ලාභාංශ ගෙවීමේදී සැලකිලිමත් වන්නැයි මහ බැංකුවෙන් වානිජ බැංකු වෙත උපදෙස්

මෙරට ක්‍රියාත්මක බලපත්‍රලාභී බැංකු සඳහා සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ මුදලින් ගෙවීමට සහ ලාභ මෙරටින් බැහැර කිරීම සඳහා 2020 ජනවාරි 19 වැනිදා මහ බැංකුව විසින් ලබා දුන් දුන් අවසරයට අනුව කටයුතු කිරීමේදී කරුණු කිහිපයක් පිළිබඳව සැලකිලිමත් විය යුතු බව මහ බැංකුව එම බැංකු වෙත පවසයි.

ඒ අනුව බලපත්‍රලාභී බැංකු විසින් මෙලෙස ලාභාංශ මුදලින් ගෙවීමේදී සහ ලාභ මෙරටින් බැහැර කිරීමට තීරණය කිරීමේදී, පවතින අභියෝගාත්මක වාතාවරණයන් හමුවේ බැංකුවල වත්කම් වර්ධනය, ව්‍යාපාර පුලුල් කිරීම සහ කොවිඩ්-19 ව්‍යසනය නිසා වන බලපෑම් වැනි දෑ පිළිබඳව සැලකිලිමත් විය යුතු බව මහ බැංකුව අවධාරණය කරයි.

බලපත්‍රලාභී බැංකුවල ලාභාංශ මුදලින් ගෙවීම ඇතුළු අභිමතානුසාරී ගෙවීම් සම්බන්ධයෙන් විවිධ මත පළ වෙමින් පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳ පැහැදිලි කිරීම් සිදු කරන බව මහ බැංකුව සඳහන් කරයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය,

Visits: 247