YouCab ආහාරපාන ඩිලිවරි සේවාව ‘Foodie’ නමින් ඇරඹේ

ඩිලිවරි සේවාවක් පිරිසිදුව හා සෞඛ්‍යාරක්‍ෂිත ලෙස පවත්වා ගැනීම මෙන්ම, රටේ සියලුම ප්‍රදේශ වලට සේවාවන් සැපයීමට හැකියාව තිබීමත් අතිශයින් වැදගත් ය. මෙම අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, දේශීය කුලීරථ සේවාවක් වන YouCab පසුගිය වසරේදී Foodie නමින් ආහාරපාන ඩිලිවරි සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කළ බව පවසයි.

VirTrans Capital (පුද්.) සමාගමට අනුබද්ධ YouCab විසින්, සිය ඇමතුම් මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය, ස්ව්ඡාවෙන් ඉදිරිපත් වූ ගමනාගමන සේවා හවුල්කරුවන් සහ මෙහෙයුම් කාර්ය මණ්ඩලය සම්බන්ධ කරගනිමින් පසුගිය වසරේදී VirTrans Capital Delivery (පුද්.) සමාගම ආරම්භ කරන ලදි.

ඒ අනුව ඩිලිවරි සේවාවෙන් ලද අත්දැකීම් සහ පාරිභෝගික ප්‍රතිචාර පදනම් කරගෙන විශේෂ ජංගම දුරකථන යෙදුමක් (App) ද නිර්මාණය කරන ලද අතර එය දියත් කිරීම 2021 ජනවාරි 04 දින සිදුවිය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් VirTrans Capital (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිර්තාජ් සීලනාථ මහතා මෙසේ පැවසී ය. “2020 මාර්තු මාසයේදී COVID-19 වසංගත තත්ත්වය නිසා රටට ඇඳිරි නීතිය පැනවුණු විට ජනතාවට මූලික අවශ්‍යතා පවා සපුරා ගැනීමට අපහසු තත්ත්වයක් පැනනැගුණා. විශේෂයෙන්ම ආහාරපාන ගෙන්වා ගැනීම බෙහෙවින් දුෂ්කර වූවා. ඒ වනවිටත් අපගේ කුලීරථ සේවාව වසරකට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක වී තිබුණු අතර,ආහාරපාන ඩිලිවරි සේවාවකුත් හඳුන්වා දීමට අප සැලසුම් කරමින් සිටියා. කෙසේවුවත්, පැවති තත්ත්වය නිසා Foodie සේවාව සැලසුම් කිරීමේ කටයුතු ඉක්මන් කරමින්, අපේක්ෂා කළ කාලයට පෙර එය දියත් කිරීමට අප පියවර ගත්තා.”

“මේ වනවිට ඇඳිරි නීතිය පැනවීම් සිදු නොවුණත්, ඩිලිවරි සේවාවන් වල අවශ්‍යතාව පෙරටත් වඩා දැඩිව පවතිනවා. අප මේ උත්සාහ කරන්නේ ශ්‍රී ලාංකික සත්කාරකත්වයේ අනන්‍යතාවක් සමගින් පාරිභෝගිකයා සහ සැපයුම්කරුවා එකිනෙකා වෙත සමීප කරවීමටයි.  මේ ශ්‍රී ලාංකික සත්කාරකත්වය YouCab මෙහෙයුම් වලත් අනිවාර්ය අංගයක්.” ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

Foodie Delivery App මගින් පාරිභෝගිකයන් සහ ආහාරපාන අලෙවිකරුවන්/සැපයුම්කරුවන් සම්බන්ධ කරමින්, පාරිභෝගිකයන් ඇණවුම් කරන භාණ්ඩ, ඒවා ප්‍රවාහනයට ඉදිරිපත් වන ගමනාගමන හවුල්කරුවන් හරහා ඔවුන්ගේ නිවෙස් වලට ගෙනගොස් භාරදීම සිදුකෙරේ. දැනටමත් මෙම සේවාවට ආහාරපාන වර්ග විශාල සංඛ්‍යාවක් එක්කර ඇති අතර, අන්තර්ජාලය ඔස්සේ හෝ භාණ්ඩ ලැබුණු විට ගෙවීම් කළ හැක. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ, දුර සීමාවන් ඉක්මවා, ඩිලිවරි ජාලය තුළ පිහිටි තම ප්‍රියතම ආපනශාලා වෙතින් ආහාරපාන ගෙන්වා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබීමයි.

සම්මත ගාස්තු ක්‍රමයක් වෙනුවට තම ව්‍යාපාරයේ ස්වභාවය හා ප්‍රමාණය අනුව ගිවිසුම් ක්‍රමයක් තෝරා ගනිමින් ඒ අනුව ගෙවීම් කිරීමට, මෙම සේවාව සමග අත්වැල් බැඳගන්නා අලෙවිකරුවන්ට අවස්ථාව හිමි වේ. ආපනශාලා සහ ගෘහස්ථ බේකරිකරුවන්ට තමන්ට අවශ්‍ය ඩිලිවරි කාලසීමාවන් තීරණය කිරීමට, ඇණවුම් පරීක්ෂා කිරීමට, ඇණවුම් වලට අදාළ ආහාරපාන පිටත් කිරීම් තහවුරු කිරීමට, ඇණවුම් වල ගමන්මග පරීක්ෂා කිරීමට, එකිනෙකට වෙනස් ගෙවීම් ක්‍රම මගින් ගෙවීම් භාරගැනීමට සහ අවම ඇණවුම් වටිනාකම් සහ වට්ටම් ආදිය තීරණය කිරීමට හැකියාව ඇත.

අන් අය අතරකැපීපෙනීම සඳහා Foddieප්‍රවාහන සේවා සපයන්නන්ට විශේෂ ඇඳුම් ලබා දී තිබේ. දේශීය කර්මාන්ත හා කලාවන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඔවුන් බතික් කමිස වලින් සැරසී පැමිණෙන අතර, පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් ඔවුන්ට පුළුල් මට්ටමේ පුහුණුවක්ද ලබාදීමට කටයුතු යොදා ඇත.

Foodie සේවාව දැනට බස්නාහිර හා මධ්‍යම යන පළාත් වල ක්‍රියාත්මක වේ. දැනටමත් ආපනශාලා විශාල සංඛ්‍යාවක් මෙම සේවාව සමග එක්වී සිටින අතර, මේ අතරින් ඇතැම් ආපනශාලා වලින් ආහාරපාන ඇණවුම් කිරීමට හැකිවන්නේ Foodie App වෙතින් පමණි.  Android සහiOS සඳහා Foddie App බාගත කර භාවිතා කළ හැක. 0115 898989 දුරකථන අංකයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ.

Visits: 67