මහ බැංකුවේ සහනශීලී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය එලෙසින්මයි

ඊයේ (ජනවාරි 18) දිනයේදී රැස් වුණු ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව සිය සහනශීලී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කළ බව  පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් සියයට 4.50 සිට සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යෑමට තීරණය කෙරුණු බව මහ බැංකුව සඳහන් කරයි.

දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණය එළඹුණු බව මහ බැංකුව පවසයි.

මේ අතර මහ බැංකුව මගින් මේ වසරේ පවත්වන පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය අද පෙරවරු 11.00 සිට සජීවීව විකාශය කිරීමටද මහ බැංකුව කටයුතු වොදා ඇතැයි පවසයි.

Visits: 176