරලව අදහස් දැක්වීමක් සිදුකර තිබුණි.

ඔහුගේ මෙම අදහස් දැක්වීම තුළින් කොටස් වෙළෙඳ පොළ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිස් වෙත ලබා ගත හැකි යම් දැනුමක් ඇති බවට ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා වෙබ් අඩවියේ විශ්වාසයයි. ඒඅනුව ඔහුගේ එම සටහන අප වෙබ් අඩවියේ මෙලෙස පළ කෙරේ.  

කොළඹ කොටස් වෙළෙඳ පොළේ කළු සල්ලි සුදු වෙනවාද?

ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ පිළිබදව මේ දිනවල විශාල කතාබහක් ඇතිවෙලා. කාලයක් තිස්සේ එතරම් සාර්ථකව ගනුදෙනු නොවුනු කොළඹ කොටස් වෙළඳපොළ එකවරම ඉතා ඉහල ගනුදෙනු ප්‍රමාණයක් පසුගිය දින කිහිපය පුරාමවටම අත්පත් කරගැනීමත් සමඟ මේ ගැන ධනාත්මකව වගේම සෘණාත්මකවත් සමාජයේ විවිධ කතා බහ ඇති වෙනවා.

කොටස් වෙළඳ වෙළදපොල පිලිබදව ධනාත්මකව හිතන පිරිස ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සාර්ථක බව කොටස් වෙළඳපොළ වර්ධනයෙන් පෙන්නුම් කරනවා කියලා. මේ පිළිබඳව සෘණාත්මකව බලන පිරිස් සඳහන් කරන්නේ මූල්‍ය අක්‍රමිකතාවක් සිදු වෙලා කොටස් වෙළෙඳපොළ කෘතිමව උත්තේජනය කරන ධනවත් පිරිසක් අතිවිශාල ලාභ ලබා ගන්නා අතර විශාල කළු සල්ලි ප්‍රමාණයක් නැතහොත් අයුතු ලෙස උපයාගත් මුදල් සුදු සල්ලි කිරීම කොටස් වෙළෙඳපොළ පාවිච්චි කරන බවයි.

ඇත්තටම කොටස් වෙළෙඳපොළේ වෙන්නේ මොකක්ද?

කොළඹ කොටස් වෙළඳ වෙළඳපොළ කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ පොදු සමාගම් නැත්තං ලයිස්තුගත සමාගම් (Public Listed Companies) ඔවුන්ට අවශ්‍යය ප්‍රාග්ධනය සොයා ගන්න මහජනතාවට අදාල සමාගමේ අයිතියෙන් කොටසක් විකුණනවා. සරලව කිව්වොත් සමාගමක ව්‍යාපාර පුළුල් කිරීමට සඳහා අවශ්‍ය මුදල් මහජනතාවගෙන් ඉල්ලා ගෙන ඔවුන්ට සමාගමේ අයිතියියෙන් කොටසක් පවරලා වසර අවසානයේ දී සමාගමේ ලැබෙන ලාභයෙන් කොටසක් ඔවුන් අතර බෙදා දෙනවා.

අදාල ආයතනය නිකුත් කරලා තියෙන සම්පූර්ණ කොටස් ප්‍රමාණයෙන් එක් එක් පුද්ගලයන් මිලදී අරගෙන ආයෝජනය කරලා තිබෙන මුදල් ප්‍රමාණයට සාපේක්ෂව තිබෙන කොටස් ප්‍රමාණයට අදාළව ඒ ආයතනයේ හිමිකාරීත්වයෙන් කොටසක් අදාල කොටස් හිමි තැනැත්තාට අයිතියි. පුද්ගලයන්ට වගේම විවිධ ආයතනවලටත් කොටස් මිලදී ගන්න පුළුවන්.

