“අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචාවලින් ප්‍රවේශම් වන්න” – මහ බැංකුව අනතුරු අඟවයි

අන්තර්ජාලයේ සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කරගත් සහ ජංගම දුරකතන යෙදුම් හරහා විවිධ වර්ගයේ මූල්‍ය වංචා සිදු කෙරෙන බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා අන්තර්ජාලය හෝ ජංගම දුරකතන පදනම් කර ගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරෙන බව මහ බැංකුව පවසයි. ඒ අනුව එවැනි ණය අයැදුම්පත් ඇගයීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන් සාමාන්‍ය ජනතාවගේ රහස්‍ය පාරිභෝගික තොරතුරු ඔවුන්ගෙන් ලබා ගැනීමට මහජනතාව පොළඹවන බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

එහිදී කාඩ්පත් අංකය, PIN අංක, කාඩ්පත්වල පිටුපස සඳහන් CVV, CVC හෝ CVS යන ලෙස  හැඳින්වෙන සත්‍යාපන අංක, OTP රහස්පද යනාදිය ඒ අතර වන බවත් මහ බැංකුව පවසයි.

මෙම සම්පූර්ණ නිවේදනය මෙසේය,

Visits: 79