මහජන බැංකුවෙන් දැයේ වනිතාවන්ට වනිතා සවිය ණය පහසුකම

රජයේ සංවර්ධන වැඩපිළිවෙලට සමගාමීව රට තුළ කාන්තා ව්‍යවසායකත්වය සවිබලගැන්වීමේ අරමුණින් මහජන බැංකුව ‘වනිතා සවිය’ කාන්තා ව්‍යාපාර ණය යෝජනා ක‍්‍රමය හඳුන්වා දී ඇතැයි පවසයි .

ක්ෂුද්‍ර හෝ කුඩා පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන යන හෝ එවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් සිටින වනිතාවන් වෙනුවෙන් මෙම ණය මුදල වෙන්වෙයි. විශේෂයෙන් කොවිඞ් 19 වෛරස ව්‍යාප්ත කාලසීමාව තුළ එවැනි ව්‍යාපාර වල නිරත වූ පිරිස්වලට ආර්ථිකමය වශයෙන් ඇතිවූ බලපෑම අවම කිරීමද මෙය හඳුන්වාදීමේ ප‍්‍රධාන පරමාර්ථයකි.

මහජන බැංකුවේ වනිතා සවිය ණය යෝජනා ක‍්‍රමය ඔස්සේ පවත්වාගෙන යන ව්‍යාපාර වෙනුවෙන් රුපියල් 500,000 දක්වා ණය මුදල් ලබාගත හැකි අතර, කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතා වෙනුවෙන් රුපියල් 200,000 දක්වා ණය මුදල් ලබාගත හැක. අලූතින් ආරම්භ කරන ව්‍යාපාර සඳහා ලබාගත හැකි උපරිම ණය මුදල රුපියල් 120,000 කි. මෙහි වාර්ෂික පොලි අනුපාතය 9.5% ක් වන අතර, ණය මුදල ගෙවා අවසන් වන තෙක් එය ස්ථිර පොලි අනුපාතයක් වශයෙන් පවතියි.

කි‍්‍රෂානි නාරංගොඩ සහ යූ.එස් ගර්ටි

මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) කි‍්‍රෂානි නාරංගොඩ මහත්මිය ”මහජන බැංකුව මෙරට කාන්තාවන් සවිබලකිරීමේ අරමුණින්. විශේෂයෙන් කාන්තා ව්‍යවසායකයින් විසින් සිදුකරනු ලබන ශක්‍යතාවයෙන් යුතු ආදායම් උත්පාදක කි‍්‍රයාකාරකම් වෙනුවෙන් වනිතා සවිය ණය යෝජනා ක‍්‍රමය දියත් කළා.

මෙම ණය යෝජනා ක‍්‍රමය හදුන්වා දුන්නේ රජයේ ජාතික ප‍්‍රතිපත්ති රාමුව වන සෞභාග්‍යයේ දැක්මට අනුගතවයි. ජාතික ආර්ථිකය ඉහළ නංවාලීම සදහා ග‍්‍රාමීය ආර්ථිකය වර්ධනය විය යුතුයි. ආර්ථික සංවර්ධනයට කාන්තාවන්ගේ දායකත්වය ඉහළ නංවාගැනීම වැදගත් වාගේම ඒ සදහා කාන්තාවන්ගේ නායකත්ව හැකියාව දියුණු කිරීම වැදගත්. එසේ කාන්තා ව්‍යවසායකත්වය සංවර්ධනය මගින් මෙරට ආර්ථික තත්වය ඉහළ නැංවී ශී‍්‍ර ලාංකිකයින්ගේ ජීවන තත්වය ද ඉහළ නැංවෙනු ඇති.” යනුවෙන් පවසයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ සහකාර සාමාන්‍යාධිකාරිනි (සංවර්ධන මූල්‍ය) යූ.එස් ගර්ටි මිය – ”මහජන බැංකුවේ වනිතා සවිය ණය යෝජනා ක‍්‍රමය සදහා අයදුම්කිරීමට, පවත්වාගෙන යන ව්‍යාපාර සදහා පසුගිය මාස 6 ක කාලසීමාව තුළ ලාභදායී ක්ෂ‍්‍රද්‍ර හෝ කුඩා පරිමාණ ව්‍යාපාරයක යෙදී සිටින වාණිජ වශයෙන් ශක්‍ය ව්‍යාපාරිකයෙකු විය යුතුයි. අලූතින් අරඹන ව්‍යාපාර සදහා මුඵ ආයෝජනයෙන් 40% දායකත්වයක් මූල්‍යමය හෝ ද්‍රව්‍යමය වශයෙන් යෙදවිය හැකි ව්‍යවසායිකාවන්ට එම කොන්දේසියට අනුගත නොවී ණය ලබාගත හැකියි.

එමෙන්ම අයදුම්කාරිනිය වයස 25-65 අතර විය යුතු අතර, අදාළ ශාඛා මෙහෙයුම් ප‍්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු හෝ එම ප‍්‍රදේශය තුළ ව්‍යාපාරය පවත්වාගෙන යන අයෙකු වීම අනිවාර්යයි. අයදුම්කරු කිසියම් මූල්‍ය ආයතනයක අක‍්‍රමික ණයකරුවෙකු හෝ එවැනි ණය මුදලක ඇපකරුවෙකු නොවීම වැදගත්. මීට අමතරව අදාළ ව්‍යාපාරය තුළින් ප‍්‍රමාණවත් ඉල්ලූමක් සහිත භාණ්ඩ හෝ සේවාවන් නිෂ්පාදනය විය යුතු අතර, ව්‍යවසායිකාව තුළ ඊට ප‍්‍රමාණවත් තාක්ෂණික දැනුමක් හා හැකියාවක්ද තිබිය යුතුයි.” යනුවෙන් පවසයි.

ස්ථාවර වත්කම් ආයෝජන ණය සදහා උපරිම සහන කාලය වන මාස 3 ක්ද ඇතුඵව මෙහි උපරිම ආපසු ගෙවීමේ කාලය අවුරුදු 5 කි. කාරක ප‍්‍රාග්ධන ණය සදහා උපරිම ආපසු ගෙවීමේ කාලය අවුරුදු 3 කි. අදාළ ව්‍යාපාරයේ මුදල් ප‍්‍රවාහය සැලකිල්ලට ගෙන වාරික ගෙවීම් සිදුකරන කාලය තීරණය කරගත හැකිවීම විශේෂත්වයකි.

දිවයින පුරා විසිරී ඇති මහජන බැංකුවේ 741 ක් පමණ වන ශාඛා හා සේවා මධ්‍යස්ථානය ජාලය හරහා ‘වනිතා සවිය’ ණය පහසුකම් ලබාගත හැකි අතර, මේ පිළිබදව වැඩි විස්තර ඔබේ ළගම මහජන බැංකු ශාඛාවේ කළමනාකරු හමුවීමෙන් ලබාගත හැක.

Visits: 189