මේ විදිහට කිසියම් ආයතනයක කොටස් මිලදී ගන්න කොටස්කරුවන් වෙත අදාල සමාගමේ උපයන ලාභ වලින්, ඔවුන්ගේ කොටස්කරුවන් අතර බෙදා දීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරන ලාභවලින් ඔවුන් මිලදී ලබාගෙන තිබෙන කොටස් වල ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයක් සෑම වසරකදීම ලැබෙනවා. ලාභාංශ කියල කියන්නෙ ඒකට (dividends)). හැබැයි සමාගමක්ම ලාභාංශ ගෙවන්නෙ නැහැ. ඒක සමාගමේ තීරණයක්.

ඊට අමතරව විවිධ පුද්ගලයන් මිලදී ලබාගෙන තිබෙන කොටස් තවත් පුද්ගලයන්ට විකිණීමේ හැකියාවත් ලැබෙනවා. සරලව ගත්තොත් කොටසක් මිලදී ගත්තට පස්සේ ඒක හුවමාරු කරන්න පුලුවන් මුදල් ඒකකයක් විදියටත්, ඒ වගේම අදාළ කොටස් මිලදී ගෙන තිබෙන සමාගම උපයන ලාභ වලින් කොටසක් ලබා ගැනීමේ අවස්ථාවක් (ලාභාංශ ගෙවන සමාගමක් නම්) කියන දෙකම ලැබෙන නිසා බොහෝ ආයෝජකයන් කොටස් මිලදී ගැනීමට පෙලෙබෙනවා.

ඒ වගේම ඔවුන්ගේ වත්කම් සහ මුදල් සාර්ථක සමාගම් වල කොටස්වල ආයෝජනය කිරීම දිගුකාලීනව වාසිදායක බවට ලොව පුරා කොටස් වෙළඳපොලවල් වල දත්ත තහවුරු කර තිබෙනවා.

බොහෝ දෙනෙකුට වල ආයෝජනය කරන්නේ ලාභාංශ බලාගෙන නෙවෙයි. කොටස් වල මිල ගනන් ඉහළ යා වි කියන බලාපොරොත්තුවෙන්. මොකද ලාභාංශ ගෙවද්දි ව්‍යාපාරය තව පුලුල් කරන්න තියන සල්ලි තමයි ලාභාංශ විදියට බෙදන්න වෙන්නෙ.

අන්න ඒ විදිහට ලංකාව තුළ ලියාපදිංචි කර තිබෙන පොදු සමාගම් වල (Public listed companies) විවිධ ආයතන වලින්, විවිද පුද්ගලයන් ගෙන් ලබා ගෙන තිබෙන කොටස් නැවත වරක් විකුණන ස්ථානයට තමයි කොළඹ කොටස් වෙළදපොළ කියලා කියන්නේ.

මෙතනදී කොටස් වල මිල තීරණය වෙන්නේ සෑම කොටස් වෙළදපොළකම එම තීරණය වන විදිහටම සාමාන්‍ය ආර්ථික විද්‍යාවේ කියවෙන ඉල්ලුමට හා සැපයුමට අනුවයි.

කිසියම් ආයතනයක් “වැඩිපුර ලාභ ලබා ගනීවි” කියලා අනුමාන කෙරෙනවා නම් වැඩිපුර ලාභාංශ ලබා ගන්න පුළුවන් නිසා අදාල සමාගම් වල කොටස් වල මිල ඉහල යනවා. ඒව වගේම කිසියම් සමාගමක් ලාභය අඩු වෙනවා කියලා හැඟවෙන තොරතුරු වෙළදපොළට ලැබෙනවා නම් බොහෝ දෙනෙක් ඒ සමාගම් වල කොටස් විකුණන්න උත්සාහ කරන නිසා එම සමාගම් වල කොටස් වල මිල ඉක්මනින් පහලට වැටෙනවා. ඒ වගේම වගේම මේ කොටස් මිලදී ගැනීම සහ විකිණීම සිදුවෙන්නේ ඉලෙක්ට්‍රොනික පද්ධතියක් භාවිතයෙන්. එමගින් ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ගනුදෙනු කිරීමට සහ වෙඳපොළේ තිබෙන දත්ත සහ තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව ලැබෙනවා

