Google’s Business Messages සමඟ ඒකාබද්ධ වූ මෙරට පළමු ජංගම දුරකතන සන්නිවේදකයා බවට එයාර්ටෙල් පත් වෙයි

  • Google Search සහ Maps හරහා පාරිභෝගිකයින්ට ක්ෂණිකව චැට් කිරීමේ හැකියාව
  • ඉදිරි මාසවලදී සැලසුම් කර ඇති පාරිභෝගික අත්දැකීම් වඩාත් වැඩිදියුණු කිරීම සඳහා තවදුරටත් ආයෝජනය කරයි

ශ්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය සමාගම Google’s Business Messages සේවාව සමඟ සාර්ථකව ඒකාබද්ධ වූ බව නිවේදනය කරයි.

මෙම සේවාව හා එක් වීමත් සමඟින් එයාර්ටෙල් සහාය හෝ තොරතුරක් සොයන ඕනෑම කෙනෙකුට Google Maps සහ Google Search වෙත පහසුවෙන් පිවිසීමට හැකියාව ඇති අතර මෙම නව විශේෂාංගය මගින් ඒ සඳහා message button පහසුකමක් සලසා දී ඇත. එමෙන්ම පාරිභෝගිකයෙකුට යම් අංකයක්, තොරතුරක් සෙවීම සඳහා සබඳතා මධ්‍යස්ථානයකට ඇමතීමට ගත වන කාලය මෙම විශේෂාංගය මගින් ඉවත් කරන අතර එමඟින් පාරිභෝගික අත්දැකීම සමස්තයක් ලෙස වැඩිදියුණු කර ඇත.

නුදුරු අනාගතයේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටින BOT ඒකාබද්ධතාවයත් සමඟින් මෙම වේදිකාවන් වෙත පිවිසීම තවදුරටත් පුළුල් වනු ඇත. තවද එයාර්ටෙල් හි පණිවිඩ යවන වේදිකාවල අවම මිනිස් මැදිහත්වීමකින් බාධාවකින් තොරව අඛණ්ඩ පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සඳහා පරිශීලකයාගේ අවශ්‍යතා හඳුනා ගැනීමට හා විසඳුම් ලබා දීමට මෙම ස්වයංක්‍රීය ක්‍රියාව මගින් හැකි වනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, අශීෂ් චන්ද්‍රා මහතා “වඩාත් හොඳ පාරිභෝගික අත්දැකීමක් ලබා දීම අරමුණු කරගනිමින් ඩිජිටල්කරණ සේවා සඳහා එයාර්ටෙල් අඛණ්ඩව ආයෝජනය කර තිබෙනවා. ව්‍යාප්ත වෙමින් පවතින අපගේ විවිධ පරාසයේ ඩිජිටල් වේදිකා ජාලය තුළට Google’s Business Messages සේවාව ඒකාබද්ධ කිරීමත් සමඟ පාරිභෝගිකයින්ට පහසුවෙන් අප වෙත ලඟා විය හැකි තවත් ආකර්ෂණීය සේවාවක් ලබා දුන් ශ්‍රී ලංකාවේ පළමු ජංගම දුරකතන සන්නිවේදකයා වීමට ලැබීම ගැන අප ඉතා ආඩම්බර වෙනවා.” යනුවෙන් පැවසුවේය.

“ඊළඟ පරම්පරාව සඳහා නව තාක්ෂණයෙන් යුතු සබඳතාවන් සොයා යන අපගේ ගමනේදී මෙම පහසු ප්‍රවේශය ඒ සඳහා නිවැරදි එක් පියවරක් වනු ඇති බව අප විශ්වාස කරනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

එයාර්ටෙල් වෙබ් අඩවියෙහි ඇති ෆේස්බුක් මැසෙන්ජර් (Facebook Messenger) සහ සජීව චැට් කිරීමේ සේවාව (live chat function) ඇතුළුව දැනට පවතින පාරිභෝගික සහාය වේදිකාවලට අමතරව මෙම Google’s Business Messages සේවාව දියත් කළ අතර ඉන්පසුව වට්ස්ඇප්, වයිබර්, ටෙලිග්‍රෑම් හා ට්විටර් සමාජ මාධ්‍ය ජාල සඳහා පාරිභෝගික සේවා හඳුන්වා දීමට සමාගම කටයුතු කළේය.

එයාර්ටෙල් පරිශීලකයින්ට තමන් කැමති වේදිකාවක් හරහා මෙම සේවා වෙත ප්‍රවේශ වීමේ හැකියාව ඇත. මේ වන විට පාරිභෝගික අවශ්‍යතා සපුරා ලීම සඳහා BOT මත පදනම් වූ මෙනුවක් යොදවා ඇති අතර වඩාත් පුළුල් පරාසයක සේවා සැපයීම සඳහා එය තවමත් සංවර්ධන මට්ටමේ පවතී-

පණිවිඩ යවන වේදිකා සමඟ ඒකාබද්ධ වීම මගින් සියලුම ඩිජිටල් වේදිකා පිවිසුම් සඳහා සරල හා එක් එක් පුද්ගලයාට විශේෂිත වූ සේවාවක් ලබා දෙනු ඇති අතර ඉතා වේගවත් වත්මන් ඩිජිටල් ලෝකය තුළ අඛණ්ඩව පරිශීලක අත්දැකීමක් ලබා දීම සඳහා පහසුකම් සලසනු ඇත. ඇමතුම් ගැනීම ආදී සාම්ප්‍රදායික සේවා සම්බන්ධයෙන් සැලකීමේදී එයාර්ටෙල් අද වන විට පාරිභෝගිකයින් පිවිසෙන අනෙකුත් සියලුම සේවා ඩිජිටල්කරණය කර ඇති අතර එයාර්ටෙල් හි ඩිජිටල් ගමන්මග වෙත එක් වීමට ද පරිශීලකයින්ට අවස්ථාව ලබා දී ඇත.

එයාර්ටෙල් විසින් දැනට සිටින හා නව පරිශීලකයින්ට එක හා සමානව ළඟා විය හැකි පරිදි සිය ඩිජිටල්කරණය කළ සේවා වැඩි දියුණු කිරීම වඩාත් වේගවත් කිරීමට කටයුතු කරනු ඇත. එයාර්ටෙල් හි ඩිජිටල්කරණය කළ පාරිභෝගික සේවා පහසුකම භාෂා ත්‍රිත්වයෙන්ම ලබා ගත හැකිය. පරිශීලකයින්ට ඕනෑම සමාජ මාධ්‍ය යෙදවුමක් හරහා ඕනෑම දුරකතන ජාලයක ඩේටා පැකේජයක් සක්‍රීය කිරීමට හෝ මිලදී ගැනීමට අවශ්‍ය නම් ඔවුන්ගේ දැනට පවතින මුදල් ශේෂය හරහා ගෙවීමෙන් හෝ online මගින් රීචාර්ජ් කිරීමෙන් එය සිදු කළ හැකිය.

Visits: 63