ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් තැන්පතුවලින් 50%ක් ආපසු ගෙවීම හෙට ඇරඹෙයි

මූල්‍ය අර්බුදයට ලක්ව ගනුදෙනු අත්හිටුවා ඇති ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පීඑල්සී සමාගමේ ඉතිරි තැන්පතුවලින් 50෴ක් ආපසු ගෙවීමේ සැලසුම පෙබරවාරි 03 (හෙට) දිනයේ සිට ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් මගින් සඳහන් කරයි.

මෙම තැන්පතු ආපසු ගෙවීමේ සැලැස්ම සඳහා පමණක් ගනුදෙනු තාවකාලිකව ආරම්භ කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් පසුගිය ජනවාරි 12 වැනිදා ගනු ලැබූ තීරණය යටතේ මෙම කටයුතු සිදු කෙරෙන බව මහ බැංකුව පවසයි.

&ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය විසින් රැස් කරන ලද තැන්පතුවලින් මේ වන විට ගෙවා ඇති 30෴ක ප්‍රමාණය සහ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක්‍රමය යටතේ ආවරණය වන රක්ෂණ වන්දි  මුදල් හැර, ඉතිරි තැන්පතු වටිනාකමින් 50෴ක් ගෙවීම 2021 පෙබරවාරි 03 වැනිදා සිට ආරම්භ කරනු ලැබේ.* යනුවෙන් මහ බැංකුව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනය මෙසේය.

Visits: 128