කොළඹ කොටස් වෙළදපොළ කොතරම් සාර්ථකව ක්‍රියාත්මක වෙනවද කියලා මූලික වශයෙන් බලන්න සියලු කොටස් මිල දර්ශක අගය (All Share Price Index – ASPI) කියන පරිමාණය තුලින්. මේ පරිමාණයේ අගයන් ඉහළ පහළ යාම් තීරණය වෙන්නේ එක දිනයක් තුළ දී වෙළඳපොලේ තිබූ සියලුම කොටස් වල මිල ගනන් ඉහල පහල යාම මත සහ කොටස් වෙළෙඳ පොළේ ලයිස්තුගත සමාගම් වල නිකුත් කර ඇති කොටස් වල වටිනාකම අනුව අදාළ සමාගමේ වල තක්සේරු මුදලට (Market Capitalization) සාපේක්ෂවවයි.

ඒ අනුව දළ වශයෙන් වසරකට කලින් සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 6000 ට ආසන්නව පැවති කොළඹ කොටස් වෙළෙඳපොළ 2021 පසුගිය ජනවාරි 27 වන දා සියලු කොටස් මිල දර්ශකය ඒකක 8800 ඉක්මවමින් ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ කොටස් වෙළෙඳපොළ වාර්තා කළ ඉහළම අගය වාර්තා කරමින් විශාල ප්‍රගතියක් පෙන්නුම් කරනු ලැබුවා.

ඒ අනුව ලෝකයේ වේගෙන්ම වර්ධනය වන කොටස් වෙලඳපොලවල් අතරට ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ එකතු වුණා

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ මෙතරම් සාර්ථක ලෙස ක්‍රියා ක්‍රියාත්මක වීමට හේතු මොනවාද යන්න හැම දෙනාටම ප්‍රහේලිකාවක් වුණා. ඒ සඳහා හේතු කරණා කිහිපයක් උපකල්පනය කල හැකියි.

පවතින ආර්ථික තත්වය් හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත ඉතා විශාල ලෙස අඩු කරනු ලැබ තිබෙනෙවා. ඒ අනුව ස්ථාවර තැන්පතු ගිණුම් වල සහ ඉතිරි කිරීමේ ගිණනුම් වල පොලී අනුපාත ඉතා අඩු අගයක පැවතීම නිසා එම ගිණුම් වල මුදල් ඉතිරි කිරීමෙන් පොලියෙන් ආදායම්ක් උපයා ගැනීම ඉතුරුම් කරුවන්ට තවදුරටත් වාසිදායක තත්වයක් උදා කරන්නේ නැහැ. [ ශ්‍රී ලංකාවේ බොහෝ විශ්‍රාමිකයන් ඔවුන්ගේ සේවක අර්ථ අර්ථසාධක අරමුදල් ඇතුළු විවිධ අරමුදල් ස්ථාවර තැන්පතු වල (Fixed Deposits) ආයෝජනය කරමින් පොලියෙන් ජීවත් වීමට නැඹුරුව සිටිනවා] ඒ නිසා බොහෝ ඉතුරුම් කරුවන් තමන්ගේ මුදල් කොටස් වෙළඳ වෙළඳ පොලේ ආයෝජනය කිරීමට තිබෙන අවස්තාව වැඩියි.

ඒ වගේම රජයේ පසුගිය මාස කිහිපය තුළදී තුළ ඉතා විශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය තුළ අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල මුදල් ප්‍රමාණයක් සැරිසරනු ලබනවා. Covid-19 සඳහා සහන ලබා දීමට සහ රජයේ වියදම් පියවා ගැනීමට මෙලෙස මුදල් අච්චු ගසනු ලැබුවා. එම මුදල් ප්‍රමාණයෙන් යම් කොටසක් කොටස් වලට වෙළදපොල ඉහළ යාමට හේතු විය හැකියි.

