ෆිච් රේටිංග්ස් මෙරට මූල්‍ය නොවන සමාගම් 7ක වර්ගීකරණය ආපසු හරවයි, 7ක ස්ථිර කරයි

ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන ෆිච් රේටිංග්ස් ආයතනය 2020 දෙසැම්බර් 22 වැනිදා වනවිට මෙරට මූල්‍ය නොවන සමාගම් 7ක වර්ගීකරණයන් වෙනස් කිරිමටත්, සමාගම් 7ක වර්ගීකරණයන් ස්ථිරවම පවත්වාගෙන යාමටත් කටයුතු යොදන බව පසුගියදා නිවේදනයක් මගින් සඳහන් කර තිබේ.

2020 නොවැම්බර් 27 වැනිදා පැවැති ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව වර්ගීකරණය  B- සිට CCC දක්වා පහත හෙළීමට අනුව මෙම නව වර්ගීකරණයන් වෙනස් කිරීම් සහ ස්ථිර කිරීම් සකස් කර ඇතැයිද එම ආයතනය සඳහන් කරයි.

ඒ අනුව වර්ගීකරණය ස්ථිර කර ඇති මූල්‍ය නොවන සමාගම්  යටතේ,

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ ජාතික දිගුකාලීන වර්ගීකරණය AAA(lka) ලෙස ස්ථිරව පවත්වාගෙන  යාමටත්, ඉදිරිදැක්ම ස්ථාවර බවත් ප්‍රකාශ කෙරී ඇත.

ඩිස්ටිලරීස් කම්පැන් ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සීහි ජාතික දිගුකාලීන වර්ගීකරණය AAA(lka) ලෙස ස්ථිරව පවත්වාගෙන  යාමටත්, ඉදිරිදැක්ම ස්ථාවර බවත් ප්‍රකාශ කෙරී ඇත.

මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගමේ ජාතික දිගුකාලීන වර්ගීකරණය AAA(lka) ලෙස ස්ථිරව පවත්වාගෙන  යාමටත්, ඉදිරිදැක්ම ස්ථාවර බවත් ප්‍රකාශ කෙරී ඇත.

හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ ජාතික දිගුකාලීන වර්ගීකරණය AAA(lka) ලෙස ස්ථිරව පවත්වාගෙන  යාමටත්, ඉදිරිදැක්ම ස්ථාවර බවත් ප්‍රකාශ කෙරී ඇත.

ලයන් බෘවරි (සිලෝන්) පීඑල්සී සාමගමේ ජාතික දිගුකාලීන වර්ගීකරණය AAA(lka) ලෙස ස්ථිරව පවත්වාගෙන  යාමටත්, ඉදිරිදැක්ම ස්ථාවර බවත් ප්‍රකාශ කෙරී ඇත.

ලක්දනවි ලිමිටඩ් සමාගමේ ජාතික දිගුකාලීන වර්ගීකරණය AA+(lka) ලෙස ස්ථිරව පවත්වාගෙන  යාමටත්, ඉදිරිදැක්ම ස්ථාවර බවත් ප්‍රකාශ කෙරී ඇත.

කොටගල ප්ලොන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ ජාතික දිගුකාලීන වර්ගීකරණය RD(lka) ලෙස ස්ථිරව පවත්වාගෙන  යාමටත් ප්‍රකාශ කෙරී ඇත.

එසේම වර්ගීකරණය ආපසු හරවා ඇති මූල්‍ය නොවන සමාගම් යටතේ,

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ ජාතික දිගුකාලීන වර්ගීකරණය A(lka) හි සිට AA+(lka) ලෙස ආපසු හැරවීමටත්, ඉදිරිදැක්ම ස්ථාවර බවත් ප්‍රකාශ කෙරී ඇත.

අබාන්ස් පීඑල්සී සමාගමේ ජාතික දිගුකාලීන වර්ගීකරණය BBB+(lka) හි සිට AA(lka) ලෙස ආපසු හැරවීමටත්, ඉදිරිදැක්ම ස්ථාවර බවත් ප්‍රකාශ කෙරී ඇත.

සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගමේ  ජාතික දිගුකාලීන වර්ගීකරණය BBB+(lka) හි සිට AA(lka) ලෙස ආපසු හැරවීමටත්, ඉදිරිදැක්ම ස්ථාවර බවත් ප්‍රකාශ කෙරී ඇත.

ඩීඑස්අයි සැම්සන් ගෘප් පෞද් සමාගමේ ජාතික දිගුකාලීන වර්ගීකරණය BBB(lka) හි සිට AA(lka) ලෙස ආපසු හැරවීමටත්, ඉදිරිදැක්ම ස්ථාවර බවත් ප්‍රකාශ කෙරී ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගමේ ජාතික දිගුකාලීන වර්ගීකරණය AA+(lka) හි සිට AA-(lka) ලෙස ආපසු හැරවීමටත්, ඉදිරිදැක්ම ස්ථාවර බවත් ප්‍රකාශ කෙරී ඇත.

ලංකා විදුලි බල මණ්ඩලයේ ජාතික දිගුකාලීන වර්ගීකරණය AA+(lka) හි සිට AA-(lka) ලෙස ආපසු හැරවීමටත්, ඉදිරිදැක්ම ස්ථාවර බවත් ප්‍රකාශ කෙරී ඇත.

සියෙරා කේබල්ස් පීඑල්සී සමාගමේ සමාගමේ ජාතික දිගුකාලීන වර්ගීකරණය BB(lka) හි සිට AA-(lka) ලෙස ආපසු හැරවීමටත්, ඉදිරිදැක්ම ස්ථාවර බවත් ප්‍රකාශ කෙරී ඇත.

Visits: 802