සෙලින්කෝ ලයිෆ් පරිත්‍යාග කරන 82 වන සහ 83 වන පන්ති කාමර ඇල්පිටියේ සහ කෑගල්ලේ පාසැල් වෙත

පාසැල් දරුවන් සඳහා පන්ති කාමර ගොඩනැගිලි ලබාදීමේ සෙලින්කෝ ලයිෆ් සමාගමේ සමාජ සත්කාරක වැඩසටහන යටතේ ලබාදුන් 82 වන සහ 83 වන පන්ති කාමර ගොඩනැගිලි පසුගියදා ඇල්පිටිය සහ කෑගල්ල ප‍්‍රදේශවල පිහිටා තිබෙන පාසැල් දෙකක 05 වසර සිසුන් වෙනුවෙන් ප‍්‍රදානය කළ බව පවසයි.

මෙම පන්ති කාමර ගොඩනැගිලි කෑගල්ලේ හෙළමැද ප‍්‍රදේශයේ පිහිටි ශ‍්‍රී ධම්මජෝති ප‍්‍රාථමික විදුහලට සහ ඇල්පිටියේ, තණබද්දේගම පිහිටි ගා/තණබද්දේගම අනගාරික ධර්මපාල විදුහලට ලබාදී තිබේ. මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයාගේ වරකාපොළ සහ ඇල්පිටිය ශාඛා මෙම පන්ති කාමර ගොඩනැගිලි ඉදිකිරීම පිළිවෙලින් සම්බන්ධීකරණය කර ඇත. 

මෙම පන්ති කාමර ගොඩනැගිලි දෙකම ඉදිකිරීම 2020 වසරේ ජනවාරි මාසයේදී ආරම්භ කර තිබෙන අතර ඒවා ජූලි සහ අගෝස්තු මාසයේදී වැඩ අවසන් කර තිබේ. වංසගත තත්ත්වය මධ්‍යයේ වුවද 2020 දෙසැම්බර් මාසයේදී මෙම පන්ති කාමර ගොඩනැගිලි අදාළ පාසැල් වෙත නිළ වශයෙන් භාරදුන් බව සමාගම පවසයි.

මෙම පාසැල් සඳහන් කරන්නේ මෙම නව පන්ති කාමර ගොඩනැගිලි නිසා විශේෂයෙන්ම 05 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට විශාල පිටුබලයක් හිමිවනු ඇති බවයි. මෙම සිසුන්ගෙන් බොහෝ දෙනෙකු අමතර පන්ති සඳහා සහභාගී නොවන අතර සම්පූර්ණයෙන්ම පාහේ පාසැලෙන් දැනුම ලබාගනී. මේ නිසා, මෙම නව පන්ති කාමර ගොඩනැගිලි එම සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට විශාල සහයෝගයක් ලබාදෙනු ඇතිබව මෙම පාසැල්වල ප‍්‍රධානීන් සඳහන් කරයි. 

2004 වසරේදී ලූණුගම්වෙහෙර තිස්ස ප‍්‍රාථමික විදුහලේ පන්ති කාමර ගොඩනැගිල්ලක් ගොඩනගමින් ආරම්භ කළ මෙම වැඩසටහන මේ වනවිට සමස්ත දිවයිනම ආවරණය කර තිබේ.  

සෙලින්කෝ ලයිෆ් සිය ආයතනික සමාජ වගකීම අර්ථ දක්වා තිබෙන්නේ ඉහළම ගුණත්වයේ මූල්‍ය ආරක්ෂාවක් හා රැකවරණයක් ලබාදෙන අතරම අවශ්‍යතා සහිත ජනතාව වෙනුවෙන් අර්ථාන්විත සෞඛ්‍ය හා අධ්‍යාපනික සමාජ සත්කාරක වැඩසටහන් තුළින් දුර බැහැර ප‍්‍රදේශවල වුවද තිරසාර ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමට අඛණ්ඩව කැපවීමට බවත් පවසයි.

Visits: 17