මහජන බැංකුවේ LANKA QR ගෙවීම් පහසුකම දියත උයනට සහ නුගේගොඩට

ශ්‍රී ලංකා මහ බැංකුව දියත් කළ රට පුරාම LANKA QR වැඩසටහනේ දෙවැනි අදියරට සමගාමීව මහජන බැංකුව සංවිධානය කළ LANKA QR පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් බත්තරමුල්ල දියත් උයනේදී සහ නුගේගොඩදී පසුගියදා පැවැත් වූ බව බැංකුව පවසයි.

සමාජයේ මුදල් භාවිතය අවම කිරීම සහ මූල්‍ය අන්තර්ගතභාවය අවම කිරීමේ අරමුණින් ජංගම දුරකථනය හරහා වේගවත්, ආරක්ෂාකාරී සහ අඩු වියදම් ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක් ඇති කිරීම උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුව මෙම LANKA QR සුවිශේෂී ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය හඳුන්වාදෙනු ලැබීය.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම් හා ඩිජිටල්) කේ.බී. රාජපක්ෂ, අලෙවි ප්‍රධානි නාලක විජේවර්ධන, පීපල්ස් කාඩ් මධ්‍යස්ථානයේ ප්‍රධාන කළමනාකාර ප්‍රසාද් මාරසිංහ, කොළඹ පිටත ප්‍රාදේශිය කළමනාකාර ලාල් පීරිස් යන මහත්වරුන් ඇතුඵ බැංකු කාර්ය මණ්ඩලය සහභාගී වී තිබේ.

Visits: 35