අත්හිටුවා තිබූ සිලෝන් ප්‍රින්ටර්ස්, ඔෆිස් ඉක්විප්මන්ට් සහ පැරගොන් සිලෝන් කොටස් ගනුදෙනු යළි ඇරඹේ

කොළඹ කොටස් හුවමාරුව මගින් කොටස් ගනුදෙනු අත්හිටුවා තිබූ සිලෝන් ප්‍රින්ටර්ස් පීඑල්සී, ඔෆීස් ඉක්විප්මන්ට් පීඑල්සී සහ පැරගොන් සිලෝන් පීඑල්සී යන සමාගම්හි කොටස් ගනුදෙනු අද (2021 ජනවාරි 27 වැනිදා) සිට යළි ඇරඹීමට අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වෙයි.

පසුගිය දෙසැම්බර් 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගනුදෙනු අත්හිටුවීම සිදුව තිබුණි. කොළඹ කොටස් හුවමාරුවෙහි සමාගම් ලැයිස්තුගත කිරිම පිළිබඳ 7.4 රීතිය යටතේ මෙම මෙම තීරණය ගැනීම සිදු විය.

මෙම දිනයේදී හෝ ඊට පෙර සිලෝන් ප්‍රින්ටර්ස්, ඔෆිස් ඉක්විප්මන්ට් සහ පැරගොන් සිලෝන් යන සමාගම් සිය මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමට අපොහොසත්වීමත් සමගින්ම දෙසැම්බර් 23 වැනිදා සිට ඒවායේ ගනුදෙනු අත්හිටුවීමට කොළඹ කොටස් හුවමාරුව මෙලෙස තීරණය ගැනීමට හේතුව විය.

එතෙක් එම සමාගම් කොටස් හුවමාරුවෙහි Watch List ලැයිස්තුවට ඇතුළත් කර තිබුණි. 2020 ජුනි 30 වැනිදායින් අවසන් වූ කාර්තුව සඳහා එම සමාගම් වෙතින් සිය මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර නොතිබීම මෙලෙස එම Watch List ලැයිස්තුවට එම සමාගම් ඇතුළත් කෙරිණි.

මෙලෙස ගනුදෙනු අත්හිටුවීම සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව පසුගිය දෙසැම්බර් 14 වැනිදා අදාළ සමාගම් වෙත දැනුම් දීමක් සිදු කළ අතර, එවැනි අවස්ථාවක් වළක්වා ගැනීම සඳහා එම සමාගම් දෙසැම්බර් 22 වැනිදාට පෙර ඒවායේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කළ යුතුව තිබුණි.

Visits: 305