මහජන බැංකුවේ වෙස්ටර්න් යුනියන් දිනුම් ඇදීමේ දෙසැම්බර් ජයග්‍රාහකයන් තෝරා ගැනේ

එතෙර සිට මෙරටට වෙස්ටර්න් යුනියන් හරහා එවන මුදල් මහජන බැංකුව වෙතින් ලබා ගන්නා ජයග‍්‍රාහකයින්ට රුපියල් 10,000 බැගින් වූ වටිනා තෑගි පාර්සල් ලබාදීමට දියත් කළ වැඩසටහනේ දෙසැම්බර් මස දිනුම් ඇදීම පසුගියදා කොළඹ 02, මහජන බැංකුව ප‍්‍රධාන කාර්යාලයේදී සිදු කෙරී තිබේ. ඒ අනුව මෙහිදි වාසනාවන්ත ජයග‍්‍රාහකයින් 25 දෙනෙකු තෝරා ගැනීම සිදුවිය.

මෙහි ඉදිරි දිනුම් ඇදීම් සඳහා 2021 මැයි 31 වැනිදා දක්වා වෙස්ටර්න් යුනියන් මුදල් හුවමාරු සේවාවේ  මුදල් මහජන බැංකුව හරහා ලබාගන්නා සියලූම ගනුදෙනුකරුවන් සුදුසුකම් ලබයි.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) මහින්ද පේ‍්‍රමනාත් මහතා සහ සහකාර සාමාන්‍යාධිකාරිනී (එතෙර ගනුදෙනු සේවා) අනෝමා මුද්දුව මහත්මිය ඇතුඵ බැංකු නිලධාරීන් සහභාගි වී තිබේ.

Visits: 19