එමෙන්ම වාහන ආනයනය නතර කර තිබීම නිසා සහ එවැනිම සමහර ක්ෂේත්‍ර වල ආනයන සම්පූර්ණයෙන් නතර කර තිබීම නිසා අදාල ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර සම්පූර්ණයෙන් බිඳ වැටීමෙන් ඔවුන් තමන් සතුව තිබූ ප්‍රාග්ධනය කොටස් වෙළඳ පොලේ ආයෝජනය කිරීම කොටස් වෙළෙඳපොළ ඉතා සක්‍රිය වීමට තවත් හේතුවක්.

එලෙසින්ම පවතින රජය කොටස් වෙළෙඳපොළ අධික්ෂණය කිරීම සඳහා සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ සඳහා වෙනම අමාත්‍යවරයෙක් පත් කිරීම මෙන්ම කොටස් වෙළඳපොළේ සමාගම් ලැයිස්තුගත කිරීම සඳහා පිරිනමන සැපයීම කොටස් වෙළෙඳපොළ සක්‍රිය වීමට තවත් එක් හේතුවක් ලෙස දැක්විය හැකියි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ යනු ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිමත් භාවයේ සර්ව සම්පූර්ණ දර්ශකයක් නොවන බව අපි හැමෝම මතක තබා ගත යුතුයි. ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ හැසිරෙන ආකාරය අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකයත් ඒ ආකාරයෙන්ම හැසිරේවි යැයි අනුමාන කිරීම එතරම් නුවණට හුරු නැහැ.

විශේෂයෙන්ම කොටස් වෙළෙඳ පොළේ ඇති ප්‍රධානතම කාරණය වන්නේ විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ හැරයාමයි. ඒ අනුව 2020 වර්ෂයේ දී සමස්තයක් ලෙස විදේශ ආයෝජකයන් ඇමරිකානු ඩොලර් මිලියන 273 ($273m) කොටස් විකිණීමෙන් කොටස් වෙළඳපොළන් ඉවත් වුණා. එමෙන්ම ජනවාරි මාසය තුළදී පමණක් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 25කට ($25m) වඩා වැඩි මුදලක් විදේශ ආයෝජකයන් කොටස් වෙළඳපොළෙන් ඉවත් කරගෙගෙන තිබෙනවා.

මෙලෙස කොටස් වෙලඳපොලෙන් විදේශ ආයෝජකයන් ඉවත් වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් අනුව ක්‍රමයෙන් පහළ තත්ත්වයකට ඇද වැටීමයි. Fitch, Moody’s සහ S&P යන ලොව ප්‍රධාන පෙළේ ආයතන තුළ ම ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ හෙළනු ලැබුවා.

සමහර විදේශ ආයෝජකයන්ට ලෝකයේ විවිධ කොටස් වෙළෙඳ පොළවල් වල ආයෝජනය කළ හැක්කේ පිළිගත් ණය ශ්‍රේණිගත කිරීම් වල ඉහල මට්ටම් වල තිබෙන රටවල් වල පමණයි. ණය ශ්‍රේණිගත කිරීම් වලින් පහළ වැටෙද්දී නිරායාසයෙන්ම ඔවුන්ගේ මුදල් ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගැනීමට ඔවුන්ට සිදුවනවා.

මේ අතර අතරවාරයේදී පසුගිය පෙබරවාරි 2 වන දින කොටස් වෙළදෙඳපොළ විශාල ලෙස පහළ වැටීම බොහෝ දෙනකුගේ විමතියට හේතු වුණා. මින් පෙර සමහර අවස්ථාවල වාර්තා වී ඇති පරිදි මෙවරද වෙළඳ උත්තේජනය කිරීමෙන් පසුව නැවත එය කඩා වැටුණු සම සමහරුන්ගේ මතය වී තිබෙනවා.

