ඉෂාර – ධම්මික තරගයෙන් ඉෂාර තවම ඉදිරියෙන්ලු

මෙරට ව්‍යාපාරික ලෝකය තුළ වැඩිම වෙළෙඳපොළ වටිනාකමක් සහිත ව්‍යාපාරිකයන් අතර තරගයෙන් තවදුරටත් ඉදිරියෙන් සිටීමට තරුණ ව්‍යාපාරිකයෙකු වන එල්ඕඑල්සී සමූහයේ සභාපති ඉෂාර නානායක්කාර මහතා සමත්ව සිටින බව වාර්තා වෙයි. මෙම තරගයේදී ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ තවත් සුප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ ව්‍යාපරිකයෙකු වන හේලීස් සමූහ ව්‍යාපාරය ඇතුළුව තවත් ව්‍යාපාර රැසක හිමිකරුවා වන ධම්මික පෙරේරා මහතාය.

පසුගිය සතියේදී කොළඹ කොටස් හුවමාරුවේ සිදු වූ ගනුදෙනුවලදී මෙම දෙපාර්ශ්වය එකිනෙකාට පරයා සිදු කරන මෙම තරගකාරීත්වය ඉතාමත් හොඳින් දැකගත හැකිවිය. විශේෂයෙන්ම පෙර සතියේදී කොළඹ කොටස්  හුවමාරුවේ මුල් තැන ගැනීමට ඉෂාර නානායක්කාරගේ නායකත්වයෙන් යුත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සහ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම් සමත් විය.

එසේම පසුගිය සතිය ආරම්භයේදීම ධම්මික පෙරේරා මහතා සිය හිමිකාරීත්වය සහිත ලැයිස්තුගත සමාගම් කොටස් සම්බන්ධයෙන් සිදු කිරීමට යන කොටස් අතුරු බෙදීමත් සමගින්ම එම සමාගම්වල වටිනාකම් ඉතා සීඝ්‍ර ලෙස ඉහළ  යාමක් සිදුව තිබේ.

මේ අතර පසුගිය සිකුරාදා දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි සිදු වූ ගනුදෙනුවලදී එල්ඕඑල්සී සමූහයේ සමාගම්වල කොටස් වටිනාකම් යළිත් තවත් වටයකට කැපී පෙනෙන ලෙස ඉහළ  යාම සිදු විය.

ඒ අනුව ආසන්න කාලසීමාවේදී වෙළෙඳ පොළ තුළ පවතින මෙම තරගකාරීත්වය සම්බන්ධයෙන් විශ්ලේෂනාත්මක වාර්තාවක් ගෙන එන අද දිනයේදී පළ වූ ඩේලි එෆ්ටී පුවත්පත මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා අතර එකිනෙකා පරයා යන තරගකාරීත්වයක් එළිපිට පෙන්නුම් නොකළද වෙළෙඳ පොළ වටිනාකම් අනුව තම සමාගම් ඉදිරියට ගෙන ඒමේ යම් තරගයක් පවතින බව සඳහන් කරයි.

මේ තත්ත්වයත් සමගින්ම 2021 ජනවාරි 22 වැනිදා වනවිට ඉෂාර නානායක්කාරගේ පාලනය යටතේ පවතින සමාගම් සතු ඒකාබද්ධ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලිය න 469ක් බවට පත්ව තිබේ. එය කොළඹ කොටස් හුවමාරුවෙහි සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයෙන් 12%කට වඩා වැඩි ප්‍රතිශතයකි. මේ අතර ධම්මික පෙරේරා මහතාගේ පාලනය යටතේ පවතින සමාගම් සතු ඒකාබද්ධ වෙළෙඳ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 440 කි.

මෙහිදී පසුගිය ජනවාරි 22 වැනිදා වන විට ඉෂාර නානායක්කාරගේ ලැයිස්තුගත සමාගම් අතරින් එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී කොටසක වෙළෙඳ පොළ වටිනාකම රුපියල් 351.25ක් බවට පත්ව තිබෙන අතර සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 166,914 කි. එසේම බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 209.75ක් බවට පත්ව ඇති අතර එහි වෙළෙඳ පොළ වටිනාකම රුපියල් මිලියන 44,598 කි. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 6.90ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 99,151 කි. ඊඩ්න් හොටෙල් ලංකා පීඑල්සීහි කොටසක් රුපියල් 13.10ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 6,916 කි. පාම් ගාර්ඩන් හොටෙල්ස් පීඑල්සීහි කොටසක් රුපියල් 31.70ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 1,371 කි. ඇග්ස්ටාර් ෆර්ටිලයිසර් පීඑල්සීහි කොටසක් රුපියල් 8.00ක් වන අතර එහි වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 2,460කි. එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සීහි කොටසක් රුපියල් 9.10ක් වන අතර, එහි වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 47,775කි. කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සීහි කොටසක් රුපියල් 9.10ක් වන අතර එහි වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 58,037 කි. එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සීහි කොටසක් රුපියල් 106.50ක් වන අතර  එහි වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 25,340කි. සෙලාන් බැංකුවේ කොටසක වටිනාකම රුපියල් 63.50ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 16,301 කි. ඒ අනුව මෙම සමස්තයේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයේ එකතුව රුපියල් මිලියන 468,863 කි.

