සෙලින්කෝ ලයිෆ් 2019 වාර්ෂික වාර්තාව, CMA ආයතනයේ හොඳම වාර්ෂික වාර්තා 10 අතරට

ශ‍්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA) විසින් 06 වන වරටත් පැවැත්වූ ‘2020 ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන’ ප‍්‍රදානයේදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ 2019 වාර්ෂික වාර්තාව හොඳම ඒකාබද්ධ වාර්තා 10 අතරට තෝරාගෙන ඇතැයි පවසයි. 

‘Derisking the Future’ යන තේමාවෙන් සකස් කළ මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයාගේ පස්වන ඒකාබද්ධ වාර්ෂික වාර්තාව මගින් සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන්ගේ ජීවිත වලට රැකවරණය ලබාදෙන අතරම ඔවුන්ගේ බලාපොරොත්තු සඵල කරන සමාගමේ ජීවිත රක්ෂණ සේවාවල ශක්තිය විදහා දක්වා ඇත.

2011 අංක 03 දරණ රක්ෂණ කර්මාන්ත නියාමන (සංශෝධිත) පනතේ 53 වන වගන්තියට අනුව සාමාන්‍ය රක්ෂණ කටයුතු සහ ජීවිත රක්ෂණ කටයුතු ව්‍යාපාර දෙකක් ලෙස පවත්වාගෙන යාමට නියම කිරීමෙන් පසුව සෙලින්කෝ ලයිෆ් සමාගම මෙම ඒකාබද්ධ වාර්තාකරණ රාමුවට 2015 වසරේ සිට එක්විය. සමාගම සඳහන් කරන්නේ මෙම ඒකාබද්ධ වාර්තාකරණයේදී සමාගමේ විවිධ වූ පාර්ශවකරුවන් වෙනුවෙන් සමාගම විසින් තිරසාර වටිනාකමක් නිර්මාණය කරන ආකාරය පිළිබඳව සාකල්‍ය ඉදිරිපත් කිරීමක් ලබාදීම අරමුණු කරගෙන තිබෙන බවයි. 

මෙම සම්මානය පිළිබඳව සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන මූල්‍ය නිළධාරී, පාලිත ජයවර්ධන මහතා මෙසේ අදහස් දැක්වීය. ‘අපගේ ව්‍යාපාරය පිළිබඳව පරිපූර්ණ අනාවරණයක් අපගේ පාර්ශවකරුවන්ට අපගේ වාර්ෂික වාර්තාව මගින් ලබාදෙනවා. මෙම වාර්තාකරණයේ තිබෙන ප‍්‍රමිතීන් අභිබවා යෑමට අපි විසින් සෑම වසරකම කැපවෙන අතර විනිවිදභාවය සහ අනාවරණයන්ගේ ගුණාත්මක තත්ත්වය ඉහළින්ම පවත්වාගෙන යාමට කටයුතු කරනවා. මෙම කටයුත්ත වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩකළ සැමට මෙම සම්මානය මගින් විශාල දිරියක් ලබාදී තිබෙනවා.’

ශ‍්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් පවත්වන මෙම ඒකාබද්ධතා වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානය සඳහා රාජ්‍ය සහ පුද්ගලික අංශයේ වාණිජ බැංකු, මූල්‍ය සහ රක්ෂණ සමාගම්, නිෂ්පාදන අංශයේ සමාගම්, විවිධාංගීකරණය වූ සමාගම්, වැවිලි සමාගම්, බලශක්ති අංශයේ සමාගම්, අධ්‍යාපන සහ ඉදිකිරීම් අංශයේ සමාගම් තරඟ කරයි.

මෙම සම්මාන සඳහා ඉදිරිපත් වන වාර්තාවන් අතුරින් ජයග‍්‍රාහකයින් තෝරාගැනීම මාර්ගෝපදේශන මූලධර්ම, අන්තර්ගතයන් සහ ජාත්‍යන්තර ඒකාබද්ධ වාර්තාකරණ කවුන්සලය (IIRC) විසින් නිකුත් කර තිබෙන ඒකාබද්ධ වාර්තාකරණ රාමුවේ මූලධර්ම සංකල්ප පදනම් කරගනිමින් සිදුකරනු ලබයි. මෙහිදී, උපායමාර්ගික දැක්ම සහ අනාගත නැඹුරුව, තොරතුරු සඳහා සම්බන්ධතාවය, වටිනාකම් නිර්මාණය කිරීම, විශ්වසනීයත්වය සහ පරිපූර්ණ බව යන කරුණු පිළිබඳවද විශේෂ සැලකිල්ලක් දක්වයි.  

සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ඒකාබද්ධතා වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානය වාර්ෂිකව ශ‍්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA) විසින් පවත්වන අතර මෙරට ජාතික වෘත්තීය කළමනාකරණ ගණකාධිකාරී ආයතනය වන්නේ මෙයයි. 

ලයිස්තුගත, ලයිස්තුගත නොවන සහ රාජ්‍ය අංශයේ ශ‍්‍රී ලාංකේය සමාගම්වල නිවැරදි තොරතුරු ආයෝජකයින්ට සහ පාර්ශවකරුවන්ට ප‍්‍රතිලාභ ලැබෙන ආකාරයට ලබාදීම ඒකාබද්ධතා වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානය පැවැත්වීමේ අරමුණවේ. මෙහිදී, ඉදිරිපත් කරන ගණකාධිකරණ සහ මූල්‍ය තොරතුරු වලට අමතරව ඒකාබද්ධ වාර්තාකරණ රාමුවට අදාළව ලබාදෙන මූල්‍ය නොවන තොරතුරුද සැලකිල්ලට ගනී. 

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 33 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබෙන අතර Great Place to Work®  විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත. 2020 වසරේදී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් මෙරට වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් සෙලින්කෝ ලයිෆ් සම්මානයට පාත‍්‍රකළ අතර 2020 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 14 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින් ද සෙලින්කෝ ලයිෆ් සමාගම තෝරාගන්නා ලදී. එසේම, 2020 සහ 2019 වසර වලදී ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය එකතුව ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ නම් කිරීමේ දී සෙලින්කෝ ලයිෆ් සමාගමට විශේෂ සඳහනක් (Honourable Mention)ලබාදුන් අතර 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව හයවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් බිස්නස් ටුඬේ ශ්‍රේණිගත කිරීමේදී සමස්තයක් වශයෙන් මෙරට ප‍්‍රධානතම සමාගම් 30 අතුරින් 06 වන ස්ථානයටත් සමාගම තෝරා ගන්නා ලදී. 

සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

Visits: 66