නැගිටින්නට වෙර දරන සුළු පරිමාණ ව්‍යාපාරිකයන් නගා සිටුවීමට සොෆ්ට් ලොජික් ලයිෆ් වෙතින් ‘PinTheBiz’

ශ‍්‍රී ලංකාවේ සීඝ‍්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් ශ‍්‍රී ලංකාව පුරා සුළු පරිමාණ ව්‍යාපාරයන්ට සහාය දැක්වීම වෙනුවෙන් නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් පෙරලිකාර අයුරින් හොදම විසදුම් ගෙන එන ‘Pinthebiz’ දියත් කරන ලද බව පවසයි.

‘Pinthebiz’’ තුළින් ජනතාවට සමීප සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් දිරි ගැන්වීමට සහ ප‍්‍රවර්ධනය කිරීම සඳහා ධනාත්මක ප‍්‍රතිචාර ලබා දීම මඟින් සහයෝගය සහ ත්‍යාගශීලීත්වය ජනතාවගෙන් අපේක්ෂා කරනු ලබයි. සියලූ පරිශීලකයන් විසින් සිදු කළ යුතු වන්නේ ‘Pinthebiz’ වෙබ් අඩවියට පිවිස ඔවුන් කැමති ව්‍යාපාර ස්ථානය, ව්‍යාපාර ස්වභාවය, ව්‍යාපාරයේ නම  සහ දුරකතන අංකය ලබා දීමයි. එසේම ඔවුන්ට SME ලෙස සටහන් කර 1312ට කෙටි පණිවිඩයක් ලබා දීම තුළින් ලැබෙන ලින්ක් එක මඟින් ‘Pinthebiz’  වෙත පිවිසිය හැකිය.

ස්මාර්ට් ජංගම දුරකතනයක් නොමැති නම් ‘’HELP” ලෙස සටහන් කර 1312 අංකයට කෙටි පණිවිඩයක් ලබා දිය හැකි අතර පසුව උපකාරක මධ්‍යස්ථාන නියෝජිතයකු විසින් එම පුද්ගලයා දුරකතනයෙන් සම්බන්ධ කර ගනු ලබයි. ඒ සෑම ක‍්‍රමයක් මගින්ම ඇතුළත් කළ සියලූම තොරතුරු Pinthebiz වෙත සම්බන්ධ කොට Google හි සිතියම් ගත කරනු ලබයි.

දේශීය ව්‍යාපාර පිළිබඳ තොරතුරු යොමු කිරීමෙන් මහජනතාවට ‘PinTheBiz shops near me’ යනුවෙන් Google හි සෙවීමෙන් ඔවුන් ආසන්න වෙළෙඳසැල්හි නාමාවලියක් ලබා ගත හැකි වේ. මෙම වැඩසටහන මඟින් සුළු පරිමාණ ව්‍යාපාරයන්ගේ දුෂ්කරතා ජය ගැනීමට පමණක් නොව ජනතාව අතර ඔවුන් පිළිබඳව ලෙන්ගතු හැඟීමක් ජනිත කිරීමට ද උපකාරී වනු ඇත. ඒ තුළින් සිදු කරනු ලබන සෑම මිලදී ගැනීමක් තුළින්ම අපේ රටේ මිලියන ගණනකගේ ජීවනෝපායන් වෙත ලැබෙනුයේ ඉමහත් සහයෝගයකි. ගෝලීය වසංගතයක් ම`ගින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මිලියනයකට අධික ප‍්‍රමාණයක් කෙරෙහි වැඩි බලපෑමක් එල්ල කර ඇති අතර ඒ තුළින් මෙරට පුද්ගලයින් සහ පවුල් විශාල ප‍්‍රමාණයකගේ ජීවනෝපාය වෙත ද බලපෑම් එල්ල වී ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා ‘‘අප රටේ හදවත බඳු සුළු පරිමාණ ව්‍යාපාරයන්, මිලියන ගණනක ජනතාවගේ රැකියා සඳහා ප‍්‍රධාන සාධකයක් වෙනවා. නමුත් අවාසනාවට COVID-19 වසංගතය මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් වෙත දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. නවෝත්පාදනය හා තාක්ෂණය උපරිම ලෙස යොදා ගනිමින් සියලූ ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්වය ඉහළ නංවා ලීමට සැම විටම කටයුතු කරමින් සිටින අප ‘PintheBiz’  වැඩසටහන දියත් කිරීම හරහා නැවත ඔවුන්ගේ ව්‍යාපාර යළි නගා සිටුවීමටත් අතහිත දීමටත් අපගේ උපරිම කැපවීම හා සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වෙනවා.’’ යනුවෙන් පවසයි.

කෙසේ වුවත් යළි සාමාන්‍ය තත්වයට පැමිණීම තරමක් අසීරු විය හැකි බැවින් එක්ව කටයුතු කිරීමෙන් සහ යහපත් දේ සිදු කිරීම සඳහා වන අපගේ කැපවීම තුළින් මෙරට සියලූම පවුල්වලට සහ පුද්ගලයන්ට ප‍්‍රතිලාභ ලබා දිය හැකි ආකාරයේ ශක්තිමත් හා නම්‍යශීලී ආර්ථිකයක් ගොඩ නැගීම වෙනුවෙන් ‘PinTheBiz’ මහඟු පිටුවහලක් වේ යැයි අපි විශ්වාස කරනවා.’’ යනුවෙන්ද ඒ මහතා පවසා සිටින ලදී.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ශ‍්‍රී ලාංකේය ආර්ථිකයේ සැළකිය යුතු පිරිසක් වන අතර මිලියනයකට අධික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සියලූ ව්‍යාපාරයන්වලින් 75%ක් පමණ නියෝජනය කරනු ලබයි. ආර්ථිකයේ සෑම අංශයක් තුළම දක්නට ලැබෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශ‍්‍රී ලංකාවේ රැකියා උත්පාදනයෙන් 45%ක ප‍්‍රමාණයක් සඳහා ද දායකත්වය සපයනු ලබයි.

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ නවතම වාර්තාවන්ට අනුව COVID-19 වසංගතය හේතුවෙන් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් 2/3ක පමණ විශාල ප‍්‍රමාණයක නිෂ්පාදන හා සේවාවන් ස`දහා ඇති ඉල්ලූම අඩුව ඇති බව වාර්තා වේ. කාර්තු 3කට ආසන්න කාලයක් විකුණුම් පහළ බැස ඇති අතර සේවා අංශයට පසුව කෘෂිකාර්මික,නිෂ්පාදන හා ඉදිකිරීම් යන අංශයන්හි සමාගම්වලට දැඩි බලපෑමක් එල්ල වී ඇත. COVID-19 හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දහයෙන් අටක මෙහෙයුම් වියදම් පියවා ගැනීමේ අභියෝගයකට මුහුණ දී ඇති අතර ඔවුන්ගේ ණය ආපසු ගෙවීමේ ප‍්‍රමාදයක් මෙන්ම මූල්‍ය වගකීම් ඉටු කිරීමේ හැකියාව ද අවම වී ඇත.

Visits: 46