HNB කටුගස්තොට පාරිභෝගික ඒකකය වැඩි පහසුකම් සමඟ නව නිවහනකට

කටුගස්තොට ප‍්‍රදේශයේ ජනතාවට වඩාත් පහසු හා කාර්යක්ෂම බැංකු සේවා අත්දැකීමක් ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව වැඩිදියුණු කළ තාක්ෂණ හැකියාවන්ගෙන්, නව සැලසුමකින් හා විශේෂාංගවලින් යුතු නව පාරිභෝගික ඒකකය පසුගියදා විවෘත කළේය. 

අංක 154/ඊ, කුරුණෑගල පාර, කටුගස්තොට යන ලිපිනයෙහි පිහිටි නව පාරිභෝගික ඒකකය විවෘත කිරීමේ විශේෂ උත්සවයට HNB විධායක අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, දිල්ෂාන් රොද්‍රිගෝ සහ HNB ජාල කළමනාකරණය පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරී, විනෝද් ප‍්‍රනාන්දු, HNB ප‍්‍රධාන ණය නිලධාරී, නිරෝෂ් පෙරේරා, HNB කලාපීය ව්‍යාපාර ප‍්‍රධානී – මධ්‍යම, විසුවාලිංගම් සම්පන්තර් සහ HNB කලාපීය මෙහෙයුම් ප‍්‍රධානී – මධ්‍යම,  සෙනරත් නාගහපිටිය යන මහත්වරු ඇතුළුව බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගී වූහ.

කටුගස්තොට ප‍්‍රදේශයේ ජනතාව සහ බැංකු කාර්ය මණ්ඩලය අතර සබඳතාවය තියුණු ලෙස වැඩි කරමින් ක්ෂණිකව ගනුදෙනු කටයුතු කිරීමට හා ගනුදෙනුකරුවන්ගේ බැංකු සේවා අත්දැකීම් පහසු කිරීම සඳහා මෙම නව පාරිභෝගික ඒකකය වැඩිදියුණු කර ඇත.

 නවීකරණය කරන ලද HNB කටුගස්තොට නව පාරිභෝගික ඒකකය බැංකුවේ උපාය මාර්ගික පරිවර්තනය සහ තාක්ෂණය කරා පරිණාමය වෙමින් පවතින සිය අනන්‍යතාවය පෙන්නුම් කරන කදිම සාක්ෂියක් ලෙස පෙන්වා දිය හැකිය. නව පාරිභෝගික ඒකකයේ මෙහෙයුම් ආකෘතිය වැඩි දියුණු කිරීමට බැංකුව පියවර ගෙන තිබුණේ ගනුදෙනුකරුවන්ගේ යෝජනා සැලකිල්ලට ගෙන මාස ගණනක් වැඩ කරමින් වීම විශේෂත්වයකි.

මනා පුහුණුව ලත් හා කැපවූ කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව ප‍්‍රතිනිර්මාණය කරන ලද නව මෙහෙයුම් ආකෘතිය හරහා බැංකු කටයුතුවලට සහාය වීම සඳහා HNB නව පාරිභෝගික ඒකකය වැඩි පහසුකම් සහිතව වැඩිදියුණු කර ඇත. මෙම පරිවර්තනය තුළින් HNB මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ නව පාරිභෝගික ඒකකයේ ඇති සුවිශේෂී කලාප භාවිතා කරමින් ගනුදෙනුකරුවන්ට බැංකුව පිරිනමන සෑම සේවාවක්ම භුක්ති විඳින ආකාරය පිළිබඳව වඩා හොඳ අත්දැකීමක් ලබා දීම සඳහාය. නවීන විසිත්ත කාමර, self-help kiosks මෙන්ම වේගවත් හා සරල පද්ධතිවලින් බලගැන්වුනු ඩිජිටල් තිර ආදියෙන් මෙම නව ඒකකය සමන්විත වේ.

තවද HNB විසින් සිය වටිනා ගනුදෙනුකරුවන්ට ප‍්‍රමාදයකින් හා බාධාවකින් තොර කාර්යක්ෂම සේවාවක් ලබා දීම අරමුණු කරන අතර ඔවුන් බලාපොරොත්තු වන තොරතුරු හා සේවා කඩිනමින්, සරලව ලබා ගැනීම සහතික කිරීම සඳහා කළමනාකරුවකු ලබා දීමට ද අදහස් කරයි.

සතියේ සෑම දිනකම පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා ව්‍යාපාර සඳහා විවෘතව පවතින මෙම ්‍යභඊ නව පාරිභෝගික ඒකකය ඩිජිටල් සහ සාමාන්‍ය බැංකු සේවා පහසුකම්වලින් සමන්විත වේ. කටුගස්තොට නගරය හා ඒ අවට සිටින ගනුදෙනුකාරභවතුන්ට බැංකු කටයුතු පහසුවෙන් පවත්වා ගෙන යාමට මෙන්ම බැංකු සේවා අත්දැකීම් විධිමත් හා වැඩිදියුණු කිරීම සඳහා HNB හි ඩිජිටල් බැංකු කටයුතු හා ක‍්‍රියාවලීන් පරිවර්තනය කිරීමේ ප‍්‍රයත්නයන් පුළුල් කිරීමේ අරමුණින් මෙම අතිනවීන පාරිභෝගික ඒකකය නිර්මාණය කර ඇත.

Visits: 47