BRWN දින දෙකකදී මිලදී ගත් BIL හි කොටස් වටිනාකම් රු. බිලියන 16ක් ඉක්මවයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් හි කොටස් 22,948,124ක් ඊයේ (පෙබරවාරි 02) දිනයේදීත් මිලදී ගැනීමට බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගම පියවර ගෙන ඇති බව සඳහන් කරයි.

ඒ අනුව මීට පෙර එම සමාගමේ කොස් මිලදී ගත් සමාගම වන බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන B.I. Holdings සමාගම මගින් මෙම කොටස් මිලදී ගැනීම සිදු කර තිබේ. මෙහිදී එක් කොටසක් රුපියල් 6.40  බැගින් මිලදී ගෙන ඇති අතර ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 146 කි (146,867,993.6) කි.

ඒ අනුව ගෙවුණු දින දෙකක් තුළදී B.I. Holdings සමාගම විසින් මිලදී ගෙන ඇති බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ සමස්ත කොටස් සංඛ්‍යාව 2,634,352,470ක් දක්වා ඉහළ නැග තිබේ. මෙම ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 16ක් (16,859,855,808) ඉක්මවා ඇත.

2021 පෙබරවාරි 01 දා බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී තුළ තිබූ ඔක්ස්ෆර්ඩ් කැපිටල් (පෞද්) සමාගමට අයත් කොටස් 1,110,000,000ක්, චර්චිල් කැපිටල් (පෞද්) සමාගමට අයත් කොටස් 985,809,270ක්, LOLC හෝල්ඩිංග්ස් සමාගමට අයත්ව තිබූ කොටස් 26,688,200ක් සහ LOLC ඉන්වෙස්ට්මන්ට්න්ට් ලිමිටඩ් සමාගමට අයත්ව තිබූ කොටස් 509,855,000ක් මෙලෙස මිලදී ගැනීමට B.I Holdings පෞද් සමාගම කටයුතු යොදා තිබුණි.

ඒ අනුව පෙබරවාරි 02 වැනිදා වනවිට බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සතු බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සීහි කොටස් ප්‍රතිශතය 64.39% සිට 64.55%ක් දක්වා ඉහළ නැග තිබේ. පෙබරවාරි 01 වැනිදා වනවිට එම ප්‍රතිශතය 46.06%ක් ලෙස පැවතුණි.

Visits: 426