2021 ජනවාරි 22 වැනිදා වනවිට ධම්මික පෙරේරා මහතාගේ ලැයිස්තුගත සමාගම් අතරින් වැලිබල් වන් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 54.60ක් වන අතර එහි වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 59,326 කි. එල්බී ෆිනෑන්ස් පීඑල්සීහි කොසක වටිනාකම රුපියල් 233.25ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 32,308 කි. රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සීහි කොටසක වටිනාකම රුපියල් 288.50ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 31,962 කි. ලංකා සෙරමික්ස් පීඑල්සී හි කොටසක් රුපියල් 172.25ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 1,033 කි. ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී හි කොටසක් රුපියල් 250.75ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 13,690 කි. ලංකා ටයිල්ස් පීඑල්සීහි කොටසක් රුපියල් 251.00ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 13,315 කි. ස්විස්ටෙක් සිලෝන් පීඑල්සීහි කොටසක් 135.75ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 3,715 කි. හොරන ප්ලාන්ටේෂන් පීඑල්සීහි කොටසක් රුපියල් 25ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 625කි. ද ෆෝට්‍රස් රිසෝට්ස් පීඑල්සීහි කොටසක් රුපියල් 12.20ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 1,352 කි. ඒ අනුව එම සමාගම්වල වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයේ එකතුව රුපියල් මිලියන 157,326 කි.

මේ අතර ධම්මික පෙරේරා මහතා සතු ඍජු කොටස් හිමිකාරීත්වය සහිත සමාගම් අතරින් වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී කොටසක වටිනාකම 112.25ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 6,607 කි. වැලිබල් පවර් එරත්න පීඑල්සී කොටසක් රුපියල් 8.30ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 6,201 කි. පෑන් ඒෂියා බැංකිං කෝපරේෂන් පීඑල්සී කොටසක් රුපියල් 18ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 7,966 කි. නවලෝක හොස්පිටල්ස් පීඑල්සී කොටසක් රුපියල් 5.70ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 8,034 කි. ලංකා ඇලුමිනියම් පීඑල්සීහි කොටසක් රුපියල් 149.25ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 2,045 කි. ඒ අනුව එම සමාගම්වල වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයේ එකතුව රුපියල් මිලියන 30,853 කි.

මීට අමතරව ධම්මික පෙරේරා මහතාට අයත් හේලීස් සමූහයේ සමාගම් යටතේ හේල්සී පීල්සී හි කොටසක් රුපියල් 752ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 56,400 කි. ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් කොටසක් රුපියල් 561.25ක් වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 33,597කි. හේකාර්බ් පීඑල්සී කොටසක් රුපියල් 1,093ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 32,475 කි. හේලීස් ෆැබ්රික් පීඑල්සී කොටසක් රුපියල් 38.90ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 8,081කි. හේලීස් ෆයිබර් පීඑල්සී කොටසක් රුපියල් 249.75ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 1,998 කි. අමායා ලෙෂර් පීඑල්සී කොටසක් රුපියල් 44.40ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 2,397 කි. කැලනිවැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී කොටසක් රුපියල් 92.60ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 3,148 කි. තලවාකැලේ ටී එස්ටේට් පීඑල්සී කොටසක් රුපියල් 100.75ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 2,392 කි. කිංග්ස්බරි පීඑල්සී කොටසක් රුපියල් 15ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 3,630 කි. ඇලුමෙක්ස් පීඑල්සී කොටසක් රුපියල් 28.20ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 8,440 කි. යුනිසිස්ට් ඉන්ජිනියරිං පීඑල්සී කොටසක් රුපියල් 19.30ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 425 කි. සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී කොටසක් රුපියල් 79.10ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 29,712 කි. සිංගර් ෆිනෑන්ස් පීඑල්සී කොටසක් රුපියල් 18.50ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 3,738 කි. සිංගර් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී කොටසක් රුපියල් 112.75ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන1,227 කි. රෙග්නිස් ලංකා පීඑල්සී කොටසක් 144.25ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 1,625කි.  ඒ අනුව හේලීස් සමූහයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 189,285 කි.

මේ අතර සම්පත් බැංකුවේ කොටසක වටිනාකම රුපියල් 163.25ක් වන අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 62,273 කි. ඒ අනුව මේ සියල්ලගේම වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයේ එකතුව රුපියල් මිලියන 439,737 කි.

තත්ත්වය මෙසේ පවතිද්දී එල්ඕඑල්සී සමූහයේ ඉෂාර නානායක්කාරද ඉදිරියේදී සිය සමාගම් කොටස් අතුරු බෙදීමක් සිදු කරමින් එම සමාගම්වල කොටස් වටිනාකම් පෙර නොවූ විරූ ආකාරයකට ඉහළ දමා ගැනීමක් සිදු කරනු ඇති බවත්, ඒ හරහා ඔහුගේ සමාගම් සතු ද්‍රවශීලතාව ඉහළ නංවා, වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය තවදුරටත් ඉහළ නංවා ගනු ඇති බවටත් වෙළෙඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරන බවද ඩේලිඑෆ්ටී පුවත්පත වැඩිදුරටත් පවසයි.

Visits: 2573