සියලු කොටස් මිල දර්ශකය ඊයේ නව වාර්තාවක් තබලා

කොළඹ කොටස් වෙළෙදපොලෙහි සියලු කොටස් මිල දර් ශකයෙහි ඉහළම අගය 2020 ජනවාරි 18වන දින (ඊයේ) ගනුදෙනු අවසානයේදී සටහන් වූ බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

ඒ අනුව ඊයේ ඒකක 7,922.66 ලෙස දැක් වූ අගය 2011 පෙබරවාරි මස 14 වන දින තැබූ ඒකක 7,811.80 වාර් තාව අභිබවා ඇත.

කොළඹ කොටස හුවමාරුවෙහි ලැයිස්තුගත විශාලතම හා වඩාත්ම ද්‍රවශිලී කොටස් ඇතුළත් වන S&P ශ්‍රී ලංකා 20 දර් ශකය සමස්ත අගය 3000 ඉක්මවා 3,003.30ක් ලෙස 2020 ජනවාරි 18වන දින සටහන් විය.

2021 වසරෙහි ඇරැඹූමෙන් පසුව සියලු කොටස් මිල දර් ශකය ලොව වැඩිම වර් ධනයක් දක්වා ඇති දර් ශක අතර නිරන්තරයෙන්ම වාර් තා වී ඇත. අද දින වන විට මේ වසරේ දී 16.95% වර් ධනයක් දක්වමින් ලොව වැඩිම වර් ධනයක් දක්වන මිල දර් ශකය ලෙස BLOOMBERG ආයතනයෙහි දත්ත සදහන් කරයි.

Visits: 136