ශ්‍රී ලංකා සුරැකුම් කොමිෂන් සභාව (Securities and Exchange Commision – SEC) සමහර ලැයිස්තුගත සමාගම් වල අමතර දත්ත ඉල්ලා සිටිමින් කොළඹ කොටස් වෙළඳපොළ තැරැව්කරුවන් වෙත (Stock brokers) ලැබූ ලිපියක් නිසා එදින කොටස් වෙළඳපොළ එක්වරම පහල වැටුනු බවටද මත පල වෙනවා.

ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ඉලෙක්ට්‍රොනික් පද්ධතිය සකසා තිබෙන්නේ යම් හෙයකින් වෙළඳපොලේ S&P Sl20 දර්ශකය 5% කට වඩා පහළ වැටුණු විට ස්වයංක්‍රීය කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නතර වන ආකාරයටයි. ඉන් අනතුරුව නැවතත් කොටස් වෙළෙඳපොළ දර්ශකය තවත් 2.5% කින් පහල වැටුණහොත් තවත් මිනිත්තු 30ක් සඳහා ඉලෙක්ට්‍රොනික පද්ධතිය ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වනවා.

ඒ අනුව පෙබරවාරි 2 වන දින ඉලෙක්ට්‍රොනික පද්ධතිය ස්වයංක්රීයව දෙවරක් බිඳ වැටුණා. කෙසේ වෙතත් පෙබරවාරි 3 වන දින දින වෙළඳපළ පසුගිය දිනට සාපේක්ෂව යම්කිසි ප්‍රගතියක් ලබා ගත්තත් කලින් පැවති උපරිම තත්ත්වයට ළඟා ව තිබුණේ නැහැ.

බොහෝ දෙනෙක් ගොඩනගන ප්‍රශ්නයක් වන්නේ මෙය වෙළෙඳපොළ විකෘති තත්ත්වයට පත් කිරීමක් ද සහ මේ පසුපස යම්කිසි අයථා කටයුත්තක් සිදු වේද යන්නයි. ඒ පිළිබඳව නිගමනයකටකට පැමිණීමට දත්ත කිසිවක් නැහැ. කෙසේ වෙතත් ඕනෑම වෙළඳපොලක් චිලනය නොවී සෑම දිනකම එකම ආකාරයෙන් ගනුදෙනු සිදු වීමට අවස්ථාවක් නැහැ. කෙසේ වෙතත් සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව මනා සාර්ථක චිත්‍රයක් මවා ගැනීම සඳහා ඉදිරි මාස කිහිපය තුළදී වෙළෙඳපොළ හැසිරෙන ආකාරය අධ්‍යයනය කිරීමට සිදුවනවා.

වඩා වැදගත් වන්නේ ඕනෑම වෙළඳපොලක මුදල් ආයෝජනය කරන පිරිස ඔවුන් ආයෝජනය කරන මුදලින් ප්‍රතිලාභවලට වගේම පාඩු සඳහා වගකිව යුතු වෙනවා. කොටස් වෙළඳ වෙළඳ පොලේ ආයෝජනය කරන්නේ තමන් ආයෝජනය කරන සමාගම් වල තොරතුරු සහ දත්ත නිසි පරිදි පරිශීලනය කිරීමෙන් අනතුරුව විද්‍යානුකූලව තීරණ ගැනීම ඉතාම වැදගත්.

ඒ වගේම සාමාන්‍යයෙන් පොලී අනුපාත අඩු අවස්ථාවල දී කොටස් නිකුත් කිරීමෙන් තොරව ණය ලබාගෙන ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනය සපයාගන්නා ව්‍යාපාරවල අවස්ථාව තිබෙන බව මතක තබාගත යුතුයි

ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ නියාමනය කරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සභාව (Securities and Exchange Commision) කොටස් වෙළදපොලේ ආයෝජකයන්ට නිසි තොරතුරු ලබා ගැනීමටත් අයෝජන සාර්ථක කිරීම සඳහා සමාන අවස්ථා ලබා දීමට අදාල වෙළෙඳපොළ නියාමන කටයුතු නිසි පරිදි කිරීම වැදගත්.

Visits: 944