AI triple camera සහ 6.52” big screen සමගින් OPPO A15 දැන් වෙළඳපොළේ

OPPO නවතම දුරකථන මාදිලිය වන A15 මෙරටට හඳුන්වා දීමට OPPO Sri Lanka පසුගියදා කටයුතු කළේ ය. මෙහි AI Triple camera පද්ධතිය සුපැහැදිලි ඡායාරූප ලබාදෙන අතර, 6.52” විශාල දර්ශන තිරය වඩාත් සුවිශේෂී විනෝදාස්වාද අත්දැකීමක් ලබා දෙයි. ආරෝපණය දිගුකල් රඳවා ගන්නා බැටරියක් සහ විශාල මතක ධාරිතාවක් සහිත OPPO A15 කෙනෙකුට සිය සම්බන්ධතා සියල්ල සිත් සේ පවත්වා ගැනීමට උපකාරී වනු ඇත.

මෙම නව හඳුන්වා දීම සම්බන්ධයෙන් Xinda Lanka (OPPO Sri Lanka) හි ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. “පාරිභෝගිකයන්ගේ ජංගම ජීවන රටාවන්ට අතිශයින් වැදගත් වන විශේෂාංග රැසකින් සමන්විත OPPO A15 මාදිලිය වෙළඳපොළට හඳුන්වා දීමට ලැබීම අපට මහත් සතුටක්. AI triple camera පද්ධතිය මගින් විශිෂ්ට මට්ටමේ ඡායාරූප ගනිමින්,6.52” විශාල දර්ශන තිරයේ සතුට විඳගන්නා අතරම පවුලේ අය සහ හිතමිතුරන් සමග සිත් සේ සම්බන්ධ වීමට මෙය අවස්ථාව සලසා දෙනවා.”

AI Triple Camera සහ AI Beautification
OPPO A15 AI Triple Camera පද්ධතියට 13MP ප්‍රධාන කැමරාවක්, සෙන්ටිමීටර් 4 තරම් සමීප දර්ශන සඳහා 2MP Macro Lens එකක් සහ, portrait ඡායාරූප වලට වැඩි depth එකක් සමග පසුබිමට ස්වාභාවික bokeh effect එක්කිරීමට 2MP Depth Camera එකක් ඇතුළත් කර තිබේ.

HDR මගින් අඩු ආලෝක මට්ටම් යටතේ හෝ පසුබිම් ආලෝකය හමුවේ ඡායාරූප ගැනීමට අවස්ථාව සලසන අතර Portrait Bokeh මගින් portrait ඡායාරූප ගැනීමේදී ස්වාභාවික bokeh background එකක් ලබාදෙමින් සුවිශේෂී portrait filters 6 ක්ද එක්කරයි. OPPO A15 තුළ Dazzle Color සහ AI Scene Recognition සමග AI Scene Enhancement යොදා ඇති අතර එමගින් එකිනෙකට වෙනස් පසුබිම් හා ඡායාරූප රටාවන් 21 ක් වඩාත් අලංකාර කළ හැකි වේ. එමෙන්ම ඉදිරිපස හා පසුපස ෆිල්ටර් වැඩිදියුණු කර ඇති අතර, නව ඡායාරූප ෆිල්ටර් 15 ක් සහ වීඩියෝ ෆිල්ටර් 10 ක් හඳුන්වා දී ඇත.

ස්වාභාවික සුන්දරත්වය තවදුරටත් වැඩිදියුණු කරන විශේෂාංග OPPO A15 මාදිලියේ ඉදිරිපස කැමරාවට යොදා තිබේ. විවිධාකාරයේ ඡවි වර්ණ සහ මුහුණු වල හැඩයන්, අදාළ පුද්ගලයාගේ ස්ත්‍රී පුරුෂ භාවය, වයස සහ ජාතිකත්වය අනුව වඩාත් අලංකාර කිරීමට මෙම විශේෂාංග වලට හැකියාව ඇත.

හුරුබුහුටි නිමාව සහිත 6.52” විශාල දර්ශන තිරය
OPPO A15 මාදිලිය පැමිණෙනුයේ 6.52” ප්‍රමාණයේ Waterdrop දර්ශන තිරයක් සමගිනි. 89% ක screen-to-body ratio අගයක් සහිත එය වීඩියෝ ක්‍රීඩා වල යෙදෙන්නන්ට සහ වීඩියෝ නරඹන්නන්ට වඩා විශිෂ්ට අත්දැකීමක් ගෙනෙනු ඇත. 1600 x 720 resolution මට්ටමක් සහිත HDI+ තිරයක් වන මෙය තිරය මත දිස්වන දේවල් සුපැහැදිලි ලෙස ප්‍රදර්ශනය කිරීමට සමත් ය. හානිකර blue light ඉවත් කරමින් ඇසට ඇතිවන පීඩාව අවම කරන Eye Comfort Filters සහ හිරු එළිය පවතින අවස්ථා වලදී පවා තිරය පැහැදිලිව දැකගැනීමට උපකාරී වන Sunlight Screen වැනි විශේෂාංගද මීට ඇතුළත් ය. දුරකථනය භාවිතා කරන්නාගේ රුචිකත්වයන් අනුව තිරයේ දීප්තිය අඩුවැඩි කිරීමට AI Brightness සමත් වෙයි.

