හේලීස් සොලාර් මගින් ෆැන්ටේෂියා ඉන්ඩස්ට්‍රීස් වෙත සූර්ය පැනල පද්ධතියක් සවි කරයි

හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් හේලීස් සෝලාර් පෞද්ගලික සමාගම මගින් ෆැන්ටේෂියා ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගමේ කර්මාන්තශාලා පරිශ්‍රයේ වහලය මත 914kWp ක ධාරිතාවකින් යුත් සූර්ය පැනල පද්ධතියක් සවි කළ බව පවසයි.

ආරම්භ කර මාස තුනක පමණ කාලයක් ඇතුළතදී නිමා කෙරුණු මෙම ව්‍යාපෘතියේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 103 කි.

හේලීස් සෝලාර් සමාගම අද වනවිට ක්‍රියාකරීත්වය පිළිබඳ වසර 25ක වගකීමක් ලබා දෙන මුල් පෙළේ සූර්ය පැනල සහ  ඉන්වර්ටර් උපාංග නිෂ්පාදනයේ යෙදෙන සමාගම් හා හවුල්කාරීත්වය සහිත සමාගමකි.

එහිදී ලෝකයේ මුල් පෙළේ සූර්ය පැනල සැපයුම්කරුවෙකු වන longi Solar සමාගම මෙන්ම අද වනවිට බ්ලූම්බර්ග් වර්ගීකරණයේ සිව්වැනි සහ පස්වැනි ස්ථානවල පසුවන සූර්ය පැනල සැපයුම්කරුවන් වන JA Solar සහ Canadian Solar යන සමාගම්ද එහි සැපයුම්කරුවන් වන බව හේලීස් සෝලාර් සමාගම පවසයි.

Visits: 220