සෙලින්කෝ ලයිෆ් හත්වන වසරටත් මෙරට ‘හොඳම ජීවිත රක්ෂණ සමාගම’ බවට පත්වෙයි

කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ ව්‍යාපාර පසුබෑමකට ලක්වූ 2020 වසරේදී පවා සෙලින්කෝ ලයිෆ් සමාගමේ අඛණ්ඩ කාර්යසාධනය නැවතත් ස්ථීර කරමින් වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගම යළිත් තෝරාගෙන ඇතැයි පවසයි.

වර්ල්ඞ් ෆයිනෑන්ස් වාර්ෂික ගෝලීය රක්ෂණ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී පිට පිටම හත් වතාවක් සෙලින්කෝ ලයිෆ් සමාගම මෙම සම්මානය වාර්තාගත ලෙස දිනාගෙන තිබෙන අතර ගනුදෙනුකරුවන්ට හොඳ සේවාවක් ලබාදීම සඳහා සමස්ත ක‍්‍රියාවලිය, කාර්යක්ෂමතාවය සහ සබඳතාවය අඛණ්ඩව වර්ධනය කරන සමාගමක් ලෙසින් සෙලින්කෝ ලයිෆ් මෙහිදී හඳුනාගෙන තිබේ. 

මූල්‍ය කර්මාන්තය, ජාත්‍යන්තර වෙළෙඳාම සහ ගෝලීය ආර්ථිකය විශ්ලේෂණය කරන එංගලන්තය පදනම් කරගත් මෙම සඟරාව සිදුකළ මෙම තක්සේරුවේදී මෙම සම්මානය ලබාදීම සඳහා මෙහෙයුම් කාර්යසාධනය මැනීම සඳහා බහුවිධ ප‍්‍රවේශයක් භාවිතා කර ඇත.

මෙම තක්සේරුව සඳහා රක්ෂණ ක‍්‍රියාවලිය සහ එම ක‍්‍රියාවලියේ කාර්යක්ෂමතාවය, රක්ෂණ ඔප්පුව නඩත්තු කිරීම – ගනුදෙනුකරුවන්ගේ රක්ෂණ ඔප්පු විමර්ශනය කිරීමේ ක‍්‍රියාවලිය, රක්ෂණ ඔප්පුවක ආවරණය සහ පිරිවැය ගැලපීම, අවධානමට නිරාවරණය, පාරිභෝගිකයින් රඳවා ගැනීමේ අනුපාතය, වන්දි ගෙවීමට සඳහා ගතවන සාමාන්‍ය කාලය, නව ගනුදෙනුකරුවන් බඳවා ගැනීමේ අනුපාතය සහ මූල්‍ය ස්ථායීතාවය – වාරික ආදායම, වෙළෙඳපොළ කොටස, ජීවිත අරමුදල සහ සමාගමේ ලාභය සැලකිල්ලට ගෙන තිබේ.

මෙම සම්මාන ලාභීන් ඒ ඒ ක්ෂේත‍්‍රවල සුපිරිතම අය යැයි ස්ථීර කිරීම සඳහා දැඩි අවදානයක් දක්වන සමීක්ෂණ කණ්ඩායමකින් සහ සාමුහිකව අවුරුදු 230 කට වැඩි මූල්‍ය සහ ව්‍යාපාරික අත්දැකීමක් ඇති විනිශ්චය මඩුල්ලක් වර්ල්ඞ් ෆයිනෑන්ස් සඟරාව මගින් යොදවා ඇත. මීට අමතරව, නාම යෝජනා ලබාදීම සඳහා මෙහිදී පාඨක දැනුම සහ පළපුරුද්ද අදාළ කරගන්නා බව සමාගම සඳහන් කරයි. විනිශ්චය මණඩලය විසින් මෙම විනිශ්චයන් කිරීමේදී සමාගමේ ප‍්‍රමාණය වැනි ක‍්‍රමවේදයන් පිළිබඳව පක්ෂග‍්‍රාහීක්වය දැක්වීමෙන් වැලකී සිටිය යුතු වේ.

‘වසංගත තත්ත්වය නිසා ව්‍යාපාර ක‍්‍රියාවලියට සහ ඵලදායීතාවයට එල්ලවූ අහිතකර බලපෑම නිසා පාරිභෝගිකයින්ට අපහසුතාවයක් ඇතිවීමට අවකාශයක් තිබුණ ද, අප දැඩිව යහ ක‍්‍රමවේද වලට අනුගතව ව්‍යාපාරකරණයේ යෙදීම මගින් පාරිභෝගික සතුට පවත්වාගෙන යාමට දක්වා තිබෙන හැකියාව මෙම සම්මානය මගින් නැවතත් ස්ථීර කර තිබෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, තුෂාර රණසිංහ මහතා පැවසීය.

‘මෙම අඛණ්ඩභාවය පවත්වාගෙන යාමට හැකිවී තිබෙන්නේ සියළු මට්ටම්වල කාර්ය මණ්ඩලයට නිරන්තර පුහුණුව සහ අභිපේ‍්‍රරණය ලබාදීම තුළිනුයි. එසේම, විශිෂ්ටත්වයට පත්වීමේ සංස්කෘතියක් සමාගම තුළ ගොඩනගා තිබෙනවා. ප‍්‍රමාණාත්මක ඇගයීමකින් ඔබ්බට ගොස් ගුණාත්මක ඇගයීමක්ද කර තිබෙන නිසා මෙම සම්මානය අපට වැදගත් වෙනවා.’   

මෙම සම්මානය අඛණ්ඩවම වසර ගණනාවක් ජයග‍්‍රහණය කළ මෙරට එකම ජීවිත රක්ෂණ සමාගම වන්නේ සෙලින්කෝ ලයිෆ් සමාගමයි. මෙමගින් සමාගමේ මූල්‍ය ශක්තියට අමතරව නවෝත්පාදනය, කැපවීම, කාර්යක්ෂමතාවය සහ සමස්ත ක‍්‍රියාවලී කළමනාකරණය තුළින් පාරිභෝගික සබඳතා ගොඩනගා ගැනීමේ සාර්ථකත්වය ඇගයීමට ලක් කරයි. 

2019 මූල්‍ය වසර අවසන් වනවිට සෙලින්කෝ ලයිෆ් සමාගමේ සමස්ත ආදායම රුපියල් බිලියන 32.1 ක් වූ අතර දළ ලිඛිත රක්ෂණ වාරික ආදායම රුපියල් බිලියන 18.7 ක් විය. මේ අනුව, සමාගම පිට පිටම 16 වන වතාවටත් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ අංශයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා වූ අතර රුපියල් බිලියන 6.7 ක ශුද්ධ ලාභයකට, රුපියල් බිලියන 116.9 ක ආයෝජන කළඹකට, රුපියල් බිලියන 133.4 ක සමස්ත වත්කම් ප‍්‍රමාණයකට හිමිකම් කියන ලදී.

Visits: 24