මිලිමීටර් 7.9 ක ඝනත්වයක් සහිත OPPO A15 හි 3D Curved බඳ එය පහසුවෙන් අල්ලා ගැනීමට උපකාරී වන අතර,3D වර්ණ නිමාව මගින් එයට matte සහ gloss මිශ්‍ර අලංකාර පෙනුමක් ලැබී ඇත. Dynamic Black සහ Mystery Blue වැනි ආකර්ෂණීය වර්ණ වලින් මෙම දුරකථන මිලදීගත හැකි වේ.

4230mAh බැටරිය සමග විශ්වාසනීය ක්‍රියාකාරීත්වයක්
OPPO A15 මාදිලිය පැමිණෙන්නේ වේගවත් ක්‍රියාකාරීත්වයක් සඳහා උපකාරී වන3GB RAM සහ 32GB internal storage සමගිනි. මෙම අභ්‍යන්තර මතක ධාරිතාව 256GB දක්වා වැඩි කළ හැක. MediaTekHelio P35 octa-core ප්‍රොසෙසරය මගින්, බැටරියේ ආරෝපණය ඉක්මනින් ක්ෂය වීමක් නොමැතිව, වඩාත් කාර්යක්ෂම හා විශ්වාසනීය ක්‍රියාකාරීත්වයක් ලැබේ.

Memory Defragmentation 2.0 තාක්ෂණය system-level optimizations භාවිතා කරමින් memory fragmentation අවම කරන අතර දුරකථනයේ සමස්ත ක්‍රියාකාරීත්වය 5% කින් වැඩි කරයි. HyperBoost 2.1 සමග FrameBoost සහ TouchBoost මගින් වීඩියෝ ක්‍රීඩා වලදී වඩාත් විශිෂ්ට අත්දැකීමක් හිමි වේ. HyperBoost 2.1 තාක්ෂණය Frame Rate වැඩිදියුණු කර වීඩියෝ ක්‍රීඩා වලදී ග්‍රැෆික් මට්ටමද වඩාත් ඉහළ තලයකට ගෙනෙන අතර ස්පර්ශය සඳහා දක්වන ප්‍රතිචාරද වැඩිදියුණු කරයි.

4230mAh බැටරිය නිසා OPPO A15 මාදිලිය එක් ආරෝපණ වාරයකින් දිනයක් පුරා භාවිතා කළ හැකි වේ. Super Power Saving Mode භාවිතා කිරීමෙන්, බැටරිය බෙහෙවින් බැසගොස් ඇති අවස්ථාවකදී පවා ආරෝපණය මැනැවින් ඉතිරි කරගත හැක. එමෙන්ම Rear Fingerprint Sensor සහ AI Face Unlock technology යොදා ඇති නිසා ඇඟිලි සලකුණු මගින් මෙන්ම මුහුණ හඳුනා ගැනීමේ තාක්ෂණය මගින්ද දුරකථනය unlock කළ හැකි වේ.

නවතම ColorOS 7.2 මෙහෙයුම් පද්ධතිය
OPPO A15 මාදිලියට නවතම ColorOS7.2 මෙහෙයුම් පද්ධතිය සමගින් භාවිතයේ පහසුව ගෙනෙන විශේෂාංග රාශියක් ඇතුළත් වී තිබේ. Dark Mode තුළදී interface වඩාත් පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි color contrast මට්ටම වැඩිදියුණු වේ. 3-finger Scrolling Screenshot ක්‍රමය horizontal mode සඳහා මෙන්ම PDF සඳහාද භාවිතා කළ හැක. එමගින් ඇඟිලි 3 ක් භාවිතයෙන් scroll කිරීම මගින් වඩාත් පහසුවෙන් screenshots ලබාගත හැකි වේ.

Home screen මත ඇති apps සියල්ල කුඩා කිරීම සඳහා Icon Pull-Down Gestureභාවිතා කළ හැක අතර Smart Sidebar මගින් වැදගත් තොරතුරු සියල්ල ඇතුළත් floating window එකක් විවෘත කිරීමට අවස්ථාව ලබාදෙයි. Music Party මගින් එකම LAN සම්බන්ධතාවක් භාවිතයෙන් ඔබගේත් ඔබගේ මිතුරු මිතුරියන්ගේත් දුරකථන වල සමගාමීව සංගීතය වදානය කළ හැකි වේ.

Visits: 54