ලංකා ටයිල්ස් සන්නාමය වෙනස් වෙයි?

මෙරට අංක එකේ ටයිල් සමාගමක් වන ලංකා ටයිල්ස් පීඑල්සී සමාගමට අයත් ‘ලංකාටයිල්ස්’ සන්නාමය වෙනස් කිරීමකට ලක් කර ඇතැයි තොරතුරු වාර්තා වෙයි. ඒ අනුව අතුරුගිරිය පාරේ පිහිටි ලංකාටයිල්ස් ප්‍රදර්ශනාගාරයක් මෙම නව සන්නාමය සහිතව ඉදිරිපත් කර තිබේ.

අද වනවිට ලංකාටයිල්ස් පීඑල්සී සමාගම සතුව දිවයින පුරා පිහි ප්‍රදර්ශනාගාර ජාලය යටතේ එම සමාගමට අයත් ප්‍රදර්ශනගාර දෙකක්, බලයලත් ප්‍රදර්ශනාගාර 46 ක්, බෙදාහරින්නන් 30 දෙනෙකු, ඍජු අලෙවිකරුවන් 36 දෙනෙකු සහ නිෂ්පාදනාගාර අලෙවිහල් 15ක් පිහිටා ඇත.

ලංකා ටයිල්ස්  සමාගමේ ආසන්නතම ප්‍රදර්ශනාගාරය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී අනුරාධපුරයේ තිඹිරිකඩවලදී විවෘත කර තිබේ. එහෙත් එම ප්‍රදර්ශනාගාරයේ ප්‍රදර්ශනය කර ඇත්තේ ලංකාටයිල්ස් පැරණි සන්නාමයයි.

Visits: 490